Tuesday, May 13, 2014

====මේ සසර දනවුවේ... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..===== බුදු හාමුදුරුවනේ. ====



කූඩු හද හද ඉන්න වෙලාවක් නැ මට..
මම ගිහින් පිටකොටුවෙ බැලුව වෙන බඩු වගයක් ගන්න ගිය ගමන්.. හැම තැනම කූඩු හදල විකුනන්ද දාල..
නෙලුම් අටපට්ටම් තරු විතරක් නෙවේ ප්ලෙන් හෙලිකොප්ටර්.. චෛත්‍ය...
මම ඉතින් ගිහන් කූඩු 5ක් ගත්ත... එත් අරන් එන්න බැරි නිසා.. අලුතෙන් ඇවිල් තිබුන ප්ලාස්ටික් කූඩු 5ක් ඉල්ල ගත්ත.. ලේසියි ලාබයි... වෙසක් ඉවර වුණාම සවුකොල ඉරල දාල සෝදල අරන් තියතැකි ලබන අවුරුද්දට.. සල්ලිත් ඉතුරුයිනෙ..
-ආ මල්ලි සවු කොල එපාද මේ ලසස්න කැටයම් කපපු කොල තියෙනව.. ඇලෙවුවාම කැටයම් කූඩුව..
+කැටයම් තියෙනවද කපපුව.. අඩේ වැඩේ ලේසයිනෙ දෙන්න දෙන්න...
..
බල්බ් වැල් ගන්න කොට නම් මට වැරදුනා.. පහන් පත්තු කරන්න බෑ තෙල් ගනන් වැඩියි.. ඉටි පන්දම් ගහන්නත් බෑ.. ඉස්සර නම් කෙහෙල් කොට පාරෙ හයි කරල ඉරටු ගහල පහන් තිබ්බ් නැතිනම් තැබිලි කෝමබ තිබ්බ පාරෙ.. දැන් බෑ.. ඉස්සර සෙරොම ලාබයිනෙ දැන් ගනන්..
දෙපාරක් හිතන්නෙ නැතිව බල්බ් වැල් දහයක් ගත්ත,
නිකම්ම පත්තු වෙලා තියෙන ඒවා 80යි නිවි නිවි පත්තු වෙන ඒවා.. 120යි...
චාම් නිසා නිකම්ම පත්තු ව්‍ලො තියෙන ඒව ගත්ත..
... ඊට එහා පැත්තෙ එකෙක් කෑ ගහනව ඇහිල ඒ පැත්තට ගියා...
.
බුදු කූඩු.. බුදු කූඩු ...බුදු කූඩු...
+ මොනවද අයියෙ බුදු කූඩු...
- අර පාන ගාව සාදුව තියන්නෙ මල්ලි...
+අයියෙ බුදු කූඩු නෙවේ.. බුදු කුටි...
-ඒ වචන කියාන්ඩ අමාරුයි මල්ලි.. අනික බුදු කූඩු කිවාම කස්ටියම ඇවිල්ල බලනවනෙ..
+ හ්ම් එහෙමද....
........
ඊට පස්සෙ බකට්...
අම්මගෙන් බේරෙන්න බෑ බකට් ඕනෙ කියල...
+කීයද අයියෙ බකට්...
- 10ක් 150යි..
+ කම්බි - ඉටිපන්දම්..
- සේරම ගහල තියෙන්නෙ ... මල්ලිට තියෙන්නෙ පත්තු කරල එල්ලාන්ඩ.. නැත්තං පත්තු කරලත් දෙන්නම්...
+ නැ නැ මම පත්තු කරගන්නම් සෙට් 2ක් දෙනන්..
- මල්ලි.. ප්‍රීති වෙසක් බකට් ගන්නකො... 250යි සෙට් එක..
+ ප්‍රීති වෙසක් නැනෙ අයියෙ අපිට.. නැද්ද සුභ - වෙසඟක්
- දැන් කොහෙද මල්ලි , සුභ වෙසඟක් “ - දැන ඉතින් ප්‍රීති -වෙසක් තමා... !
...........
සියල්ල හරිය... ඊලගට මගේ අවශ්‍යතාවයය..
පිටකොටුවේ පලමු හරස් වීදියම පීරා ඒ සීයා සොයා ගතිමි...
+සීයෙ කොහොමද ?
- හොඳයි පුතේ..
+ කීයද සීයෙ මේ කාඩ්...
- පුතා බලල ගන්න මම අඩු කරල දෙන්නම්..
+ ඇයි සියෙ අඩු කරන්නෙ..
- කවුරුත් ගන්නෙ නැ පුතේ.. දැන් වෙසක් කාඩ් යවන්නෙ කවුද ?
+ හ්ම්..මත් මුලු පාරෙම හොයලනෙ සියව හොයා ගත්තෙ..
