Tuesday, May 27, 2014

=== මහ මෙවුනාවේ සමාධි බුදු ඇස =රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? නැති නම් සැබැවින් කඳුලින් වැසුනිද ? ===



මෙදා පාර තොරණ බලන්ට යන්න වුනේ තනිවමය..
.
තනියම තොරණ බලනවා කියන එක තරම් එපා කරපු වැඩක් මට නැත.. ඒ තොරණ  ගැන බල්බ රටා ගැන.. ජාතක කතා ගැන... රැස් මාලාව ගැන කතා කර කර යන්නට කිසිවෙකුත් නැති වීමය..
බොහෝ විට තොරණ බලන විට මා උනන්දු වනුයේ ඒ බල්බ රාටා නිර්මාණය කර ඇති ආකාරයයි.. ඒ රටාව සිතෙන් කාර්මීකරණයට ලක් කරමි... ඒ හුදේක් ලබන වෙසගේදී මවිසින්ම එක්ක තැනීමටය..
එහෙත් අවුරුදු ගණනාවක් ගෙවුනත් මා නම් කිසි දිනක තොරණක් සාදා නැත.. හුදු සිතිවිලි පමණි..
......
වෙසක් කාලයට “ පමණක් “ අපට ඇසේන ගීත කරලියට බැස තිබුන දසත සිසාරා එම ගීත පමනි...
ඉස්සර ගමේ කැරොල් බලන්න ගිය හැටි සිහිවුනේ මහ මගට අඩිය තබනවාත් සමගමය..
ඒ කාලෙ විදියට නම් කැරොල් වලට සහභාගීවන්නන් අඳිනු බලන්නෙ අලුත්ම තමාට තියෙන විසිතුරුම ඇඳුමය... දැන් මේ ද එසේමය..
කතරගම කෝවිල් පූජාවේ කාවඩි නටන්නන් පිරිසක් මෙන් හැඳපැළැන්දෝද උන්හ..
රතට රතේ දිලිසුනෝය... සීකුවින් ඇල්ලු ඇදුම්ය.. හිසටත් පටියක් බැඳලාය...
...
චිනෙන් ගෙන ආ නලාවක් හඳුන්වා දි තිබුනි.... එය කොතරම් කරදර කාරීද ගොසා කරීද නොසිතුවෝ පන්සලේ පට මලුවෙත් ඒ පිඹිති..
විශේෂයෙන් කාන්තා පාර්ෂවයේ කරණට කර පිඹිති.. කන් බෙරය ගැන කිසිදු තැකීමක් නැත..
කිහිප දෙනෙක්ට වට කරගෙන ගුටි දන්සලක්ද ලැබුනි...
පිරිමින් පමණක් නොව ටිකක් දුර යනව ටි කාන්තාවෝද ඒ බිමිනු දුටිමි...
...
වෙස් මූනු ගැන නම් කල කරෙනවාමය.. දේශිය මූනක් නැත.. අවාසනාවට විදේස් රටක නර්ථනයක් සඳහා භාවිතා කරන දෙඇස විතරක් ආවරණය වන දිලිසෙන සහ පිහාටු ඇල්ලු වෙස් මුනක් වගෙ දෙයක් තිබුන... කොළඹ ලොකු ලොකු පවුල්වල දැරිවියෝ අතර නම් ඒවා හොඳට විකිනී තිබුනි.. ඒ ඔවුන් වෙසක් එකට වත් ඇද වුන වෙස් මුනක් පැලැදීමට අකමැති නිසාවෙන්දෝ ම්න්දා තවත් හැඩ වෙන මූනක් පැලැන්දහ..
......
බෞද්ධ කොඩි වලට වඩා.. ලයිට් වැල්ය.. ඒද සෞම්‍යව දැල්වෙන්නක් නොව. .අමුතු රටාවන් තිබෙනු දුටිමි... ඒ විකුනු පෙට්ටි තොගයක් මට ඇහැ ගැටුනි.. එහි ෆයිනස් ගසක් මුද්‍රණය කර ඒ සරසන ආකාරය්ක තිබුනි.. සිනසී නැවත බල්බ වැල දෙස බැලීමි...
....
ආරම්භයේ සිටම කලකිරීම්ය.. වෙසඟ වුණත් සොබාදහම පොදුමය.. බුදුන් වහන්සේ කියා දීමට උත්සහ කරන්න ඇත්තේත් මෙයම විය යුතුයි... පන්සලේ කොණක ඉ්සසෝ වඩේ පුලුස්සා දෙන කරත්ත හයකි.. දන්සල් පහුකරගෙන විත් ඒවා කා බඩපුරෝ ගන්නෝද වෙති... හැමේටම නිවන ලඟ නොවන්නෙ මේ හේතුවෙනැයි සිතමි...
.....
කෙසේ හේ තොරණ වෙත ගියෙමි... ජාතක කතාව නම් නැත.. ආධාර මුදල් කවි නම් ගැයේ.. කවි විරිදු නොව සින්දු වල තාලය....
මුකුත් කියන්නත් බැරිය.. තොරණකට ආධාර දීමත් පින් කටයුත්තකි.. මෙසේ හෝ මේවා ඉදි නොකලහොත් තව නොබෝ වසරකින් ඒවාද පෞද්ගලික සමාගම් මගින් ඉදි කරනු ඇත..
