Monday, March 31, 2014

=== නුඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා === මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.. ===


.
- සුභ උපන් දිනයක් අයියා..!!
+ ආහ් තැන්කියු තැන්කියු.. මොකො ලේට්.....
- හිකිස් අපි එහෙම තමයි අලිද ! පාන්දර 12 ඉඳන් කෙල්ලොන් විෂ් කරන්න ඇතිනෙ නේද .. හෝගාල... මැසේජ් කීයක් එවුවද දන්‍ෙනෙ නැ මෙයාට...
+ ඔවු එවුව තමා ඇයි..
- ඒක‍නේ මේ නංගි එ වොලවට විෂ් කරන්නෙ නෑනෙ..
+ ඒ මොකෝ...
- ඇයි අනේ ඔයා ඉපදුනෙ ඒ වොලවට යැ.. එය හැමෝම එක එක වෙලාවට විෂ් කලත් මමයි හැමදාම ඔයා ඉපදුන වෙලාවට හරියටම විෂ් එක දෙන්නෙ... දැන් වෙලාව හරි නේද..?
+ හ්ම් හරි 11යි 55යි
- හරියට හරි එහෙනම්.. මගේ සුදු ආදර අයියට සුභම සුභ උපන් දිනයක්...
හ්ම හරි...
- මොකෝ බස්සො... හුම් හුම් ගාන්නෙ හිනා වෙලා ඉන්නවකො.. මේ ඒක නෙවේ.. ඔයා උපදින්න තිබුන‍ෙ තව විනාඩි 6ක් පරක්කු වෙලා..
+ඒ ඇයි
- නැ ඉතින් දැන් බලන්න අපිට දවස් දෙකක් ඔයාගෙ උපන්දින දෙකම සමරන්න වෙනවනෙ
+හේතුව
- හේතුව ඉතින් අප්‍රේල් පලවෙනිද මොඩයගෙ දවසනෙ ඒකත් සමර්න්න එපැයි..
+අනේ මේ මගෙන් අහගන්න තමා ඉතින්...
- ඒ මේ.. එක අතකට වෙනසකුත වෙලා නැ නේද විනාඩි පහක් ලෙට් වුනා කියල...
+ අඩේ...මේ......
- හික්ස්.. හු හු හු...ආදරෙයි ඈ.. පිස්සට.. අහ් නැ මෝඩයට..
+ ඉතින් කෝ මට දැන් තෑගි !!
-ආ.. මෙන්න වැඩක්.. තෑගි ! තෑගි දෙන්න අපිට පාටි දෙන්න..
+ මොන පාටිද අනේ අතේ සතේ නැතිව..
- හපෝ ඇහුවොත් ැවඩ මට කතා කරන්නවත් මාව බලන්න එන්න වත් වෙලාවක් නැ.. එත් සල්ලිත් නෑ..කෝ අනේ සල්ලි බහිරවය ගිලිනවද ??
+යකෝ මේ...කී... බැඳල වගේනෙ කතාව.. බැන්දම බේරෙන්න වෙන්නෙ නැ..
- හික්ස්..ඒව බෑ.. ඔය වොල් එකේ දාල එක එක අයව සේප් කලාට අපිව බෑ හලී.. අපි වසයි ඈ... පාටි දීපියෝ...
+ හ්ම හරි හරි දෙන්නම් දෙන්නම්....
- මේ මම පොඩි තැග්ගකුත් ගත්ත කවදද එන්නෙ ඒක ගන්න...
+ බලමු මේ ටිකේ වැඩ මම ඉක්මනට එන්නම්...
-ඔන්න ඔන්න මල්ල මේ රොන්ග් ටෝක දෙන්න එපා කෙල්ලට හරී.. දන්නවනේ මම කවුද කියල....
+ අනේ සොරි සොරි මම බයයි හොදේ.. ඉක්මනට එන්නම්...
- ආන් එහෙම එන්න.. අපෝ දැන ්මම නිදියන්න ඕන.. හෙට මටත් වැඩ අයියා.. බුදු සරණයි..
+ බුදු සරණයි මගෙ සුදු නංගි......
හ්ම් ...........................................
මේ ඉස්සරය ... ඉස්සර යනු මෑත අතීතයේ නොව ඈත අතීතයි.. ඇයත් මාත් එක්ව හුන් අතීතතයි.. ඒ සෑම වසරකම උපන් දිනයට ඈ සුබපතන්නි හරියටම 11.55ටය ඒ මා උපන් වෙලාවටය...
මෙවරද දහසකට අධික පිරිසක් මා වෙත සුබ පැතුම් පනිවුඩ එවූහ..
ඒත් ඇය නැත...
---- ළග දෙනෝ දහක් හිටියත් මට තනිකමක් දැනේවි ---
අමරසිරි පීරිස් මහතා ගයන්නෙ මෙය විය යුතු ම ය... හිත මහ පුදුම තැනකි...
නුඹේ සුභ පැතුම පමණක් නොව නුඹ නැතිව අද දිනයේ හිස් බවකි... නුඹ නොමැති කම මින් කවර දාකටත් වඩා අද මට දැනුනි...
මා ඉපැදී ඇත්තෙ අමාවක පොහෝ දිනකය... ඒ මෙලොව එලිය කරන්නට සඳ නැති අඩුව මකන්නට යැයි මෙතෙක් සිතා උන්නෙමි..
මා වැරදිය...
ඒ අමාවක වන්නෙ මට උරුම කලුවරම පමණක් නිසා වෙනි...
අදත් මම රැය විඳිමි......
සමහර විට ඉක්මනට එලිවෙනවා නම් හොඳ යැයි සිතුනු දවස් තිබුණි..!
තවත් සමහර දිනට පසු දින පහන් නොවේවායිද පැතු‍වෙමි !
අදද එවැන්නකි.. හෙට පහන් වන තුරු නුඹ වම සිහි කරමි.... දෙනෙත් පියාගත්තද පෙනෙන්නේ නුඹවමය..... ඉදින් දෙනෙත අයා සිටීම වටනේය....
.
-- සිටිනා කොදෙවුවක නුඹ සැප විඳීනම්
මවෙතින් ලැබුන ආදරයක් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල් පනවන්..---
.
දෑස පියා ගනිමි...! ...හෙට එලි වන තුරු ආයුබෝවන් නුඹට...
හැමදාමත් කියනවා වගේ... ආදරෙන් ඉන්න....
============
එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..
.
දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිනි දුක් පැණි රසයි හිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
.
අනාගත වාලුකා අතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..
-- සෝමතිලක ජයමහා මහතා --
==========

