Thursday, March 20, 2014

=== එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට ====අදයි අවසන් දවස ======ඇගෙන් මා - මගෙන් ඈ සමුගන්න.======



*** අනුත්තරා දකින අන්තිම දවස ****
.
මේ අනුත්තරා පිස්සුද ? ..අර සමීරත් බලං ඉන්නවා..මිනිස්සුත් බලං ඉන්නවා....මොනවද වෙලා තියෙන්නේ...ඇයි දරුවො මේ අඩන්නෙ ... ඔයා දැන් මගේ නොවෙයි..මං දැං ඔයාට ආදරේ නෑනේ..යන්න සමීර ලගට..‘
අනුත්තරා... හිස එසැවීය...!
‘ඒක ආපහු කියන්න අයියා...ආපහු කියන්න...ඔයා මට ආදරේ නෑ කියලා කියන්න...‘
එවර මගේ ඇස් මට චපල විය.කොහේ දෝ ඉතිරිව සැගවි තිබුණු කදුළු කැට දෙක තුනක් මගේ අවසරයක් නැතිවම ඇස් දෙකින් පිටව අනුත්තරාගේ මුහුණට වැටිණ..
‘මට බෑ අනුත්තරා මට බෑ බොරු කියන්න..ඒ වුනාට අනුත්තරා ඔයා නීතියෙන් මගේ නෙමේ ...සමීර මචං මේ අනුත්තරාව ගේ ඇතුලට එක්ක පලයං...මචං‘
පිරිමියෙක් විදිහට සමීරත් මේ වෙලේහි අසරණව සිටිනු මම දුටුමි.. එහෙත් මට කල හැක්කක් නැත. ඉතිරිව ඇත්තේ එතැනින් ඉවත්ව යෑම පමණි.
ඒද දැන් සුදුසු නැත...
‘අනේ අයියා..මං ඔයාට ආදරෙයි මම ඔයාගේ නපුරි නෙමෙයිද?..‘
‘මම දන්නවා අනුත්තරා..ඒත් ඒ අතීතය..වර්තමානය වෙනස් ඒක ඔයාට හිතන්න තිබුනේ කලින් දැන් පරක්කු වැඩියි..ඔයාට සුභ අනාගතයක්..‘
සමීර පැමිණ අනුත්තරාව ගේ අතුලට රැගෙන යද්දී මට තවත් එතැන රැදී සිටීමට නොහැකි විය..‘
‘මචං එහෙනං ඔක්කොමට කියන්නේ ...එදාට  ඔක්කොම එන්න ඕන..මට තවත් මෙතන ඉන්න බෑ මං යනවා..වෙනද මං කිව්වේ ගිහින් එන්නම් කියලා ඒත් අද මං ගියහම ආයේ එන්නේ නෑ..මං යනවා...මං යනවා..‘
අනේ දැහැමි අපි ඒක හිතලා කිව්වේ නෑ...අපි දන්නවා උඹ...‘
‘නෑ කමක් නෑ ..මං බලන් ඉන්නම්..මං යනවා..හැමෝම හිනා වෙලා ඉන්න ඔනේ ඉස්සර වගේ තේරුණාද ..එහෙනම් දැහැමි යනවා.. !
    එතැනට සමුදුන් මම නැවත වරක් අනුත්තරාගේ චුටි නංගි, ලොකු නංගි, දිනේෂ් මල්ලී, ලොකු නැන්දා, අමන්දා , අමන්දාගේ අම්මා මුන ගැසි ඔවුන්ටත් සමු දුන්නෙමි.මම ඔවුන්ට ආරාධනා පත් දෙන විට ඒ මගේ වෙඩින් කාඩ් යැයි සිතා දෝ සිනාවී භාරගත්හ.එහෙත් ඒ ආරාධනා පත වූයේ මාගේ සමුගැනීමේ සටහනයි !
ගෙදර ගේට්ටුව ළගට විත් හැරී බලා අත වැනීමට සැරසුනු මට ..චූටි නංගි ලියුම් කවරයෙන් කාඩ් එක ලෙන කියවා එතනම ඉද හඩනු මට පෙණුනි.එසවු අත වනාගත නොහැකිව යලි බිම දැමුවෙමු....අවුරුදු ගණනක් මා සමග සිට මා ආදරය කල අනුත්තරාගේ ලෝකයෙන් එලියට පලමු පියවර තබා නිවස බලා ඒමට පිටත් විමි...
    දැහැමිට තව ඉතිරිව ඇත්තේ ස්වල්ප දින ගණනකි....මාර්තු 31 පසු දැහැමිගේ චරිතය අවසන් වනු ඇත.වෙනත් නමක් වෙනත් ස්වරූපයක් ලැබේ.මා හට ඇති මේ දින කීපය තුල සියල්ල අමතක කළ හැකි වුවත් සියල්ලන්ම අමතක කළ නොහැක.
ඒ අනුත්තරාය...
මගේම අනුත්තරාය...මක් නිසාද යත් මම අනුත්තරාම වන බැවිනි..,කෙසේ හෝ ඇයට සමුදිය යුතුව ඇත.ඒ සදහා අප දෙදෙන තනිවූ තැන්, කතා කල තැන්, ඇවිද ගිය තැන්, වලට නැවත තනිවම යායුතු යැයි සිතේ. එවිට මා තනි බව මා සතුව ඇති පාළුව මට කියනු ඇත.ඒ ගමන හෙටම අරඹන්නෙමි.
    මුලින්ම විහාරමහා දේවී උද්‍යානය, ජාතික තරුණ සේවා සභාව, කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාව, ගාලු මුවදොර පිටිය, දෙහිවල සත්තු වත්ත, බියගම වෝටර් වර්ල්ඩ්, සෑම තැනකටම යා යුතුය.මා තනි බව මටම දැනෙන්නට හැරිය යුතුය.කෙසේ හෝ ඉදිරි දින හත තුල අනුත්තරාව අමතක කළ යුතුව ඇත...එය මට කළ හැකිද?...
ලෝකයේ කවදා හෝ පිරිමින්ටත් ආදරය කළ හැකි බව පිළිගනු ඇත.එදාට මගේ ආදරයට සාධාරණයක් ලැබෙනු ඇත..
එතුවක් දැහැමිලා නැවත බිහි නොවේවායි පතන්නෙමි..

