Monday, March 24, 2014

=== අරා සිරි යහන් - නිදා වැතිරෙමින් - සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින් ==සුරා මල් පැණින් පොගා යුග ලවන් - පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්==

අනුත්තරා නැති හතරවෙනි දවස

.
ඔයාට මතකද අනුත්තරා දවසක් ඔයා මගෙන් ඇහුවා...
‘ඔයාව මට කොච්චර වටිනවද කියලා‘
‘මටත් වඩා ඔයාව වටිනව මං කිව්ව..‘
‘ඇයි එච්චර මාව වටින්නේ.‘
අනේ මංද සමහර විට ඒ ආදරේ නිසා වෙන්න ඇති, ‘මං හැමදාම කිව්වේ මම ඔයාට  ආදරෙයි කියල...

එත් ඔයා හැමදාම කිව්වේ..
‘මට තනියෙන් ඉන්න ඉඩදෙන්න , මම තනියෙන් ඉන්නවා මුලු ජීවිත කාලෙම‘
‘ඔයාට පුලුවන්නම් මට මොකද බැරි .,මමත් ඉන්නම් එතකොටවත් ඔයා පිළිගනී නේද මම ඔයාට ඇත්තටම ආදරෙයි කියලා‘ මමත් කිවුව
‘ඔයා තනිවෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද?‘කියල මම ඇහුවට ඔයා කිව්වේ..
‘නැහැ‘ කියල
ඒ වුනාට මං ඉරේෂගෙන් ඇහුවහම ඔයා කලින් යාලු වෙලා හිටපු කෙනා ඔයාට කරදර කරනවා කියල.මම එවෙලෙම කොල් කරල ඒක ඇත්තද කියල ඇහුවම ඔයා පිළිගත්ත.ඔයාම ඒක මගෙන් හැංගුව නිසා එදා මට ටිකක් දුක හිතුනා...මොකද මම ආදරේ කරන කෙල්ලගේ අතීතයෙන් මට වැඩක් නෑ.මොකද එයාගේ වර්තමානයයි අනාගතයයි දෙකම මම හින්ද..
එයා ඔයාගේ පින්තූරයක් තාත්තට පෙන්නනවා කිව්වම ඔයාට මතකද.
    මම එන්න හැදුවේ ඒ ප්‍රශනේ විසදන්න ඔයා ඉඩ දුන්නේ නැහැනේ..
මතකද....
    මම ආදරේ ගැන හැම පාරම ඔයා මට කිව්වේ....මම ඔයාගේ නංගි...මම අයියට වගේ ඔයාට ආදරෙයි කියලා...
මම හිනා වුනා ඒ දුකට, ඒත් ඔයා මට එහෙම හරි ආදරෙයිනේ කියල හිත හදාගත්ත...
අනුත්තරා ඔයාට මතකද...අපේ ඔට්ටුව...අළුත් අවුරුදු ලබපු ජනවාරි පළවෙනිදා...
ඔයාමයි ඔට්ටුව දැම්මේ මතකද?...ඉස්සර වෙලා අලුත් අවුරුද්දට සුභ පතන කෙනා ඉල්ලන දේ අනික් කෙනා දෙන්න ඔනේ...
මම එදා මුලු රෑම පන්සලේ ඉදලා හරියටම එකොලහයි පනස් පහට මගේ ඔරලෝසුව වෙලාව විනාඩි පහක් ඉස්සරහට  කරකවල එස්.එම්.එස්. කලා..
‘dan dolahai suba aluth awuruddak weawa’’’!’
කියලා...ඒත් මැසේජ් එක ඩිලිවර්ඩ් වුනේ පහුවදා , ඔයා මට එවපු එක එවෙලෙම මට ලැබුනා...‘
මතකද
මම හරියට දොලහට කෝල් කලා...ඔයා කිව්ව බාප්පත් එක්ක නිලා පත්තු කරනවා කියලා...මම එතකොටත් පන්සලේ...දින්නේ මම කිව්වට ඔයා පිළිගත්තෙම නෑ..මට ඕන වුනේ ඔට්ටුව දිනල ඔයාගෙන් ආදරය ඉල්ල ගන්න .කොහෙද  , ඔයා කිව්ව නේ දින්නේ ඔයා කියල , ඉතිං මං කට වහ ගත්ත...
    ඔයා දිනපු එකට තෑග්ග ඉල්ලුවේ හුගක් දවස් පහු වෙලා මතකද...ජනවාරි 9 වෙනිද....එදා ඔයා මගෙන් ඇහුව..
Aiya dinna nam monawada oney
...කියලා..ඔයා එතකොට.,
Mata one adare
කියලා..ඔයා එතකොට,
“Ne..ne.. adare nethiwa wena deyak illanna..”
මම - “ne..epa mata oyagen one adare withrai..denna berinam wena deawal epa..”
“oyata monada one ottuwa dinnata?”
ඔයා - “Hari  ayiya mama illana one deyak denawada?”
මම - “denawa..mama illanna kalin dena kenek misak dunnata passey illana kenek nemei…illanna ona deyak.”
ඒක අදටත් ඇත්ත නංගි
“ මම ඉල්ලන්න කලින් දෙන කෙනෙක් මිසක් !
 දුන්නට පස්සේ ආයෙ ඉල්ලන කෙනෙක් නෙමේ.. !

ඉල්ලන්න ඕන දෙයක්.. !
=====

පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්
හද සන්තනේ සදා සරණා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
.
නියාලුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොය එමි සිතින්
.
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින්
සුරා මල් පැණින් පොගා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්
.
==== http://www.youtube.com/watch?v=ecqqEzxVgjM
---- කුරුළු ---

6 comments:

  1. විරහ දුක තුනී කරගන්න ඔබේ මේ ක්‍රමය ඉතාම සාර්ථකයි කුරුළු. ලෝකයේ අති ශ්‍රේෂ්ඨතම නිර්මාණයන් බිහිවුනෙත් වේදනාව තුලින්.

    "ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති"

    ReplyDelete
  2. විරහ දුක මට පුරුදු හින්දද ?
    වෙනත් හිතකට ආල බැන්දද ?

    ReplyDelete
  3. සිංදුවට නම් කැමති ..
    ජයවේවා!!!!!

    ReplyDelete
  4. “ මම ඉල්ලන්න කලින් දෙන කෙනෙක් මිසක් !
    දුන්නට පස්සේ ආයෙ ඉල්ලන කෙනෙක් නෙමේ.. !
    ඉල්ලන්න ඕන දෙයක්.. !
    .
    .
    .
    සා........ මයේ උපන්දිනෙත් ලඟම එනවා ;)

    ReplyDelete
    Replies
    1. නැ නැ ඒ දේවල් ගැන නෙවේ ගැන කියන්නෙ

      Delete