Thursday, March 20, 2014

===== මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම් ===== හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්.. =====



අනුත්තරා නැති පළවෙනි දවස ..........



ඔයාට මතකද මම ඇක්සිඩන්ට් වුන දවස..
යූත් එකේ ඔක්කොම එක්ක ඔයා ආව මාව බලන්න... එදා මගේ ජිවිතේ ගැන දොස්තරලටත් විශ්වාසයක් තිබුනේ නෑ..
මතකද.... අනික් ළමයි ටික යනකං ඉදල මම ඔයාගේ අතින් අල්ලල මගේ ඇදෙන් වාඩිකර ගත්ත... ඒ ඔයාගෙන් ඈත්වෙලා හිටපු නිසා ලැබුණේ නැති උණුසුම ආදරය ආපහු මතක් කරගන්න...එවෙලෙ මං හරියට බයවෙලයි හිටියෙ...මම කවදාවත් කැමති වුනේ නෑ ඔයාට දුකක් දෙන්න.ඔයාට මතකද මම ඔයාගේ ඔලුව අතගාන ගමන් කියපුව...
‘අනුත්තරා ඔයා දන්නවනේ මේ ඔපරේෂන් එක සාර්ථක වුනොත් විතරයි මම ජිවත් වෙන්නේ...නැත්තං නෑ.. සමහර විට මගෙ එක පැත්තක පණ නැතුව යයි කියල ඩොක්ටර්ස්ලා කියනවා..‘
‘මට ඔයාට කියන්න දෙයක් තියනවා අනුත්තරා..‘
‘කියන්න ඉතිං.... නැත්නම් මං ගියහම හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව‘
‘අනුත්තරා බැරිවෙලා හරි දොස්තරවරු කියන විදියට මගේ පැත්තක් පණ නැතිවුනොත් ඔයා මොකද කරන්නේ.‘
‘මොනවා කරන්නද ඉතිං හිටිය වගේම එයත් එක්ක ඉන්නවා..ඇයි හිතුනද ඔයාව දාලා යයි කියලා.මේ කෙල්ල එහෙම නැ අයියේ..මට පුලුවං විදියට මම ඔයාව බලා ගන්නම්...‘
‘එපා අනුත්තරා මම එයා ඔහොම කියයිකියලා දැනගෙනමයි ඇහුවේ..එපා ..බැරි වෙලා හරි දොස්තරල කිව්ව දේ වුනොත් ඔයා ගෙදරින් ආව යොජනාවට කැමති වෙන්න..‘
‘අනේ අයියා ප්ලීස් ඕක නවත්තන්න....මාව අඩවන්නද හදන්නේ?
‘නෑ අනුත්තරා මං ඔයාට එන්න කිව්වේ මේක කියන්නමයි .සමහර විට මං මැරුණොත්...‘
‘එපා මං යනවා යන්න මෙතනින් ඔයා හරි නරකයි අයියා..‘
අඩාගෙන යන්න හදපු එයාව ආපහු ඇදලා ගත්තා ඔයාට මතකද...
බැරිවෙලා හරි මට මොනවා හරි වුනොත් මම කියපු විදිහට කරන්න මම දැන්ම ඔහොම කිව්වේ මට සමහර විට ආයෙ අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙයි.. මං කැමති නෑ අනුත්තරා ඔයා පණ නැති මිනිහෙක් බැදලා ජිවිතේ කාලකණ්නි කරගන්නවට.මං කැමති ඔයා සතුටෙන් ඉන්නවා දකින්නයි..මට හැමදාම ඔන වුනේ ඒක..මට පොරොන්දු වෙන්න මට මොනවා හරි වුනොත් ඔයා ගෙදරින් ගේන යොජනාවට කැමති වෙනවා කියලා..‘
‘අයියා එයා දුකින් ඉන්න කොට කොහොමද මම සතුටින් ඉන්නේ..අපි දෙන්නම සතුටින් ඉමු..හරි අයියා ඉස්සෙල්ල බලමුකො ඔපරේෂන් එකට මොකද වෙන්නේ කියලා.මට දුකයි ඔන්න අද ඔයා මාව  ඇඩෙව්වා...‘
එහෙම කියාගෙන ඔයා චුටි නංගි ගාවට ගිහින් හොදටෝම අඩනවා මං බලාගෙනයි අනුත්තරා..මට සමාවෙන්න ඒ වෙලාවේ මට කරන්න වෙන දෙයක් තිබුනේ නෑ මම එදාඑහෙම කිව්වෙ ඔයාට ආදරේ නිසා..!
මගේ ඔපරේෂන් එක සාර්ථක වෙලා මං ගෙදර ආව දවසේ වැඩියෙන්ම සතුටු වුනෙත් ඔයා කියල මම දන්නව මට ආයෙ වැඩකරන්න  පුලුවං වෙච්ච එකෙන් මං සතුටු වුනා..ඒ මොකද මම හිතාගෙන හිටියේ ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඔයාලගෙ ගෙදර එන්න...
            මට එහෙම ආදරෙන් හිටිය ඔයා කෙහොමද එහෙම එකපාරටම වෙනස් වුනේ..? එදා ඔය චුටි නංගිත් එක්ක ඇවිත් ඔයාගේ වෙඩින් කාඩ් එක මගෙ අතට දෙනකොට ඔයාට දුක හිතුනේ නැද්ද..?

