Thursday, April 10, 2014

====තාරකා මල් පිපි හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ==== පා නගා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ..===




.
-හෙලෝ අයියෙ..
+ ඇයි !
- මොකො අනේ ගහගන්න වගේ !
+ නැ නැ කියන්න මම වැඩ..
- අයිය අවුරුද්දය ෂොපින් කලේ නැත්ද !
+අනේ නැ අප්ප හෙන සෙනගනෙ මොන ෂොපින්ද !
- අයියො පිස්සුනෙ.. සෙනග නැ ..
+ නෑ .. වෙන්න බෑනෙ.. හරි දැන් ඔයා ගත්තද.. අද ගි‍යානෙ..
- නෑ අප්ප මට හරියන ඒව තිබුනෙ නෑ..
+ මොකක් ! ඔච්චර ඇඳුම් තිබිලත් හරියන එකක් වත් තිබුනෙ නැත්ද ?
- නෑනෙ බලන්නෙකො නේද ඒකෙත් වැඩේ හැටි.. ! නැ අප්පප ඒක මෙහෙමයි.. මම සල්ලි අතේ තියන් එහෙ මෙහෙ ඇඳුම් ගන්නට ඇවිදිනකොට .. අනේ ඒ කඩවල් වල මට ගන්න ලස්සන ඇඳුම් නෑ.. හැබැයි මට සල්ලි නැති වෙලාවට මම පාරෙ යනකොට ලස්සන ඇඳුම් ඕන තරම්.. හරි අසාධරණයි නේ අයිය‍ෙ..!
+ හැ හැ හැ හැ ඔවු ඔවු ඕක සුලබ ලෙඩක්නෙ.. අපේ අම්මිටත් තියෙනව.. ඔකෙ තව කොටසක් තියෙනව ඒක ඔයාට තාම නැතිව ඇති එච්චර උත්සන්න නැතිව ඇති !
- ඒ මොක්කද..
+ ඇයි ඇඳුමක් ගෙනල්ල .. ආයෙ මාරු කරන්න ගෙනියන එක.. ඒක ගන්නෙත් දහ පාරක් විතර හිතල දෙපාරක් විතර ඇඳල ඇඳල ඒත් ගෙදර ගෙනාවම ඒක හරි නෑ.. ඉතින් දවස් හතක් ඇතුලත ආයෙ යන්නෝන මාරු කරන්න...
- ආ ඒක මටත් තියෙනවනේ...
+ ආහ් එක්ත තියෙනවද .. එහෙනම් හරියට හරි.... ඉතින් එකක්වත් ග්තතෙ නැද්ද ඔච්චර ඇවිදල..
- ම්..... දෙක තුනක් ගත්ත...
+ අහ් දෙක තුනයිද...
- ඉන්නකො කියන්න.. ඔයා ආස විදිහෙ ගවුමක් තිබුන ඒක ගත්ත.. ම්.. සෝක් ටී එකක් තිබුන රොස පාට ලොකු පැන්ඩෙක් අලවල අර ඔයාගෙ කාඩ් එකේ වගේ මම ඒකත් ගත්ත..
+ තව..?
- තව..... තව ගත්ත ෂෝටක්.. එහෙ මෙහෙ අදින්න .. ආහ් ත්‍රික්වාටර් එකකුත් ගත්ත වෙස්ක එකට මේ ලගට දන්සැල් යන්න අදින්න.. ලාබෙට ඩෙනිම් දාල තිුබන සේල ්එකක් ඒකෙන් දෙක්ක ගත්ත.. නිල් එකයි කලු එකයි..
+ තව ...
- තව ... තව මුකුත් නෑ අනේ.. ආ නැ නැ... තව ඩිංගෙන් අමතක වෙනව.. අවුරුද්ද සුද අදින්න ඕන නිසා.. මම ගත්ත ලස්සන සුදු බ්ලවුස් එකයි සායයි... අර අත්දිග ෂර්ට් වගේබ්ලවුස් වගේ එකකුත් ගත්ත මම හොය හොය හිටියෙ අන්න ඒකක්..
+ යකෝ මේක .. ලොරියක් අරන්නෙ.. දැන් ඉස්සෙල්ල කිවුව නේද ගන්න මුකුත් නැ කියල..
- අනේ නැ වැඩිය ගත්තෙ නෑ එච්චරයි ඔය ටික විතරයි..
+ ටික.. බුදු අම්මෝ මේ උඹ මාව බදින්නෙපා නංගියෙ.. මට තව ජොබ් දෙකක් වත් කරන්න වෙයි.. අනික මේ වගේ තව දෙක්ක හිටියොත් සේල් ඩබල් කරන්න වෙනව...
- අනේ නෑ අනේ බනි්නනෙපා ... මට ඕන එව නෙවේ ගත්තෙ.. ඒ ටික ගන්න අවුරදු පහු වෙලා යනව..
+පවු අප්ප අර මනුස්සය...
- කවුද..
+ තාත්ත.... ඔයාගෙ...
- මේ එව වැඩක් නැ බිඑම් අයි සි එච් එකේ තිබුන අයිය අදින ජාතියෙ ලස්සන ෂර්ට්.. මම එක්ක අරගන්ත් හදල ග්තතෙ නැ අයිය ගිහින් බලන්න...
+ හ්ම් ගිහින් බලන්නම් තව කල් තියෙනවනෙ...
- කල් තියෙනව..  පිස්සුද ඉරිද අවුරුදු....
+ මොන... ? මේ ඉරිද ???
- ඔවු මේ ඉරිද තමා...
+ මම හිතුවෙ ලබන සතියෙ කියලනෙ..
- අනේද කිය්නනෙ මෙහෙමත් මිනිස්සු.. මේ මම ඔයාව බදින එක කෙසේ වෙතත් ඔයා මාව බදින්නෙපා.. හනේ මේ හොදට ඉන්න කෙල්ලට යන කල දසාව මොකක්ද එත‍ෙකොට..
+ හරි හරි ඇඩියාව නවත්තල තියන්ඩ ෆොන් එක.. මාත් දුවනව මේක ඉවර කරල ෂොපින්..
-හරී... ටටා... කොහෙ ගියත් කමක් නෑ කාල යන්න හොදද කුලුල්ලො..
+ හරි නංගි බුදු සරණයි - ආදරෙන් ඉන්න..
- බුදුසරණයි.. !!
===============
තාරකා මල් පිපි හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ
පා නගා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ..
.
හිරු සඳුට හා ලොවට රහසින් සදා ගමු අපෙ පුංචි ලෝකය
දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය
.
ඔබේ දෙනයන කැලුම් ඇත මට එලිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවනින් නිවී සනහේ මගේ විජිතය.
.
.-- සුනිල් එදිරිසංහ මහතා සහ මාලනී බුලත්සිංහල මිය

http://www.youtube.com/watch?v=Q3V8LRLtlFM
==== ======
--කුරුළු--

4 comments: