Thursday, May 22, 2014

==දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිවනම්===


.
හැමදාම ඇයගෙන් ලැබෙන ගුඩ් මෝනින් කෝල එක යනු මාගේ ඔලුව අවුල් කරන්නකි...
ඒ.. එක්කෝ මා සුව නිද්ක පසුවන පාන්දර 6- හ‍ෝ7ට පමණ ඇය මා ඇහැරවන නිසාවෙනි.. නැතිනම්.. අයට නිවාඩු දවසක මා රාජකාරී ආරම්භ කලායින් පසු උදේ 9ට පමණ ලැබෙන නිසාවෙනි...
ඒද සුබ පැතීමෙන් පසු නවතින ඇමතුමක් නොව දිගින් දිගට යන වැල් වටාරමකි...
.
අදද එසේමයි...
.
- හෙ......ලො.... කු...රු...ළු... අ..යි..යා..
+ආහ් හෙලෝ කියන්න අපෝ .. මොකෝ බුදිද තාම පස්ස උඩ දාගෙන...
- ඔවු මම මේ හීනෙන් කතා කරන්නෙ..
+ඉතින් කියන්න..
-ගුඩ් මෝනින්...
+ මෝනින්..
- අපෝ නපුරා උදේට කෙනේක ගුඩ් මෝනින් කිවුවාම මොනින් කියල නිකං ඉන්නෙපා ගුඩ් කියලත් කියන්න..
+නැ ම කිය්නනෙ අයුබෝවන් කියල..
-ඇයි ඒ..
+උදේට ගුඩ් මොනින් - ගුඩ් ආ‍ේටනුන්- ගුඩ් ඉවන්නින්- ගුඩ් නයිට් ව‍ේ වෙනස් වෙන්නෙ නැ අපි හෙලයොනෙ නංගි.. අපි ලග වඩන ගොඩක් නැ අපි වචනෙ වෙනස් කරන මිනිස්සු නෙවේ..
-අපෝ බක පන්ඩිතයිනෙ ඔයා ඔක්නෙ බැරි හුහ්.. ආ මේ...මාර වැඩක් වුනනෙ දැන්..ඔයා ද්නනෙ නැනෙ..
.... ( ඇයි කතාව දිග් ගැස්සමට ‍පොටක් පාදා ගැනිමට සැරසුණි.. )
+ දන්නෙ නැ තමා කියන්නකො බලන්න...
- මමම මාර හිනයක් දැක්කනෙ.. සුනාමියක් එනව.. මිනිස්සු ඔක්කොම මැරෙනව.. මම නැගිට්ටෙ අඩාගෙන අනේ අද..
+ අහ් කෝමත් දවස තිස්සෙම ඉන්නෙ නහයෙන් අඩාගෙන නිසා ඒක නම් අවුලක් නැ.. ඉතින් සුනාමියක් ආවනෙ කෝමත්..
- ඒ එක යි නේ.. මම එක්ත් දැක්කනෙ දවසක්.. මේ දෙක අනේ..
+ ආනේ ඇත්තද ?? ඔයා ඉන්න තිබුනෙ කාලගුනේ !
- මේ අහන්නකො අයියෙ.. මම දැක්ක මිනිස්සු කැ ගහ ගහ දුවනව.. හැමෝම වතුරට යට වෙනව.. මම ඇඩුව මහ හයියෙන්..
+ මේ ඔයා යට වුනේ නැත්දද?..ඔයා මැරුනෙ නැතිද ?
- නැනේ.. මාර වැඩේ නේ..
+ඔයාට ඕක පෙනුනෙ නිකං උඩින් වගේද උඩින් බලාගෙන ඉන්ව වගේද ?
- නෑ නෑ පහලින්
+අහ් එක් මිස්ක උඩින් වගේ පෙනුනනම් - හැමෝටම කලින් ඔයා මැරිලද දන්නෙ නැනෙ..
- අනේ යනව යන්න.. නරකකතා කියනව..
+ආ මෙයා දකින හින හොදා. .සුනාමි එන ඒව.. හුහ් යකෝ රටටම අපලයිනෙ...
-අහන්නකො..ඉතින් මම අඩ අඩ ඉ්නකොට එක පාරටම අහසින් සුදු පාට එලියක් ආව.. ඇවිල්ල මට කවුදෝ කතා කරනව වගේ ඇහුණ..
+ ඉතින්.. පිස්සු නටන්නෙ නැතිව නැගිටපිය කිවුවද ?
- නෑ අනේ. අහනවකො..ගෙම්බ වගේ පනින්නෙ නැතිව.. මට කවුදෝ කටහඩකින් කිවුව මේක අනාගතේ වෙන එක නවත්තනනං මේ හිනෙ දැක්ල ඇහුරුන ගමන් ඔයා අදරේ කරන කෙනාගෙන් කිස් තුනක් ඉල්ල ගන්න කිවුව...කෙමක් විදියට..
+අම්මද බොල ඒහෙමද??? මට දැනුයි මේකිගෙ හිනෙ තේරුනේ.. ගනන් ග්නනෙපා නංගි ඒව හීන විතරයි.. ඇත්තට වෙන්නෙ නැ..
- අනේ දෙනවකො ගනන් උස්සන්නෙ නැතිව.. ඔන්න සුනාමි ආවොත්නෙ..
+ එහෙන්ම සුනාමි එනව කියල ආරංචියක් ආව ගමන් දෙන්නම් ඇ....
- අනේ එහෙම බෑ....... මේ උදේ පාන්දර ඉල්ලන දේවල් දුන්නාම දවසම සු වෙනවලු..
+අනේ මේ.. කතාව දිග් ස්සන්නෙ නැතිව තියනවද ‍ෆෝන් එක ගුටි නොකා..
- හ්ම්..හා..බායි බුදු සරණයි... ඒ මේ ස්. අයියෙ..
+ඇයි මෝකො ඒ පාර..
- උම්මාහ්..උම්මාහ්..උම්මාහ්.. හු හු.... ඒ කෙනා කිවුව ආදරේ කරන කෙනා දුන්නෙ නැතිනම් මට හරි දෙන්න කියල.. හු හූ...
+දුවපිය මුණ හෝද ගන්න...!!!!!
--------------------------------------------
ඇත්ත... ම‍ගේ හදවත නතර වුණේ ඔයා ගාව...
තව ටික දවසකින් හදවත ගැහෙන එකත් නතර වේවි !
.
====================
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිවනම්
අපි හමුවුනත් ඉදහිට යලිත් එක් වෙන්න බැ කවදාකවත්
නිතර වැටෙනා කදුලට ඉතින් කතා කර ගන්න පුලවන් නම්
කියයි හඩගා ලොවට මතුදා ඔබට මම ආදරෙයි කියලා..
.
විටෙකලං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපෙ ආදරේ
කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මරී ජීවිතේ
කොහොම පිලිගන්නෙ මම නම් ඔබේ දෑත අහිමියි කියා
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බැ ඔබ නැතිවනම්
.
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ
නොදැක හිනැහෙන්නෙ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා
.
======================= සේනානයක වේරලියද්ද මහතා
--කුරුළු---

