Tuesday, May 20, 2014

== බූට් එකත් අමුතු ආතල් එකක්නේ..!! ===


.
අැයත් මාත් දැන් දැන් මුණ ගැසෙන්නෙ ඉතා කලාතුරකිනි මුණ ගැසුනත් කතා කරන්නෙ ආගිය තොරතුරු මිස අප දෙදෙනාගේ අනාගතය ගැන නොවය.එහෙත් ඉඳ හිට අනාගතය ගැන ඈ යලි සිහින මවන්නීය..
.
- ආ දැන් එදා ගියෙ මහ ලොකුවට මනමාලය වගේ වෙඩින් එකට කෝ කෙල්ලෙක් සෙට් කර ගත්තද ?
+ නෑ..
- නෑ.. ! ඇයි නැත්තෙ අපරාදෙනෙ.. නුවර කෙල්ලෙක් සෙට් කරන් එන්න නෙ තිබුනෙ
+ නැ අනේ අපිට කොහෙද එච්චර වාසනවක් ලස්සන කෙ‍ල්ලෙක් ලබන්න..
- ඇයි.. මම කැතද !! එන්නෙපා හොදද මිරිකනව බෙල්ල..
+ දැන් එහෙනම් කිවුවෙ සෙට් කර ගන් තිබුන කියල
- ආ ඒ නිකං.. ගියාට කමක් නැ මගුල් ගෙවල් වල කෙල්ලො දිහා එහෙම බල්නනෙපා හොදේ
+ හරි මම ඇස් පියාගෙන ඉන්නම්
- එක හොදයි එහෙම ඉන්න... මේ ඒකෙ නෙවේ අයියෙ.
+ එහෙනම් කෝකද ??
- අපේ වෙඩින් එක කෝමද ගන්නෙ... !
+ මම නම් ආස චාමෙට ගන්න වැඩි වියදමක් නැතිව.. ණය නොවී..
- ඒක හොදයි අපි පොඩියට ගමු නේද !
+ පොඩියට කිවුවෙ
- ඒ කිවුවෙ මෙහෙම අහගන්න හොදද !..
අපි ටජ් එකයි ගෝල්ෆේස් එකයි දෙකම බුක් කරමු.. එන සෙනගට මදි වෙයිනෙ.. අපි ඒ දෙකටම යන්න එන්න වෙනව හොද ක්‍රයිස්ලර් එකක් ගමු.. ඇඳුම් අන්දන්න චාන්දනීට හරි, රමණිට හරි කියමු, කෑම බීමට කිසි අඩුවක් නැතිව හැම දෙයක්ම ඕඩර් කරන්න ‍ඕන.. මොකද එන එන අය කන්නෙ එක එක විදියටනෙ.. පොඩි අය කියල නෑ වෙනමම ප්ලේට්ස් දෙමු,  මම අඳින්ව ගොල්ඩ් වර්ක් කරපු සාරියක් ම්... රුපියල් ලක්ෂෙක විතර .. දෙවැනි මනාලියෝ හතර දෙනයි මල් කුමාරියෙ 4යි... ඒ අයටත් ඒ වගේම අන්දමු.. මේ අපි පොඩි අයටත් සාරි අන්දමුද !!  මෙහෙම කරමු අපි ඉන්දියාවෙ යමු එහෙ සාරි ලාබයිලු...
+ ඔය පොඩි විදිහක්ද කිවුවෙ...
- ඔවු .. තව කැමතිනම් ලොකු විදියකුත් තියෙනව...
+ නැ එපා මේ විදිය හොදයි නංගි.. මම හිත්නනෙ ඔයා අර දෙන්නෙක් නෙවේ..අන්ඳ්න්න නම් හතර පස් දෙනෙක් ගමු.. මූණට එක්කෙනක් බොකේ එකට එක්කෙන්ක.. සාරිය අන්දන්න එක්කෙනෙක්.. දෙවැනි ගමන අන්දන්න එක්කෙනෙක්.. වගේ ..එවෙලෙට ටච් අප් කරන්න තව කෙනෙක් වගේ..
- ෂා මරු ඔයාටත් තියෙනවනෙ මාර අයිඩියාස්...
+ හැබයි ඉතින් ඔය මිනිස්සු සෑනෙ ගානක් ගන්නව නිකං රවටල..
- නැ එහෙම නැ ඒ අය ලස්සනට කරනව අනේ...
