Sunday, February 1, 2015

== හදවත් ගැහෙනා රිද්මය අතරේ - සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු ==




.
- ඒ ෂ්.. නලුවා..
+ක...කවුද ?
- නලුව අනේ නලුව එළුව නෙව් නලුවා..
+ කවුද නළුවා
- කවුද දන්නැ අප්ප.. වෙඩින් වලට ගිහින් පින්තුර දාන්නෙ . හක හක හක හක.. පවු අනේ අර කෙල්ලො ටිකත් ලයික් කරනව මැරීගෙන . මෙයාට ඉතින් හරි ජොලී නේ..
+ ඔවු ඉතින් ඒ අය මාව ඇත්තට දැකල නැනේ ඒ නිසානෙ
- ඒක තමාමාත් මේ කියන් ලැහැස්ති වුනේ.. අර කමෙන්ට්ස් දැම්මාම ලස්සනයි ෂා මරු කියල..මිස්ට කුරුලු ඕවා එච්චර හිතන්නෙපා අනේ හොඳද. ඒ අය විහිළුවට වෙන්න ඇති කියන්නෙ ඔයා ඒවා එච්චර සීරියස් ගන්පො හොඳෙ..
+ හ්ම් හාකො..
- අප්පේ පවු කොල්ල .. කෝ බලන්න මූණ... මේ ඒක නෙවේ මොකෝ මිනිහෝ අර තඩි බඩ ගෙඩියක් පේන්නෙ
+ රෙද්ද !
- රෙද්දක් නෙවේ තරහ ගන්නෙපා ඒකෙ ලොකු බඩක් පේනවනෙ..
+ නැ නැ මම කිවුවෙ ඒ වේට්ටියෙ රෙද්ද අනේ.. අනික ඉතින් මම ඇග හදා ගන්න ජිම් එකකටත් ගියානෙ..
- ඉතින්
+ ඉතින් මුල් සති ටික ගියාම බඩ ආවනේ..
- ඒ කෝමද අනේ එහෙම වෙන්නෙ පපුව නේ එන්න ඕන
+ ඒකනෙ මමත් ඇහුව ඒ කියල දුන්න අයියගෙන්. මිනිහ කිවුව ඉස්සල බඩ එයි පස්සෙ හෙමීට පපුව එයි කියල... මම නතර වුනා..
- හහ හහ හහ හහ හහ හහ හොඳ වැඩේ... මේ ඒක නෙවේ කේ ඩාන්ස් එක මට බලන්න දුන්නෙ නැනෙ. .හොඳට නැටුවද ?
+ ඔවු.. ඇයි මම ෆේස් බුක් එකේ දැ්මමේ
- අඩේ මම දැක්කෙ නැනෙ.. ඔහොම ලයින් එකේ ඉන්ඩ මම මේ බලන ගම්න් හොදද..කෝ බලන්ඩ... අපේ සුදු අයියගෙ නැටිල්ල..
+ එපා බලන්ඩ.. ඒක දැම්මෙ අරුන්ගෙ ඉල්ලිමට.. ඒක කැතයි හොදද බල්නනෙපා..
- කෝ ඔයා නටන්නෙ නැනෙ පිටි පස්සෙනෙ ඉන්නෙ..
+ ඉදහං කෙල්ලෙ පස්සෙ එනව මැද හරියෙදි..
- ෂ් ෂ් කැ ගහ්නනෙපා අන්න එනව එනවා....හහ... හක.. හක.. හිකස් හක හක හක හක හක හක හක බුදු අම්මෝ මට බැරියෝ.. හක හක හක හක හක... මෙයාගෙ නැටිල්ල දැකල මගෙ බඩ දනවෝ..
+ අඩේ මේ විහිලු එපා හරිද මම ද්නනෙ නැ නටන්න දන්න විදියට නැටුවෙ..
- මොනවද අනේ රූකඩ වගේ.. හිනා වෙලා නටවකො ටිකක්. අර මනමාලිනම් අඹරනව හොදට.. කවුද නූල් අල්ලන් හිටියෙ ඔයාලගෙ ?
