Tuesday, February 17, 2015

== අලි ==



නුඹව අරගෙන ගියපු
අලි රෑන තව එනව
අපේ දුක අහන්නට
වගේ ගෙට හොඬ ලනව

උඹව සිහි කරවන්න
වළං ටික පොඩි කරල
පිල ගාව දණ ගහං
මහ හඩින් කෑ ගහල

හිස් බඩින් කැලයටම
දුවන විදියට වැනිල
සත්තමයි දුක හිතුන
උගෙ පැටිය ගැන හිතිල

අලි නොඑන දා රෑට
හංදියේ මුදලාලි
සතියකට ඇතිවෙන්න
බඩු අරං මෙහෙ එනව

හැමදාම නෙලුම් මල්
හොඬින් ගත් අලි පැටවු
වටේ කැරකෙන්නැතිව
මගෙ බඩට රිංගනව

නුඹෙ නොවන කැලෑ මල්
පිපෙන්නට කලින් මං
කෑ ගහං නැගිටිනව
පොඩි එකිත් අඩවගෙන

මගෙ ගැන කමක් නැ
කෙලී දැන් ලොකු වෙනව
කතාවක් හැදුනොතින්
උඹට පවු සිදුවෙනව

දුවේ ආයෙම ගමට
අලියො එනකොට රෑට
අපි දෙන්න පිල උඩට
වෙලා නිදියමු හොඳට
--කුරුළු-

5 comments:

  1. කවියක් වුණත් දුක හිතෙන කතාවක්...
    කුරුලු වගෙන් මං කියවපු පට්ටම කවිය

    ReplyDelete
    Replies
    1. ස්තුතයි සහෝදරයා බ්ලගේ එක බලන කිහිපදෙනාගෙන් හරි කොමෙන්ටුවක් තියල යනවට

      Delete
  2. කවියක් කියල කියන්න පුළුවන් කවියක්...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතයි සහෝදරයා බ්ලගේ එක බලන කිහිපදෙනාගෙන් හරි කොමෙන්ටුවක් තියල යනවට

      Delete