+ ඔවු ඉතින් එක අතකට වරදකුත් නැ .. දැන දැන අපේ අය යන එකනෙ වැරැද්ද පේන්න ගහලම තියේද්දි..
- මොනව පේන්න ගහලද ??
+ ඇයි අනේ බෝඩ් වල ගහලම තියෙනවනෙ මනාලියන්ට අන්දනව කියල.. ඔයාල ගිහින් ඇඳගෙන ඇවිල්ල බැනල හරිය්නනෙ නැනෙ..  ඒ අය අතේ වැරදකුත් නැ හැබයි...
- අ‍නේ යනව යන්න ඉරිසියා කාරයා.. ඔයා එක්කො උඩරට අදින්න..නිලමේ කිට් එක...
+ ඔවු මට අදින්න වේනනෙ එ්ක තමා මම නුවරනෙ.,!
- ම්..හරි එහෙනම් තව මොනවද අපිට මගෑරු‍නේ...
+ මගෑරි්චච්ත් තියෙනවද ???
- ම් මේ අපි ෆෙෘටෝ ෂුට් එක ගමු මැලේසියා වලයි මිසරයෙ පිරමිඩ් ලගයි.. ලන්ඩන් වලයි... මම ආසයි එහෙම !
+ ඇයි ඔයා අස නැත්තෙ සෙන් පීටර්ස්බර්ග් තුරස්‍රයට... ? සිඩ්නි නුවරට..
- ඒවත් හොදයි.. බලමුකො වියදම වැඩි වෙනවනම් එපා .. අපි පොඩියටනෙ ග්නනෙ ඉතින්..
+ අනේ සොරි මට එකපාරටම අමතක වුනා..
- ආ එතකොට ඔයා එනකොට එන්නෝන බාගයක් දුර හෙලිකොප්ටර් එකේ..ඉතිරි ටික රෝල්ස් රොයිස් එකේ.. ටිකක් රේස් අස්සයෙක්ගෙ පිටේ .. හැබිය අන්තිමට හෝටලේට ඔයා එන්න ඔයාගෙම කාර් එකේ මම ඒකටනම් කැමතියි..
+ මම මේ බැලුවෙ ඒ කිට්ටුවට එනකොට මට විල්බැරැක්කයක් තියා පයින් වත් එන්න පුලුවන් වෙයිද කියල..
- හත්වලාමෙ ඇයි ඒ...
+ නැ ඉතින් ඔච්චර පොඩියට වෙඩිමක් ගන්න මම සල්ලි හොයන්නත් එපැයි.... අඩේ මට අමතක වුනානෙ ඔයා නෙ වෙඩිමට වියදම් කරන්න‍ෙ.. මට තියේනනෙ හෝම් කමින් එකනෙ.. හරි හරි .. ඔයා පොඩියට ගන්න ඔය විදියට.. මම නම් ගන්නව ලොකුවටම.. දවස් 7ක්ම ... ගමේ දාන සාලාව බුක් කරල කන්න දෙනව හැම එකාටම ගමේ.. මට ගන්නොන් ලොකුවටම..
- අනේ................. ඌර.. කිවුවෝත කතාවක් මයි.. ඇයි මම කියපු විදිහ හොද නැත්ද.. අනික අපේ තාත්ත කිය්නනෙ දුව කැමති විදයට මගුලට වියදම් කරන්න පුලුවන් මිනිහෙක්ට විතරයි දුව දේනනෙ කියල
+ නැ හොදයි.. දැන් තාත්ත දුවට දෑවැද්ද ලැස්ති කරලද දන්නැ තියෙන්නෙ
- චී...මෙන්න මෙයා දෑවැද්ද ඉල්ලනව.. සල්ලි එක්ක දෙන් ලමයි මෙහෙ නෑ හොදද.. කැමති නම් අරන් යන එකයි ඇත්තෙ...
+ නැ මම බැලුවෙ ඒකෙන්වත් මගුල කරල දාන්න...
- එවුව හදේ...
+ අපෝයි හ‍ෙඳේ මුකුත් කරන්න මක් නොවුන එක හොදයි.. නැත්තං කියයි.. හනි මූණ් එකට හඳට යං කියල...
- අන්න මරු....
+ මේ මේ එනව යන්න ඉක්මන් කරන්න ඔයාව ඉක්මනට ඇරලල මමත් කලින් ගෙදර යන්නෝන..එදත් බස් එක මිස් වුනා පයින් තමා. ගෑටුවෙ..