ටිකක් විමසිල්ලෙන් අසාගෙන සිටියෙමි.. ඒ ආධාර සියල්ලම දුර බැහැරින් පැමිනි ආච්චි සීයලාගෙන්ය.. නගර බද කිසිවෙකුත් ආධාර කරන්නෙ නැත..පුරුද්දක් නැතිව ඇති...
මුදල් දී හිම කිරමක් මිලදී ගතිමි.. තනිව වෙසක් බැලීමේ ආනිසංසය...
මා බුදු දහමට බොහෝ සෙයින් ආදරේ කරන්නෙක්මි.. ඒ නිර්මල දහමටය.. මේ සිදුවන විකාර රූපී දේවල් පාලනයක් කල යුතුය..එ සේ නොවුනහොත් මේ තවත් වල වැදි නිකංම්ම නිකං වෙසක් පාටියක් වනු ඇත.. නැතහොත් මේ සමරන්නෙ කුමක්වත් දැයි මිනිස්න්ට අමතක වනු ඇත..
බුදුන් දැන් නැත... දහම පමණි.. දහම රකින්නවුන් මේ සඳහා ඉදිරිපත් විය යුතු යැයි සිතමි..
....
එක්වරම එහා පැත්තෙන් කලබලක් ඇසුනි..  වන්දනා නඩයක් කොලු රැකට බැන වදී.. උවුන් නලා පිඹිමින් උඩ පමිනිමන් අර නඩයේ බැනුම් කණකටවත් නොගනිමින් සිටිති...
තොරණ බලමින් සිටන විට ඒ පැමිනි කොල්ලෙක් නඩයේ සිටි කෙල්ලකගේ පස්ස* මිරිකා ඇත.. තවෙකෙක් තනයක්* මිරිකා ඇත...
ඔවුනට ප්‍රීති වෙසක්ය...
..........
මේ සියල්ලම ඉවසා වදාරාගෙන බුද හිමි තොරණ මැද නිහඩව වැඩ හිදිති..
මඳසිනාවක් පමණි...
මා දෙසම බලා ඉන්නවා පමණි.... කවුරුන් කෙසේ කීවත් “ භාවනා කරද්දි ඇස් පියා ගන්න “ ..
බුදුන් කිසි දිනක ඇස් පියා නැත.. අඩවන් ය... ඒ නිවුන දෑස දෙස බලා ඒ නිර්මාණය කල ශිල්පීන්ට සිතින් පින් දී කල කිරුණ සිතින් ආපසු යන්න හැරුනෙමි...
බුදු හාමුදුරුවො මෙහෙම ගාණකට නැතිව හිනා වෙලා කොහොම ඉන්වද මන්ද තොරන ඉස්සරහ භුමියෙ කොය තරම් දෙවල්ද.. සිත ව්‍යාකූල වෙන...
දුකින් තරහින් ආපසු යෑමට හැරුණා පමණි...
අසල සටි කුඩා දරුවෙක් තොරණ පෙන්වමින් කෑ ගහන්නට විය..
- අප්පච්චී අප්පච්චී අර බලන්නකො බුදු සාදුගෙ ඔලුව වටේට “ සිල්වෙස්ටර් පුසගෙ වගේ “ එක එක ඒව කැරකෙන හැටි....
...
මම වහා තොරන බැලීම....
තනිවම හිනාය... කතාව ඇත්තය.. මා නොදුටු දෙයක් ඒ දරුවා දැක ඇති.. මා පමණක් නොව මෙතෙක් කිසි කෙනෙකුන් දැක නැත..
බුදුන් නිහඩව වැඩ සිටියත්..
සිරුරෙන් විහිදෙනවා යැයි පවසන බුදුරැස් සංකේත වත් කරන බල්බ රාටා සියල්ල පැැහදිලි කරයි..
විමසිල්ලෙන් බැලු විට ඒවා සිත නිසල වීමෙන් පිටට විහිදන සම්‍යක් බුදු රැස් නොව..
තරු පනින.. කොටු කරකෙන.. මදුරුකොයිල් කැරකෙන්.. එහෙ මෙහෙ විසි වෙන.. රටාය...
අවුරුදු ගාණක් තොරණ නිර්මාණ ශිල්පීන් මේ සිදුවෙන සමාජ වපර්යාසය මේ රැස්මාලව තුලින් කියා දී ඇත.. අවාසනාවට අපට තොතේරේ...
...
බුදුන් නිහඩව බලා සිටිති..එ හෙත් බුදු රැස් ..... !!!!!
--------------------
මහ මෙවුනාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද ?
නැති නම් සැබැවින් කඳුලින් වැසුනිද ?
.
පිරිතේ තෙවලා බණ පද යේ
සාදුකාරයේ හඩ මඩිමින්
අවි ගැටෙනා හඩ රණ දෙරනේ
දේංකාර දී එයි නැගෙමින්
ඒ ඇසු බුදු ඇස කඳුලින් වැසුනිද?
නැතිනම් රෑ වට පින්නෙන් පිරුනිද ?
.
හදේ ගලා ගිය මේත ගගුලේ
සීතල දිය රැලි ගල් ගැසෙමින්
නොමිනිස් කම් දලු දමා වැඩේ
මිනිසත් භාවය ගිනි තබමින්
ඒ දුටු බුදු ඇස කඳුලින් වැසුනිද
නැති නම් රෑ වට පින්නෙන් පිරුනිද ?
======== නන්දා මලිනියන් ..!
----- කුරුළු----