- ඔවු පුතේ හැමෝම දැන් කුඩුයි බල්බුයි විකුනනව මිසක් කාඩ් වලට බිස්නස් නැ..  පුතා ගන්න මම අඩු කරල දෙන්නම්..
+හම්..හරි මට මේකෙන් කාඩ් 10ක් දෙන්න...
- හරි 250යි ගාන මට 200ක් දෙනන්...
+ 50ක්ම අඩු කලේ..
- ඒ මගේ ලාබෙ පුතේ.. උදේ ඉදන් පුතා විතරයි ආවෙ කාඩ් ගන්න අද... මට ලාභ ඕන නැ.. පුතා යාලුවොන්ට යවන්න ඔය ටික.. මට එක් සතුටුයි..
+සීයෙ සත් සතියෙ පින්තුර නැද්ද..
- අනේ නැ කෝලලො දැන් කවුරුත් ඒව ඉල්ලන්නෙ නෑ.. මාකට් එකේ නෑ..
+ අපරාදෙ මම හැම පාරම එලිය පෙට්ටි හදනව චැහ්..
- එලිය පෙට්ටි කොහෙද පුතේ දැන් කවුද හද්නනෙ...
+ හරි...සීයට පින් එහෙනම්.. ගිහින් එන්නම්.. බුදු සරණයි..
- බුදු සරණයි පුතේ....
.......................
පලමු හරස් විදියෙන් ප්‍රධාන වීදිය පැත්තට එනකොට මතක් වුනේ මල්ලීට ගේන්න කියපු
වෙස් මූණ... නිකමට වෙස්මුනු තැනට ගොස් බැලුවෙමි..
පාප්ප ගා පල්ප් වලින් සැදු එකක් වත් නැත සේරොම ප්ලාස්ටික් කෑලිය.. ඩ්රැකියාත් ඒ අතරය.. පරයාගේ මුනවත්.. යක් මූනක් වත් නැත.. මිකි මවුස් හාවො.. ඩොනල් ඩක් විතරක් නෙවේ.. බැලේ නටන කොටදෝ මන්දා නිකං ඇස් දෙකට විතරක් දාන පොඩි වෙස් මුනු ජාතියක්ද තිබුනි...
එක්කොත් ඌට වෙස් මුනු ඔනෑ නැත.. මේමූනු වලට වඩා .. උගේ තියෙන එකට ඊට වඩා පොඩි උන් බය වෙයි...
...................
ගෙදර එන්නට විදිහක් නැත.. අගලක් වාහනය සෙලවෙන්න පැයක් ගතවෙයි.. එැන සිට මිතුරු මිතුරියන්ට ඇමතුවේ වෙසක් ගැන දැන ගැනීමටය...
1-අනේ මන්ද කුරුළු.. පිස්සු මුන්ට.. අපේ හන්දියත් බ්ලෝක බං.. මෙච්චර මිනිස්සු පිස්සු බං.. පාරෙ හැම තැනම..
2- කුරුළු පිටකොටුවෙ එහෙම යන්නෙපා මම මේ හර වෙලා ඉන්නෙ රෙද්ද්.. යකෝ මුන්ට පිස්සු බං..ඔලු ටිකක් විතරයි පේනනෙ.. ගෙදරට වෙලා කුඩුවක් හද්නනෙ නැතිව සල්ලි වලට ගන්නව..
+ උඹ කොහෙද ඉන්නනෙ මමත් කොටුවෙ ඉන්නෙ...
-අඩේ මම ත් කොටුවෙ බං වාහනේ හිර වෙලා ඉ්නනෙ...
.................
7ට කොටුවෙන් පැමිනි මා 9.30ට පමන ගෙදරට පැමිනියෙමි...
කූඩු ටික අප්පච්චිට දුන්නෙමි... අප්ච්චි මෙන්න මේ කුඩු ටික කොන් වලින් ක්ලිප් කරන්න.. ඊට ප්සසෙ මේ කැටයම් ටික අලවන්න..
- ඇයි තමුසෙට බැරිද අලවන්න..
+ අයියෝ මම ගෙනල්ලත් දේනනොන අලවන්න අප්ප ඔය ටික ලේසියිනෙ අලවන්නත්... නැතිනම් මල්ලිට කියන්න... අර බල්බ් ටිකත් එල්ල දාන්න ඈ..
-බ්ලබ් දාන්න මට බැ උඩ නගින්න.. එක්වත් දානව..
+ අපෝ මට වැඩක් තියෙනව..අර එහා ගෙදර මල්ලිව අල්ල ගන්න ටිකකට..
මේ නියමෙට ගන්න හොදද.. රෑට සේරොම එල්ලල පින්තුරයක් අරන් ෆේස් බුක් එකේ දාන්න ඕන...
--- බකට් ටික අම්මාට දුනිමි... බෑග් සියල්ල හිස් කල පසු.. ඉතිරි වුනේ වෙසක් කාඩ් ටික පමණි.. ඒ ටිකත් අරගෙන කාමරයට වැදුනු මා අන්තර්ජාල ගත වීමි...