- අනේ අයි සුදු අයියෙ පයින් ගියේ.. ත්‍රීවිල් එක්ක අරන් යන්නෙපැයි ගොඩක් දුරයිනෙ ඒ පාරෙ..
+ මගුලක් කතා කරනව... ! ත්‍රීවිල් වල යනව තියා අතේ සතේ නෑ..
- හ්ම.. යමු අද මම දෙන්නම්... යමු යමු...
===================
එක දෙක මොණරකාසි පර්ස් එකට එන්නෙ
දැන ෆුල් ආතල් එකේ මං හිදින්නේ
වැරදුණ යම් තැනක දැන් මට හැගෙන්නෙ
කෙල්ලට දන් දීල රිම් එකෙන් ඉන්නේ
-
චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටිය මගෙ
ඔයා නොලැබුනෝත අනේ පනිනව ලෝකාන්තෙ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ..!
.
පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න
කරුමෙට සෙට් වුනා මගෙ වත හිදින්න
තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න
දැන් දුක නෑ ඉතිරු වෙනව හැම සතේම
.
චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටිය මගෙ
ඔයා නොලැබුනෝත අනේ පනිනව ලෝකාන්තෙ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ..!
.
වදයක් නැ රෑට නැ මල් කඩන්නෙ
ඉස්සර මෙන් නැ ඩබල් ටිකට් ගන්නෙ
වියදම දැන් නැ මචං ඩබල් වෙන්නෙ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ..!!
.
චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටිය මගෙ
ඔයා නොලැබුනෝත අනේ පනිනව ලෝකාන්තෙ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ
ඉස්සර කිවුවට අනෙ ආයෙත් නැ කිය්නනේ..!
======= එස් ජේඑස් ===
-------කුරුළු------

http://www.youtube.com/watch?v=mL5H2hdL9GQ 

9 comments:

  1. බෙල්ල නෙමෙයි බං මිරිකන්න තිබුනේ...

    ReplyDelete
  2. අම්මප මං නං පොලව පලාගෙන යනව..
    යකෝ මෙහෙමද පොඩියට වෙඩිං ගන්නෙ..
    එතකොට ලොකුවට ගන්නවකියල කෝමද දන්නෑ කියන්නෙ

    ReplyDelete
  3. ඉහත ගීතයෙන් තරුණ පරපුරට හොඳ ආදර්ශයක් ලබල දෙනවා..

    ReplyDelete
  4. ඕක මරු වැඩේ..

    “ හරි ඉතිං.. අපිට බඳින්න හම්බුනානං ..........

    ...........
    ...............
    ............... “

    අයිතිකරගන්න බැරි වෙච්ච ආදරේ හැමදාම සුන්දරයි....

    ReplyDelete
  5. හීනයක්තිබ්බේ නෑ ඔයා ගේ මනමාලි වෙන්න ...ඒත් ආස උනා ඔය හදවතේ අයිතිකාරි වෙන්න ..

    ReplyDelete