Saturday, March 29, 2014

පස් වල රතු !!! ??

එකෝමත් එක රටක රතුපස්වල කියල ගමක් තිබුණ.. ඒ ගමට වතුර ප්‍රස්නයක් වෙලා ඒ ගමේ මිනිස්සු වතුර ඉල්ලුවා... !! ඒ රටේ අය ඒ මිනිස්සුන්ට බොන්න වතුර වෙනුවට.. ගිලින්න වෙඩි දුන්නා.... !! ඒ එකෝමත් එක රටක - ගොඩක් ඉස්සර !!.




දහසක් නුවරු මහ පිරිසක් අත මැද
තිබහට වතුර ඉල්ලා උන් නගන ලද
හඩකට විරුද්ධව එසවුන බටයෙ කඳ
අල්ලන් හිටියෙ රණ විරුවද, පිදුම් ලද ?

එඩියක් නුඹට තියෙනවනම් යුධ භටය
නොපෙනෙද, වැනසෙනව සුන්දර මුතු ඇටය
එරෙහිව යමුද ? එක අණකට නුඹ යටය
අකිලට නෙවේ පතුරොම වැදුනේ මටය !!
--කුරුළු-


අකලට මිලින වුන අකිලට නිවන පතා
කලු කොඩි දැම්ම අය අවමය බොහොම ඉතා
රැක ගත යුතුය අපි ගවයා කියන සතා
කහ කොඩි දමමු - මේ ඉස්සර කියපු කතා

ගිනිගෙන දැවුන විට අර හිමි නමගෙ කය
කහ කොඩි දමන්නට කිවුවා බොහොම අය
දිය බිඳ නිසා අප අතරින් වෙන්ව ගිය
මිනිසුන් නිසා, නැගිටින්නට මොකද බය ?

ඔවුනට නොමැත මහ සම්පත් ඉසුරු යස
හයියට තිබුනෙ මිනිසත් කමෙ මිතුරු පස
“අසරණ කමට ඉල්ලුවෙ මහ මගට බැස
පපුවට උණ්ඩ නොව, බීමට වතුර මිස “
--කුරුළු--

එක පොඩි උන්ඩයෙන් අසරණ අකිල මලා
හිතලද තිබ්බේ ඌ මැරියන් කියල බලා
-
නාඩන් අයියෙ නාඩන් මා විහිලු කලා
එන්නද ගොහින් අණ දුන් බල්ලන්ට තලා
--කුරුළු--
 
වරදක් දුටු තැනදි නිවැරදි හඬම නගවු
වරදට හේතු , කවුරුද එය කලේ අසවු
හෙළයා නසනු දැක නිදියන දීන රිලවු
දැන්වත් නැගිට රැකුමට රට පෙරට යමවු.. !!
--කුරුළු--



3 comments:

  1. රතුපස්වල

    උඹල හැමෝටම ගොඩාක් පින්
    පන්සලක් පන්සලක් ගානෙ
    පැන්කල පුරවගෙන
    බෝධි පූජා කෙරූ අපේ
    පිපාසයට දුන් දිය පොඳට

    උඹල හැමෝටම ගොඩාක් පින්
    ගෙයක් ගෙයක් ගානෙ
    පහන් පත්තු කරල
    උඹලට ආශිර්වාද කෙරූ අපේ
    හිත්වලට දුන්නු ගින්දරට

    උඹල හැමෝටම ගොඩාක් පින්
    හන්දියක් හන්දියක් ගානෙ
    උඹලගෙ ජයග්‍රහණයට
    කිරිබත් කපල රතිඥ්ඥා දැමූ අපේ
    ඔළු පලල වෙඩි තියපු උන්ඩ වලට

    Sadeesha

    ReplyDelete