“ මම ගලක් කියලද හිතුවෙ.එහෙම නැත්නම් ඔයා ගලක් වෙලාද ? ....අනුත්තරා.....
එහෙම නැතිනම් වටේ ඉන්න අයගෙ අත්වල තියෙන ගල් වලට බයෙන් ද ඔයා එහෙම කලේ !!
මට මේක හීනයක්  වගේ...සතියකින් ඔයාගේ වෙඩින් එක තිබුනා..ඒ කියන්නේ ඔයා බදිනවා ඔයාගෙම ආදරේ අයියව නැතුව වෙන කෙනෙක්ව...මට පිස්සු හැදෙයි අනුත්තරා ....මට ඔයත් එක්ක කතා කරන්න එකම එක අවස්තාවක් ලැබුනා නම්....
ගතින් ලෙඩ වුණාම ඕන තරම් මිනිස්සු අපි වටේ ඉන්නව.. බෙහෙත් කරනව.. අපිව බලාගන්නව .. අනුත්තරා.. ඒත් අපේ හිත ලෙඩ වුණාම !!!!
ඒක කවුරුත් දන්නෙත් නෑ.. ඒක සුව කරනන් බේතුත් නෑ.... !!!!

මට මතක් වුනේ මගේ සහෝදර තිලිණ ප්‍රියාලාල් ලියපු කවියක් !

එකට ඇවිලුණු
එකම ගින්දර,
හීන් නූලෙන්
අපට ලංවෙති. .

මගේ ඉරණම
අසා ඵල නැත,
සබඳ ඇය නම්
මල් වෙඩිල්ලකි. 


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගලෑ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...
.
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
.
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිලිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්..
====== 

--- කුරුළු ---

10 comments:

  1. හ්ම්..ඒකත් එහෙමද. තනි අතින් කොහොම අත්පුඩි ගහන්නද. මොනා කියන්නද කියල හිතාගන්න බෑ මචෝ..

    ReplyDelete
  2. //අඩාගෙන යන්න හදපු එයාව ආපහු ඇදලා ගත්තා ඔයාට මතකද...//
    තුන්වෙනි පාර්ෂවයකට කථාව කියනවාද කියලා හිතුනා ප්‍රින්ටිංන්ග් ම්ස්ටේක් එකක් වගේ :D

    ReplyDelete
    Replies
    1. ප්රින්ටින්ග් මිස්ටේක් - සමාවන සේක්වා

      Delete
  3. එයා සහ ඔයා කතාව පුරාම පටලැවිලා ද කියලා කතාව කියවද්දි හිතුණා

    ReplyDelete
  4. මේක කියවනකොට මට මතක් උනා මගේ යාලුවෙක් ව. ඒ කතාවත් ටිකක් මේ වගේ.....
    ලියලා තියෙන විදිහ හිතට දැනෙනවා අයියේ

    ReplyDelete
  5. "මට එහෙම ආදරෙන් හිටිය ඔයා කෙහොමද එහෙම එකපාරටම වෙනස් වුනේ..?" ඇත්තටම ඇයි අයියා??

    ReplyDelete