Saturday, May 31, 2014

=== බිතු සිතුවම් රූ මෙන් පැවති - හිත මිතුරන් විරසක නොවෙති ===


.
ඇයගෙන් එක දිගට ලැබෙන ඇමතුම් නිසා මෝබයිලය නිස්සද කර ඇදේ පසකට විසි කලෙමි...
මා බොහෝ වේලාවක් කාමරය තුලට වී කල්පනා කලෙමි...
සිදුවී ඇත්තේ සිදු නොවිය යුතු දෙයක්ය..
මා ඇයට ආදරය කලේ මීට අවුරුද්දකටත් පමණ පෙර පංතියේදී ඇයිව දුටු විගසමය..
මා සිතා උන්නේ ඇය සංසාරික බැඳීමක් ලෙසටය..
ඇයි දුටු දවසට මාස කිහිපයකට පසුව ඇයගේ යෙහෙලියක මාර්ගයෙන් මාගේ කැමැත්ත ඇයට ප්‍රකාශ කලෙමි.. එහෙත් ඈ ඊට විරුද්ධ වූවාය.. ඒ ඇය දැනටමත් පෙම් කරනවා යැයි පවසමිනි..
තරුණියකට ආදරේ කිරීම වරදක් නොවන බව දනිමි. එහෙත් ඇය අකමැති බව පැවසූවිට ඇයට තව දුරටත් කරදරයක් වීම වරදක් බවද දනිමි...
එයින් පසු ඇය මුණගැසීම - මුහුණට මුහුන හමුවීම - ඇයි සිටන වේලාවට කැන්ටිමට යාම - ඇය ගොඩවන බස් රථයට ගොඩ වීම - පමණක් නොව ඇයගේ මිතුරියන් සමග කතා බහෙන්ද වැලකී සිටියෙමි.. ඒ ඇ වෙන කෙනෙකුට ආදරේ කරන බැවිනි.,!
එහෙත් ඇය තුල වූ ආදරය බිඳකිනු අඩු නොවුනි...
.
වසරක් පමණ ගෙවුනි.. නැවත ඇ මට මුණ ගැසුනේ මීට මසකට පමණ පෙරය.. ඒ නුගේගොඩ සරසවි පොත් හලේදී ය.. මා ද පොතක් තෝරමින් සිටියමි.. ඒ ඕෂෝගේ පොතකි.. ඇය සිටියේ ඉට එහා රාක්කය ලග.. පුදුමයකට වාගේ ඇ මා අඳුර ගත්තෙ වෙනත් විදහකටය..
..
- හෙලෝ එකස්කියුස්මි..!
+ඔවු.
- ඔයා කවියෙක්ද ?
+කවුද ?.. මමද.. කවුද එහෙම කිවුවෙ. ( වට පිට බලා ඇසුවෙමි )
- ඔයා කුරුළු නිස්කලංක ද ?
+ අහ්.. ඔවු ඒ මම..
- ඒකනෙ මම එෆ් බි එකේ ඔයාව දැකල තියෙනව මම ඔයාගෙ යාලුවෙක් අනේ..
+ අනේ සමාවෙන්න..මට මුන නම් මතක නැ..මට එෆ් බි එකේ අයගෙන් මතක ඒ අයගෙ ප්රොෆයිස් පික් එක විතරයි
- අහ් ඒකනෙ මම දාගෙන ඉ්නනෙ පැන්ඩෙක්ගෙ මූනක්
+ අහ් ඒකනෙ.. ඒ වුනාට ඔයාට මාව අදුරන්න බැරිද ??
- මම අදනෙ ඔයාව දැක්කෙ ඉතින්මම ඔයාව අදුර ගත්තෙ ඔයාගෙ කවිනම් ලස්සනනයි ඇ
+ නැ නැ කවි නෙවේ.. මතක නැතිද මම ඔයාගෙ පන්තියට ආව..අවුරුද්දක විතර කලින් මහරගම
- ම්.... ආඩේ.................... මේ..... _______නේද ???
+හ්ම්.. ඒකනෙ අපිව මතක නැ
-අනේ අයියෝ සොලි සොලි ඉතින්...
....
කතාව එතැන්න නැවතුනේ නැත.. ඇයව ඇයගේ නිවන තෙක්ම ඇරලවා අම්මාගෙන් ලද උනුසුම් තේ කෝප්පයකින්ද සප්පායම් වී පැමිණුනි..
ඒද එතැනින් අවසන් වුයේ නැත.. නිවසට එන අතර තුරදීම..“ පරිස්සමින් ය්නන “ ගෙදර ගියාම කියන්න “ වැනි කෙටි පනිවිඩ ගලා එන්නට විය..
මමද නිවෙසට පැමිණි විගස “ දැන් ගෙදර “ යැයි පිලිතුරු යැවීමි..
....
එතැනින් නොනැවතුනු එ සම්බන්ධය දුර දිග ගියෙන්.. එය ප්‍රේමයක්ද දක්වාද එයින් පසු විවාහ යෝජනාවක් දක්වාද දුර යන ලකුණු පෙනුනි..
ඇයගේ කලින් පෙම්වතා සමග දැන් සම්බන්ධයක් නැතැයිද ඒ යම් යම් බාධක මැද නතර වු බවද පැවසිනි..එ සම්බන්ධව වැඩි විස්තර නොඅසන මෙන් පැවසූයේ ඇයගේ හිත රිදෙන නිසාවෙනි..
...
මා ප්‍රේම සම්බන්ධයක් අරඹන තුරු පුල පුලා බලා සිටියේ මගේ ලගම මිතුරෙකි.. ඒ මා ලෙහෙසියෙන් ආදරය නොකරන බව දන්නා නිසාවෙනි.. මා ලෙංගතු වුවත් මිතුරාව මුනගැසී කතා කිරීමටවත් දුරකතන ඇමතුමක් දීමට තරම් වත් නොහැකිාවක් අප දෙදෙනාතුලම වුයේ කාර්යබහුලත්වය නිසාමය.. මම ඔහුව ඇමතුවෙමි.. ඒ මේ සුභාරංචිය ඔහුට පැවසීමටය..
..
+ඒ.. අඩො..
- අම්මට හුඩු කාලෙකින් යකෝ
+ අඩේ මේ මට උඹට කියන්න දෙයක් තියෙනව..
- මටත් කියන්න දෙයක් තියෙනව . උඹ ඉස්සෙල්ල කියහං
+ නැ එහෙම නෙවේ උම අද හවස මොකෝ කරන්මෙම එන්නම් ඒ පැ්තතෙ..
- හරි වරෙන් මම අද 6 වෙනකොට ගෙදර..
