Wednesday, May 21, 2014

========- ඇයිද මට ඉන්න බැරි පෙම්වතියො රෑනක්.. - ! ====


.
ඇත්තටම නම් ඇය මහා වදයකි..
 ඒ දවසවල මට නිතර එසේ සිතුනි..එයට තෙුව එපා දෙයටයි ඕන දෙයටයි හැම දෙයටම මා ඇමතීමය.. මවිසින්ම ලබා දුන් අවුට්ගොයින් ෆ්‍රී පැකේජයෙන් මම ම දුක් විඳිමින් සිටියෙමි.. එයින් පසු මා මාගේ සියලු මිතුරන්ට දුන් උපදෙසක් දුනි.. ඒ නම්.. මල් පැකේජ ලබා ගන්නා විට..
අවුට්ගොයින් ෆ්‍රීරී පහසුකම තමාගෙ සිම් පතට පමණක් ලබා ගන්නා ලෙසයි..!
..
- හෙලෝ.. එස්ක් කියු්සමී කුරුලු නිස්කලංක..!
+ යෙස් ස්කීපිං..!
- අයියෝ ස්කීපිං නෙවේ මැට්ටෝ ස්පීකිං..
+ එකනෙ ඔයා දන්නවනෙ මට ඉංගිරිස් බැ කියල බුලත් කනවනෙ අපෙ පරම්පරාව ඒකයි..
- අනේ යනව මැට්ට.. මේ එක නෙවේ මම දෙයක් කියන්නද !
+ මතක හැටියට ඔයා මීට විනාඩි පහලොවකට කලින් කතා කරලත් දෙයක් කිවුව..!
- විනාඩි පහලොවකට කලින්..! හම්බේ එකතමා මම බැලුවෙ මේ මට පාලු මොකෝ කියල එච්චර වෙලාවක්.. මයෙ අප්පේ... ඒක වෙනයි මේක වෙනයි..!
+ හරි කියහං..
- කියහං.. !!!!! වදුරා.. දැන් මේකයි අයියෙ සුදු නංගිගෙ උපන්දිනෙ එනවනෙ.,!
+ එනව කිවුවකෛාහෙ හරි ගිහින් හිටියද ?
- අහනවකො කොමිටල් නැතිව මෙතන.. පින්තුර වලනම් ඉන්නෙ බුම්මගෙන ඒ වුනාට කෝල් කලාම ජොක්ර් වගේ..හුහ්..!
+ හරි කියන්න දරුවෝ..
- ඉති් ඒ උපන්දිනේට ලැස්ති වෙන්න එපැයි..
+ ඇයි ?
- ආ ඇයි අහන්නෙ මම ගන්න පොඩි පාටියක්.. එ්කට..
+ පොඩි ? වෙඩින් එක වගේ පොඩියටද ?? ඒක නෙවේ දැන් වයස කීයද එතකොට..
- වයස? ඇයි ඔයාට මගේ වයස මතක නැද්ද ?
+ නෑ..
- අනේ................ නමවත් මතකද?? ඔන්න මට නම් ඔයාගෙ නම මතකයි සේරොම..
+ හරි හරි මතකයි කියනවකො කියන්න ආව දේ
- ඉතින් ඒ පාටියට මම ලස්සනට ඉන්න එපැයි නේද ! ඒ නිසා මම මේ දැන් යනව සැලුන් එකට..
+ දැන්? තව කල් තියෙනවනෙ දැන්ම මොකෝ සැලුන් යන්නෙ.. අන්ක සැලුන්යන්න තරම් ලොකුවට ගන්නවද ??
- අනේ නෑ අනේ ඔයා දන්නෙ නැද්ද කෙල්ලො වුනාම සැලුන් ගිහින් ලස්සනට ඉන්න එපැයි පොඩ්ඩක් අයිබ්‍රෝස් හදල - වලවල් වහල පේෂල් කරල - ලේයර් කරල - ටච් අප් කරල- ක්ලිනින් කරල - ට්‍රීට් කරල... !!
+ මොනවටද අනේ ඕව..
- ආ.. මෙන් වැඩක් සුදු නංගි ලස්සනට ඉන්වට අයිය ආස නැතිද ? ඔයාල තමා නාන්නෙත් නැතිව හඩ්ඩා වගේ ඉ්නනෙ.. අපට එහෙම බැනේ පුරුදු නැ මිස්ට හරිද?
+ මේ මේ... පිරිමි නාන්නෙ සුවඳ ගහන්න නෙවෙයි.. ගඳ යන්න හරිද ?
- මේ ඉතින් මම ගිහින් එන්නද ටක් ගාල...
+කොහෙටද යන්නෙ !!
- මහරගමට.. අර අක්කගෙ සැලොන් එකට අනේ... !
+ හා හොදයි ඉක්මනට ගිහන් එනව.. ටැග් ගැහි ගැහි ඉන්නෙ නැිව.. රවුම් ගහන්න බැ හොදේ... එතැනට ගියා ආව..
- හලි හලි.. උම්මා.... මම ටක් ගාල ගිහන් සුදු වෙලා එන්නම්..අදුරන්න බැරි වෙයි හොදේ..
+ හරි හරි එහෙනම් අර කිවුව ටික කරන් එන්නකො බලන්න.. පැච් වහල , පෙිටි ගාල කපල, ටින්කර් කරල, බොඩි වොෂ් කරල, කලර් වොෂ් කරල, වයිප්ර් අලුත් කරල, එම්බ්‍රොයිඩර් වෙලා, පොටෝ කොපි, ෆැක්ස්, ලැමිනේටින් සේරොම කරනෙ එනවකො ගිහින්...
- ආ ඇයි මම කාර් එකක් කියල හිතුවද ඒව කරන්න..
+ නැ හිතුවෙ නැ... එත් මම නම් කිය්නනෙ ඔය කොච්චර කරලත් වැඩක් නැ හිත පිරිසිදු නැතිනම්.. ඔය ක්‍රීම් ඕන නැ මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරල ආදරෙන් හිටියාම.. හිත පිරිසිදු නම් මුන නිකම්ම ලස්සන වෙනව..
- ඔවු අනේ වැඩේ කිය්නනෙ මගේ මනුස්සයට මට කතා කරන්න බැනෙ.. වැඩනෙ.. මට ඉතින් වෙන මිනිස්සු එක්ක තමා හුරතල් වෙන්න වෙන්නෙ..
+ හොදයි හොද එකක් බලල හොයාගන්නව ඉතින්..
- අපොයි ඔන්න තද වුනා.. මේ එක නෙවේ.. ඔයා ඉිත්න ලක්ෂපිතයෙක්නෙ.. මට මොනවද අරන් දෙන්නෙ බර්ත්ඩේ එකට.. හැබැයි කවුරුත් දීපු නැති එකක් දේනන ඕන හොදද..
+ ආ හරි ඒව මම දැන්මම හිතල රෙඩි කරල තියේනනෙ.. කිසිම කෙනෙක් ඔයාට දිපු නැති එකක්..
- හානේ ඇත්තද .......! මගේ හොද කුරුලු අයියා.... මේ මොකක්ද ඒ කියනවකො ඉවසන් ඉන්න බෑ අප්ප..
+ අත දිගැරල කම්මුල් පාරක් !!
- අනේ මේ... නපුර.. මම තියනව... හුහ්.....
+ හරි ගිහන් ඉක්මනට එනව.. බුදු සරණයි.. ආදරෙන් ඉන් සුදු නංගි...
.....................................
ඒ ඉස්සරය.. දැන් මාගෙ දුරකතනය පවා බලා සිටින්නේ ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරුය..
මගේ අවුට්ගොයින් තවමත් ෆ්‍රී වුණත්...! ඇයගේ ඉන්කමින් අහුරා ඇත !!
=========================
පි-
රෑනේ....රෑනේ...තරුපොකුරු රෑනේ...
රෑනේ....රෑනේ...යාලුවෝ රෑනේ...
රෑනේ....රෑනේ...පෙම්කතා රෑනේ
- ඇයිද මට ඉන්න බැරි පෙම්වතියො රෑනක්.. - !
.
ගැ -
යායක් පුරා මල් ඉහිරිලා පාවඩ එලා ඇරයුම් කලා
මුදු පහස පැ රහස මා හිස් කලා
හිස් බවමම මා නුඹට තව ලං ලා
නුඹ පමණද ඉන්න පළුවන් පෙම්වතියො රෑනක්.. ?
.
මග දැවටිලා හිත් පැටලිලා හිනිනේ නුඹේ මා ඇහැරිලා
ඔය කැල්ම ඔය බැල්ම මන් මත් කලා
මං තවම නුඹ කවුද අමතක කලා
නුඹ පමණද ඉන්න පළුවන් පෙම්වතියො රෑනක්.. ?
.
පි-
රෑනේ....රෑනේ...තරුපොකුරු රෑනේ...
රෑනේ....රෑනේ...යාලුවෝ රෑනේ...
රෑනේ....රෑනේ...පෙම්කතා රෑනේ
- ඇයිද මට ඉන්න බැරි පෙම්වතියො රෑනක්.. - !
==================රෑන ටෙලි නාට්‍යෙය්
---කුරුළු---