http://www.youtube.com/watch?v=4o6LBBfrl1E 

10 comments:

  1. කාලයක් මමත් මේ වගේ ගුඩ් මෝනිං එකක් බලාපොරොත්තුවෙන් වැඩට ගියා.

    ReplyDelete
  2. මා බාල කාලේ සිහිවිය කුරුල්ලෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. සමාවෙන්න ඒකත් එකම ෆෝමැට් එකේ

      Delete
  3. හ්ම්....
    කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මරී ජීවිතේ///
    අමතක කරන්න බැරිවැයි

    ReplyDelete
  4. අපි හමුවුනත් ඉදහිට යලිත් එක් වෙන්න බැ කවදාකවත්

    ReplyDelete
    Replies
    1. සිමීන්න පුළුවන් නෙලන්න තහනම් !

      Delete
  5. විටෙකලං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපෙ ආදරේ
    කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මරී ජීවිතේ

    ReplyDelete
  6. මටම ලියලා තියෙන සින්දුවක් ..කොයි තරම් රිදුනත් ඔය සින්දුව අහන්න ආසයි මං ..ගුඩ් මෝර්නිග් මැසේජ් එකට ලෝබ කම් කරපු කාලයක් තිබ්බා ...හ්ම්ම් අතිතේ සිහිනයක් විතරමයි ....

    ReplyDelete