http://www.youtube.com/watch?v=gAkLpGoUcyw
---කුරුළු---

11 comments:

  1. මා ඉපැදී ඇත්තෙ අමාවක පොහෝ දිනකය... ඒ මෙලොව එලිය කරන්නට සඳ නැති අඩුව මකන්නට යැයි මෙතෙක් සිතා උන්නෙමි..
    මා වැරදිය...
    ඒ අමාවක වන්නෙ මට උරුම කලුවරම පමණක් නිසා වෙනි...
    අදත් මම රැය විඳිමි......
    සමහර විට ඉක්මනට එලිවෙනවා නම් හොඳ යැයි සිතුනු දවස් තිබුණි..!
    තවත් සමහර දිනට පසු දින පහන් නොවේවායිද පැතු‍වෙමි !
    අදද එවැන්නකි.. හෙට පහන් වන තුරු නුඹ වම සිහි කරමි.... දෙනෙත් පියාගත්තද පෙනෙන්නේ නුඹවමය..... ඉදින් දෙනෙත අයා සිටීම වටනේය.... ///////

    ඔන්න ඔය ටිකෙන් සම්පූර්ණ කතාවම එනව බං... පට්ටයි...
    මං අර සිංදුව අහල නෑ බාගෙන බලන්න ඕන

    ReplyDelete
  2. ---- ළග දෙනෝ දහක් හිටියත් මට තනිකමක් දැනේවි ---

    ReplyDelete
  3. මීට කලින වතාවක් දෙකක් ගීතය අහල තියෙනවා. මතකයෙන් ගිලිහෙමින් පැවති ගීයක් නැවත හදවතට ලං කලාට පින් නුඹට..

    ReplyDelete
    Replies
    1. ස්තුතයි කියවලා අදහසක් පල කිරීම ගැන - නුඹට

      Delete
  4. එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියෙනවා
    නුඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

    හරිම ලස්සන සින්දුවක්..

    ReplyDelete
  5. ම්ම් ඔයා ගේ උපන් දිනේ දවසේ මං ඉස්සෙල්ලාම ඔයාට බත් කවපු දවස ..උදේ හවස කම්බුල ඉබලා මිනිස්සුන්ට gd morning,gd night කියන රටක ඔයා ගේ කම්බුල ඉබලා සුබ පතන්න ලැජ්ජ උන තරමක් මං...ඒ ආදරේ වැඩි කමට සුදු අයියේ

    ReplyDelete