-----------------------
ඒ වනවිටත් 50කට වඩා ප්‍රමාණයක් සුභ පතා ඇති.. පින්තුර 20කට විතර ටැග් කර එල්ලා තිබුනි..
ප්‍රීති වෙසක්- !!
සියු පැතුම් ඉටුවන සුභ වෙසක් දිනයක්..!
හැපී වෙසක් මංගල්ලයක් වේවා..!
ඒ මදිවාට දන්සලකට එන්න යැයි ඔන් ලයින් ආරාධනාවක් එවා ඇත.. මම ගොයින් ක්ලික් කරලෙමි.. සුවර් එකටම ඔවුන් ගෙදරටම එවනවා විය යුතුය..
මුදල් ප්‍රමාණයක් ඔන් ලයින් ට්‍රාන්සර් කලෙමි...
පිනද ඔන්ලයින් ට්‍රාන්සර් වනු ඇත..
.
ඔන් ලයින් තොරණක්ද දැක ගත හැකි විය..
වරදකට තිබුනේ බුදු රැස් මාලාව මට අප්පච්චි තොරන් හදන කොට කියා දුන් පරිද නැති වීමය..
අප්ච්චිලා තොරණ් වලට රැස්මාලාවට කිසි දිනක කොළ පැහැය යොදා නොගත්තෝය.. ගත්තානම් ඒ කතා රාමු සදහා පමණි...
එත් ඔන් ලයින් තොරණ..!!!!
හැකියාව ලැබුන පමණින් තේරුමක් නැතිව තාක්ෂණය වුනත් පාවිච්චි කරන හැටි..!
-- සමහරු සුභ පතා එස් එම් එස් එවූහ..
- ඔන් ලයින් කැරකෙන කූඩුද විය....
ඇතැමුන් වෙස් මූනු පැලදගෙන පේ‍රාෆයිල් පින්තර අප්ලෝඩ් කර තිබුනි.. ඒ ඒවා දාගෙන යන්න තියෙන එකම තැන ෆේස් බුක් එක නිසාවෙනි...
වෙසක් බැලිමට එලියට යා යුතු නැත.. පීසා එකක් ඕඩර් කරන්නෙමි..  රෑ වෙනකොට ගෙවල් වල තියෙන සියලුම කුඩු ෆේස් බුක් ගත වනු ඇත.. දැක සිත පහන් කරගන්නමෙි..
බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වි සිටින්නෙමි.... !!
...
සිතේ ඇත්තේ එකම එක දුකකි..
කාඩ් 10ක් ගත්තාට ඒවා යවන්න මිතුරන් නැත... හිටයත් උන්ගේ ලිපින මතක නැත.. මාගේ මතක සියල්ල ජංගම දුරකතනය විසින් සොරා ගෙන ඇත...
නැවතත් වෙසක් කාඩ් එකක් අතට ගෙන බැලීමි..
තුන් ලොවම දත් බුදුන් මද සිනාවක් නගා වැඩ සිටියි.. ඒ අසලම බිම අරලියා මල් දෙකකි..
සමා වෙන්න සාධු මට හිනා වෙලා ඉන්න බෑ... ඔයා වගේ... ඒක වෙන්න ඇති අපි දෙන්නගෙ වෙනස..
කාඩ් 10 කවර වලට බහා මේස ලාච්චුවට එබූවෙමි..!
....
--- ප්‍රීති වෙසක් !! --
====
පිහිටක් නැති සරණක් නැති. සතුටක් ඇති මුහුණුක් ඇති
මේ සසර දනවුවේ... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..
බුදු හාමුදුරුවනේ....
..
හබලක් නැති ඔරුවක් ඇති.. මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනවුවේ... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..
බුදු හාමුදුරුවනේ..
.
නිවනක් ඇති ගෙදරක් ඇති - ගමනක් වෙති බෙරසක් නැති
මේ සසර දනවුවේ... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..
බුදු හාමුදුරුවනේ..
--- විශාරද ගුණදාස කපුගේ...
========
---කුරුළු---
http://www.youtube.com/watch?v=qdlXWhK_b8g

