Tuesday, May 13, 2014

ආදරයේ කෝඩු කාරයෝ...


+ හලෝ හලෝ නංගි
- කියන්න අයියෙ ඇයි මොකෝ හදිසියෙ
+ නැ හදිසියක් නැ...
- නැතිවෙන්න බෑ හොරා කියනව බලන්න මොකෝ
+ ඔයා මොකෝ කරන්නෙ
- මම මේ කූඩු වක් හැදුව අනේ
+ මොකක්.. කාත් එක්කද ?
- අම්මයි අප්පච්චියි එක්ක ඇයි ?
+ ආ මං බැලුව යකෝ මගෙත් එක්ක නැතිව වෙන කාත් එක්කද හැදුවෙ කියල
- ආහ් ඔයා දන්නෙ නැනේ මේ ඉන්ටනෙට් එකේ එක්කෙනෙක් දාලලුනෙ කුඩු හදන හැටි.. මම ඒක බලාගෙන තරුවක් හැදුව.. මම ඔයාට පෙන්වන්නම්කො.
+ අනේද කිය්නනෙ ඔයා ඉතින් කලේ හැමදාම තරු පෙන්නුව එකනෙ අමුත්තක් නැති වෙයි..
- අනේ මේ දුප් නරියො යන්න...මේ එක හරියට පිම්බුනේ නෑ නෙ...
+ පුලුමයිනෙ ඔයා කොයි වෙලෙත් පුම්බගෙනමනෙ ඉන්නෙ ඉතින තරුවට මොකෝ වුනේ
- අනේ මන්ද අප්ප... මම නෙලුමක් හදන්න හැදුවෙ එත් දැන් වෙලාවක් නැ.. මම දැන් අලව අලව හිටියෙ .. මේ ඇයි කතා කලේ කියනවකො වදේ...
+ ඉන්නවකො ටිකක් තදියම.. සෑහෙන දවසකින් කතා කලෙත් නැ.. මේකි දුවන්නමයි තදියම..- -අපිට වැඩ තියෙනව.. ඉතින් ඔයා මොකෝ කලේ වෙසක් එකට..
+ මම මේ ආලවක දමනය පෙන්වන්න හිටියෙ ..එත් යකෙක් හොයගන්න නෑනෙ.. වැඩේ අතැරිය..
- හානේ ඇතත්ට.. ඇයි මල්ලි නැද්ද ගෙදර...හිකිස්... මේ එයා ඔලු බක්කො නටන්නකො.. මරුවට තියෙයි..
+ හා එන්න ඔයත් රූකඩත් නටමු...
- ඇයි එයා දැන් මේ කුරුළු තොරන් පෙන්වන්නෙ නැතිද !!
+ අඩේ අමතක වුනානෙ දැන් එයි නේද පෝලිමේ..
- බෑ මම මරණව ඔයාව .. මට විතරයි කුරුළු තොරන් පෙන්වන්නෙ හරිද ?
+ ආ මෙන්න වැඩක් ඒව කොහෙද ?
- ඇයි කෝ ඔයාගෙ ආදරයේ මහා දන්සල..
+ අඩේ එකත් තියෙනවනෙ.. වැඩ ගොඩයි අප්ප මම තියන්නම්.... නේ..
- අන්න අන්න කොල්ලට හදිසි වුනා.. ඒක නෙවේ දැන් කූඩු හැදුවද..
+ නෑ..
- නෑහ්.. යක‍ඩො මෙයා කියල දීපු විදියට අපි කුඩු හදනව මෙයා හදල නෑ..
+ හ්ම්.. මම කඩෙන් ගෙනල්ල එල්ලනව... බකට් ටිකකුයි.. තව.. බලුප් වැල් 3ක් 4ක් දානව..
- අපෝ කමමැලිය හදනවකො හෙට උදේ හරි කූඩු ටිකක්....
+ හ්ම් බලමු.. මෙහ් නංගි වැඩක් තියෙනව කරනවනම්... මට උදවු කරනවද ?
- පුලුවන් දෙයක්නම් කියන්න..
+ මෙහ්.. අර ඔයාගෙ තට්ටු තට්ටු ගවුම ඇදන් එන්නකො හෙට හවස් වෙලා අපේ ගෙවල් පැත්තෙ.. මම ලයිට් වැලක් දාල ගහක එල්ලන්නම්.. ඔයා කැරකි කැරකි ඉන්න..
- මොකා...්.. කැරකි කැරකි ඉන්න මාව එල්ලනව .. හුහ් හිතේ ඇති මෙයාගෙ...
+ ඔවු ඉතින් පාරෙ යන උන් හරි කැරකි කැරකි බල්නනෙ නැතැයි..
- මම ති‍යනව.. ඌර ... කිවුවොත් උෟරු කතා වක්මයි...!! ටටා බායි..
+ හෝවු හෝවු මේ.. තව දෙයක්..
- කියන්න..
+ හෙට දන්සැල් කියල නිකං කන්න දෙන නිසා අද රෑ ඉඳන් බඩ ගින්නෙ එහෙම ඉන්නපො හොදේ..
- වඳුරා.....රිලවා.. මෝඩයා.. මම තියනව....
===========
වාසනාව ඇගේ නෙතයි
මාලිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ කෝඩු කාරයෝ...
.
ඇයි සුවඳකි ප්‍රභාතයේ
තුෂර බිඳිකි පුරා හ‍‍ෙඳේ
ගිනි අඟුරකි අගාධයේ
ආදරයේ කෝඩුකාරයෝ....
.
අඳුරේ රන් තරුව ඇයයි
රන් තරුවට අඳුර ඇයයි
මඳ හස සෝ සුසුම ඇයයි..
ආදරයේ කෝඩු කාරයෝ..
.
.----- විශාරද නන්දා මාලනී මහත්මිය
=============
----කුරුළු-----
http://www.youtube.com/watch?v=z5z6M2OeV5c

6 comments:

  1. සත්තු වත්තේම නම් කියා නංගිලා අවසානයේ බැන ඇත.

    ReplyDelete
  2. ෂෝක් ජෝඩුවක්.... :p
    දෙබස නියමයි ...

    ReplyDelete
    Replies
    1. ජෝඩුවක් නැ බං මෙැතැන ඉන්නෙ එක්කෙනයි.

      Delete
  3. නියමාආආආආආආආආආආයි.
    හරි හුරතල් දෙබස!! හෙහේ!! ඇත්තටම කුරුලු, නියමයි ඈ!!

    ReplyDelete