* පස්ස - හා තනයක් - වචන දෙක භාවිතා කලේ ඒවා ස්වාභාවිකවම පිහිටන නිසාවෙනි.. ඒ වචන දෙක යෙදීම වැරදී යැයි පවසන්නේ නම්.. ඒ නැති කෙනෙක් හෝ නොදුටු කෙනෙක් වී නම් මා විචාලිය හැකිය..

11 comments:

  1. වෙසඟ දැන් වෙසඟනක් වෙලා බං...

    ReplyDelete
  2. අඩේ සිරාවටම මාත් කාලයක් හැම වෙසක් එකකම හිතනවා ලබන එකට තොරනක් හදනවා කියලා එත් කිසි දවසක හදලනං නෑ.

    ReplyDelete
  3. මාත් ඕගැන කතා කරා කුරුලුමවා වෙසක් එක ඉවරවුණ ගමන්ම...
    අපේ අය්යලාට කියන කං ඕව මතකයි ඒත් ඊළග පාර වෙද්දි ඔය කිසිම දෙයක් මතක නෑ..
    අන්න ඒකනෙ අවුල

    ReplyDelete
    Replies
    1. අඩේ අපිට ලියන්නත් දෙයක් තියෙන්නෙපැයි ඒක වේනැනති

      Delete
  4. අහ්හ් හා පට්ට. ඇත්ත ඇති සැටියෙන්...

    මොනව වුනත් තොරන් ගැන නම් කියල වැඩක් නෑ. වැඩිපුරම කියන්නෙ ලඟදි හිට් වුන සින්දු වල බීට්ස් වලටමයි

    ReplyDelete
    Replies
    1. කවි අහල බඩ යනව සමහර තැන් වල

      Delete
  5. මටත් වෙසක් බලලා (ඇත්තටම කිව්වොත්, උවමනාවෙන් බලලා නෙවෙයි, ගෙදර කට්ටිය එක්ක ගිය නිසා දැකලා) එපාම වුණා කුරුලු. ආපු ගමන් කලේ මෙන්න මේ විදිහට, මම දැකපු දේ කෙටියෙන් කියපු එක. හදිස්සියට, මහන්සියට, තෙහෙට්‍ටුවට වෙන්න ඇති, ලියවෙන්න ඕනේ දේවල් සමහරක් මම ලියලා නෑ, ඒත් නිකමට බලන්නකෝ.

    ඇත්තටම දැං සෞම්‍ය, සංවර, ශීලාචාර හැසිරීම් වත්, ශ්රද්ධාශීලී ක්‍රියා වත් පේන්න නෑ.

    තියෙන තරමක් මහ වනචර අසික්කිත හැසිරීම්. ලැජ්ජයි. !!!!

    ReplyDelete
    Replies
    1. මේ ැගන හොරෙන කතා වුනාට එලියට ඇහෙන්නෙ නැ අප්ප ඒකයි අවුල

      Delete
    2. කියලා වැඩක් නෑ කුරුළු.
      මෙව්වා කොටලා නිකං අපේ අතයි හිතයි වෙහෙසෙන එක විතරයි ද මංදා.

      කමක් නෑ අඩු තරමේ අපි අපි කිහිප දෙනා වත් හරි දේ කරන්න පෙලඹෙන එක ම කොච්චර දෙයක් ද??
      නේහ්!!

      Delete