7 comments:

  1. අපේ බ්ලොග් සින්ඩියට ඔබේ පිටුවත් එක්කරන්න. මෙන්න ලින්ක් එක

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. සුබ වෙසක් දිනයක්. සසර දුක් නිවා පහන් කර ගන්න නිවන්

    සත්‍යය බුදු දහම මොකද්ද?

    ReplyDelete
  3. කාලයත් එක්ක හැමදේම කොච්චර වෙනස් වෙලාද .ඉස්සර පොඩිකාලේ අනිවාර්යෙන් අපේ අතින්ම හදපු කූඩුවක් වෙසක් එකට එල්ලනවමයි ඒකට ලස්සන ලස්සන කැටයම් දාල සව් කොළ අලවල ගෙදර ඉස්සරහින්ම එල්ලනවා හැමෝටම පෙන්න .පාරේ යන එන අය අපේ කූඩුව බලබල යන හැටි දැකල ලොකු සතුටක් විඳිනවා .ඒත් දැන් කූඩුවක් හදන්න ඕන කම තිබ්බත් හදාගන්න වෙලාවක් නෑ. මෙදා පාර එල්ලුව කඩදාසි කූඩුව මම ඉස්සර හදපු අටපට්ටම් තරම් ලස්සන නෑ හිතට සතුටකුත් නෑ . කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා මේ ලියපු කතාව සහතික ඇත්ත .අන්තිමට... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..

    ReplyDelete
  4. ඔය ටික සිතින් මෙනෙහි කලෙමි

    ReplyDelete