www.youtube.com/watch?v=E8eFPiKe6wE

7 comments:

  1. ආදරේ කරන කාලෙට එහෙමයි ආදරේ ලැබුණම එහෙමයි. මේවා අපේ ක්‍ර මේම වැරැද්දක් ද කොහෙද? කරුළු මොනව වුණත් කතාව නියමයි.

    ReplyDelete
  2. ඈ බං කුරුල්ලෝ දැං ටිකක් වෙනස් ක්‍රමයක් හදාගනිංකෝ. හෙම්බත් වෙලා ඉන්නේ එකම විදියේ ඒවා කියවල..

    ReplyDelete
    Replies
    1. ආදරේ එකමයිනෙ..( මටත් හිතුන)

      Delete
  3. //අත දිගැරල කම්මුල් පාරක් !!//
    මම උනා නං ඔතනට කියන්නේ බබෙක් කියලා :3

    මගේ වල් කොල්ලා කියලා cut කරනවා :D

    කොහොම උනත්
    මගේ අවුට්ගොයින් තවමත් ෆ්‍රී වුණත්...! ඇයගේ ඉන්කමින් අහුරා ඇත !! -_-

    ReplyDelete
  4. හ්ම්ම් ඔයා ගේ උපන් දිනේට ඔයාටත් කලින් ලෑස්ති උනේ මං ....ජීවිතේ ලස්සනම දවසක් ...මං ඇරෙන්න කිසිම කෙනෙක් ඔයාට වැදලා නෑ කියලා මං දන්නවා ...ඉතින් කිසිම කෙනෙක් නොදුන්න දෙයක් මං දුන්නා ...මගේ ඉන්කමින් ෆ්‍රී ...ඒත් දැන් ඔයා ගේ අවුට්ගොයින් අහුරලා වගේ ..හැබැයි මට විතරක් .....

    ReplyDelete