+රායිට් පුතා....
........ සවස 7 පමණ වන විට මම ඔහුගෙ නිවසට ගියෙමි
-අඩේ උබ වෙනස් වෙලා බං.. ඉද හිටල රෑට ෆේස් බුක් එකේදි දකින විතරයිනෙ බං..
+ තෝ නිකං වත් කෝල කලේ නැනෙ
- හරි හරි උඹත් නැනෙ.. කෝ දැන් කියහං මොකො සින් එක බඳින්නද ය්නනෙ !!
+ නැ බං ඒ වගෙ සින් එක්ක තමා
- කෙල්ලෙක්ද ?
+ යෙස් පුතා...
- අඩේ මරු ඩෝ කවුද කවුද
+අර මං උඹට කිවුවෙ බං ඉස්සර පන්තියෙ ගනන් උස්සපු කෑල්ල බ..
- ම්.. ආ අර මහරගම එක.. ඉතින්
+ ඉතින් .. කිය්නනෙ මාසෙකට විතර කලින් ආය හම්බුනා නිකංම්ම සෙට්...
- අඩේ මරු බං ඇ.. තෝ දැන් මගුල් කතා කරාද ඉක්මට ඔව කොරගනින් නැත්තං පැනල යයි..
+ තාම නැ ලබන සතියෙ එන්න කිවුව අපේ ගෙදරින් එහෙ යනව බං..
- අඩේ මේ මහරගමනං කියහං බලන්න කවුද කියල අපිත් දැකල ඇති ඒ පැ්තතෙ කැරකෙනවනෙ.. ඒෆ් බි ඉන්නවද ?
+ ඉන්ව ඉන්නව.. ආ ඔවුනෙ ..තෝ ඉතින් එහෙ ගැටුවනෙ තොගෙ කැල්ල බලන්න කො දියං ලැප මම ලොග් වෙලා පෙන්වන්න..
- කො පෙන්නං බලන්න...
------------------------------------
+ මේ ඉ්නනෙ.. මේ මේ මගුල් ගෙදර පින්තුරෙ සෙට් එකේ වමේ ඉන්න එක මේ ඉ්නනෙ.. නිල් පාට සාරියක් දාල..
- අඩෝ කුරුළු..
+ මොකෝ බං !
- ඒ මගෙ කැල්ල බං
+මොන හු* ද බං ඒ....
- ඔවු බං ඒකිගෙ ගෙදරින් මට කැමති නැ කිවුවනෙ බං.. දැනට මාසෙකට දෙකකට උඩදි අපෙ ගෙදරින් ගියානෙ බං එහෙ
+ අඩේ සමාවෙයන් ඩෝ... මේකි අහන්න එපා කිවුව බං කලින් විස්තර නැත්තං මට උඹව දැනගන්න ලැබෙනව.. අනික උඹ ඒ කෙල්ල එක්ක යාලු වුනාට පස්සෙ අපි සෙට් වුනෙත් නැනෙ...
- නැ බං අවුලක් නැ එවුන් ටික්ක වත තියෙන උන්..
+රෙද්ද අල්ල දාහං බං වත... ඉදහන් මම කෝල කරල බනින්න..
- බනින්න ?? තොට පිස්සුද උලමො... බනින්නෙ මොකටද ! ඒකිගෙ පැත්තෙන් හරිනෙ බං..
+ හ්ම්..... දැන් මෝකෝ කරන්නෙ කියහං... මම අතාරිනව එහෙනං..
- එපා පිස්සද ! උම ඒ දවස් වලත් ඕකිට මැරීගෙන ලවුනෙ බං අතාරින්න එපා.... අනික මගෙත් එක්ක තියෙන සම්බන්දෙ නතර වුනානෙ බං... ඒකි වෙනකෙනෙක් ලගට ගිහින් දුක් විදිනවට වඩා හොදා උම ගැන දන්නවනෙ මම උධ ආදරෙන් බලාගනි..
+අඩෝ මේ ගෙවලයො තෝ තාම මැරීගෙන ඒකිට ලවු නේද ! එහෙනු එකේ මට මේක කරගන්නද කිය්නනෙ පිස්සුද අපිට ආයෙ සෙට් වෙන්නවත් වේනනෙ නැනෙ බං මං මේක බැන්දෝත්...
- නැ බං අපි සෙට් නොවුනට කමක් නැ.. උම සතුටින් ඉදහන්..
+ නැ බං මට යාලුකම වටිනව... මම මේක නවත්වනව...
-මේ... එක පාරක් කිවුවනෙ බං.. පිස්සු හු*... ලැස්ති වේනනෙපා.. දැන් මං නිසා තෝ අතැරිය කියල දැනගත්තාම තවත් අප්සට්නෙ බං..
...............................
= මොකෝ දෙන්න මේ සද්දෙ..! අන්න අම්ම කෑම හදල රෑට කන්නලු.. හුග දවසකින්න මෛ්කා ආවෙ දැන් ලොකු මිනි්සසුනෙ.. අපිව අමතකයිනෙ නේද..
+අයියෝ නැ අංකල් එහෙම නැ වැඩනේ ඉතින්..
- හරි හරි වරෙන කාල ඉන්න..
------------------------------------------------
එක දිගට ජංගමය නාද වනු පෙනෙයි..!
මා තවම කල්පනාකරමි.. මිතුරාගේ නිවසින් පිටවු වේලේ සිට මේ දක්වා සිත තවම කලබලය.. කරන්නෙ කුමක්දැයි සිතා ගත නොහැක..
එක් පසක මා අතිජාත මිතුරාය.. අන්ක් පස ආදරයය !..
ආදරය නිාස මිතුරා නැති කර ගත නොහැකිය.. වරදක් නැතිව අහේතුකව ඒ දැරිවියට පිටු පැමටද නොහැකි.........
කුමක් කරන්නේදැයි තවම කල්පනා කරමි...! සසර ගමන තුල වූ මහා බැදීමකි... ලංකර ගත යුතුද ? අත්හැර දැමිය යුතුද ! කෙසේ නමුත් අද රාත්‍රියද බෝ සෙයින් දිගු වනු ඇත.....
====================
බිතු සිතුවම් රූ මෙන් පැවති - හිත මිතුරන් විරසක නොවෙති