මා අනුත්තරාට ආදරය කිරීමට සිතත්දී මෙතරම් දුරට නොසිතුවෙමි.. ඇත්ත..
“ ජීවිතේ කියල කියන්නෙ ආදරේ විතරක්ම නෙවේ වුණාට ...
ආදරේ කියල කිය්නනෙ මුළු ජීවිතේම. “
මා ආස කරන, නිතරම මුමුණන, ආරාධනා පත්‍රයේ ද මු ණය කළ කවිය මෙවෙලෙහිද සිතව නැගේ...
බටහිර අහසට රතු සිත්තම්     මැකුණාවේ
දෙනෙපත හඩන හිරියා මල්     පිපුනාවේ
මා ආදරය දුටු බව නොම     හැගුනාවේ
මා නැති කලෙක උන් සුවදක්     දැනුනාවේ
==================
එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා - මගෙන් ඈ සමුගන්න.......
.
සැදෑ තරු නොදිලෙන්න සරාසඳ නොනගින්න
වෙලී යුගඳුරු සතර අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී .....මිදී නැවතී ඉන්න...
.
ලිය මඩලු තුරු සිරස එපා මල් පළදින්න
වසන්තය නිමාවිය කොවුලනේ ගොලු වන්න
සොබාදම් නෑ සියනි සැලී..... සැලී කම්පා වන්න... !

http://www.youtube.com/watch?v=VIl9CJSQCPM
=====
----කුරුළු ---

7 comments:

  1. කතාවක් පමණක්ම වේවා... මෙය සැබෑ අත්දැකීමක් නොවේවා. කවදාවත් ඉටු නොවුනත් මං හැම වෙලාවෙම මෙන්න මේ විදියෙ ප්‍රාර්ථනාවක් කරනවා. සැබැවින්ම එකිනෙකාට ආදරය කරන සෙනෙහෙබර හදවත් වලට කිසිදු දිනෙක විරහ වේදනා නොමදැනේවා...!

    ReplyDelete
    Replies
    1. මචං කුරුළු, ඔයවගේ අවස්ථාවක මගේ මතයනම් මෙහෙමයි. දෙන්න අතර කිසි ප්‍රශ්නයක් නැත්නම්, ප්‍රශ්නෙ තියෙන්නෙ තුන්වෙන පාර්ශවයක් නිසානම්, ඒ තුන්වෙනි පාර්ශවේ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්, නැත්නම් දෙමව්පියො උනත්, වෙන කවුරු උනත් ඒ පාර්ශවේට බම්බු ගහගන්න කියල මං ත්නි තීරණයක් ගන්නව. අම්මලාගෙ හිත් රිදවන්න බැරි නිසා.... අම්මලා වෙනුවෙන්... ඔය ආදී බ්ලා..බ්ලා... සේරම මහ බොලඳ කතා. මොකද බඳින්නෙ උන් දෙන්න. ජීවත් වෙන්නෙත් උන්දෙන්න. අර හේතු මත වෙන් උනා කියල කාටවත් සෙතක් නෑ. තුන්වෙනි පාර්ශවේ වැඩිම උනොත් අවුරුදු 10ක් පසුතැවෙයි.නමුත් වෙන්වෙලා යන දෙන්නට ජීවිතකාලෙම පසුතැවෙන්නයි. ඊට අමතරව මේ හේතුවෙන් වෙන්වෙන දෙන්න ජීවිතේ අවුල් කරගත්තොත් අර තුන්වෙනි පාර්ශවෙත් ජීවිත කාලෙම පසුතැවෙනවා. ඒ නිසා හොඳම දේ තම දෙන්න තනි තීරණයක් ගන්නෙක.

      අත්දැකීමෙන් කියන්නෙ හොඳේ..

      Delete
    2. හ්ම්.. අත්දැකීම තියෙන්න බම්බු ගහපු පැත්තටද නැතින්ං දෙමවුපියන්ට ඉඩදීපු පැත්තටද ?

      Delete
    3. ඔය කොයි පාර්ශවේවත් දැන් අවුලක් නෑ බං. මුලින් මට තරම් ප්‍රශ්න කාටවත් නැතිව ඇති කියල දැනුනෙ. ඒත් අන්තිමේදි අපි දෙන්න දැඩි තීරණේක හිටපු නිසත්, කාලය හැම ප්‍රශ්නෙම විසඳනව කියන දැඩි විශ්වාසය නිසත් අපිට දැන් හැමෝගෙම ආශිර්වාදය ලැබිල තියෙනවා...

      Delete