එක මලකට පෙම් බැන්ද පවින් - මිතුරු දමින් සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමුගමුද ඉතින්..!
.
මල කීවේ නැ ඔබ පෙම් කල වග
කීවා නම් මා නැ පෙම් කරන්නෙ තව

මොකටද පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නැ නැ
.
මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන්කෝ මට ඕනැ මිතු දම

ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනු මැන
මා නම් සිත රිදවන්නෙ නැ නෑ..
.======= ගුණදාස කපුගේ මහතා සහ ලක්ෂ්මන් හේවාවිතාරණ
( මේ හුදෙක් මේ ගීතය අරඹයාම ලියැවුණැකි... මටත් වඩා ගීත ගැන විචාරයේ යෙදෙන.. අකුරුක් වත් නොලියන Sankalpa Bandara මල්ලිට ස්තුතිය... )
----- කුරුළු----


http://www.youtube.com/watch?v=qinrqv7yuZU 

5 comments:

  1. මම නම් යාළුවාව තෝරාගන්නවා සහෝ...ආදරේ එනවා යනවා...කිහිප විටක්ම ඇවිත් ගියා...ඈ ඔහුට කල දේ මගේ අතේ මුදල් නැති උවහොත් මට නොකරයි කියා කවරෙක් නම් සහතික දෙයිද....ඔවුන්ගේ දෙමවුපිටන් ඒ ප්‍රතිචාරය මා නොදක්වයි ද
    නමුත් එක sms එකකින් අපායට යන්න උනත් එන මිතුර කෙසේ නම් ඉවත ලම් ද

    නමුත් මා නොව නුබ
    දැනගනු රිසි නුබේ පිළිතුර

    ReplyDelete
    Replies
    1. ආදරේ බයයි මිත්‍රත්වයට

      Delete
    2. ලොකු තේරුමක් ඇති වචන 3ක්
      නමුත් මම මිට වඩා දිග උත්ටරයක් බලාපොරොත්තු උනා සහෝ

      Delete
  2. මට ප්‍රශ්නයක් ... ඇයි මේ කතාවේ කථානායකයා ජංගම දුරකතනයට පිළිතුරු දෙන්නැත්තෙ ? කතා නොකර හිටියොත් ඇය ත් අසරණ වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අවස්ථාවකට පත් වුනාම බලමු

      Delete