+ ඔන් නැ මම තියනව ෆෝන් එක .. ඔයා හිනා වෙනවනෙ අප්ප
- අපෝ නැ නැ හරි හරි... මෙයාට තරහ යනවෙනෙ.. අම්මද බෝල මේකෙ ෂෙයාස් පුහ් කමේන්ට්ස් ලයික්ස්  වැහි වැහැල.. මම හිත්නනෙ වෙඩින් එකක නටන්න ඕන නැති විදිහ කියල වෙන්න ඇති ෂෙයා කරන්නෙ.. එහෙම නැත්ත මෙන්න තවත් ෆන් ඩාන්ස් එකක් කියල වෙන්න ඇති.
+ හරි මං තියනව බායි..
- ආ.. හරි හරි සොරි සොරි.. ඉවරයි ඒක සොරි හොදේ..!
+ හ්ම්
- සුදු අයියෙ මේ මම ඔයාට කියන්නමයි හිටියෙ..
+ මොකක්ද ?
- ඔයා ආයෙ ලියන්නෙපා.. සුදු නංගි කතා
+ ඇයි ඒ..
- මම දැක්ක ඔයා වගේ ලියන අය බෝ වෙලා ෆේස්බුක් එකේ. එක්කෙනකේ ඔයා වගේ - කුරුළු - කියලත් නම දාගන්නව යටින්.. සමහරු ලියල ඔයා වගේ සින්දුවකුත් දානව..
+ ඉතින් ඇයි මම ලිය්නනෙ නැත්තෙ..
- එපා අයියෙ මට දුකයි.. කොපි කරනවනෙ ඒ අය ඔයාව.. ඔයා දැන් අලුත් විදියක් පටන් ගන්න ඒක ඒ අයට දෙන්න.. ඒ ළමයින්ට අලුත් විදියක් නැති නිසානෙ ඔයාව අල්ලගෙන තියේනනෙ.
+ හ්ම්.... කල්පනා කරල බලමු.
- හ්ම කල්පනා කරල බලල ලියන්නකො.ඔයාට තේරෙනවනෙ හොද දේ.. හ්ම්.. නැ මට දුක හිතුන. කුරුළු ල වැහි වැහැල නිසා අවුරුදු ගාණකට කලින් ඔයා විතරයි හිටියෙ.. මට මගේ කුරුළු ඕන ඒකයි.
+ හ්ම්
- මොකෝ බස්සෙක් වගේ හ්ම් හ්ම් ගාන්නෙ..උලමො..මේ ඒක නෙවේ දැන් මට මොනවද 14 වෙනිදට දේනනෙ !
+ මොන දාහතර වෙනිදටද? දා හතර දැන් පහු වුනානෙ
- උරෝ පෙබරවාරි 14 අනේ වැලන්ටයින් දවසට මතක නැද්ද
+ ආ මට ඉතින් වැලන්ටයින් නැනෙ..
- ආ.. හරි වැඩක් ඇයි ඒ....
+ ඉතින් මමනෙ වැලන්ටයින් ..
- ඔවු ඔවු හුහ් මම දැක්ක ඒකත් දාල තියෙනව. හැමෝගෙම වැලන්ටයින් කියල. මේ මල්ලි ගිය පාරවගේ සේප් වෙන්න බැ හරිද . මට දෙන්න අමතක නොවෙන දෙයක්
+ හොඳ කම්මුල් පාරක් දෙන්නද ?
- අනේ මේ තියාගන්නව ඔහෙගේ පාර.. මම යනව දැන් ඔහෙගෙ තැග්ග හදන්න..
+ අහ් එහෙමද ? ඔයා දැන්මම ලැහැස්ති වෙනවද ?
- නැතිව ඉතින් . මේකනෙ මෙයො අපිට ඉතින් වෙන වැඩ නැනෙ මේ කොහෙවත් යන පිස්සු කොල්ලොන්ට තෑගි හදනව ඇරෙන්න... ටටා හොදේ බායි..
+ මේ රුපියල් 5000 අඩු තැගි අපි බාරගන්නෙ නැ හෙදේ .. ටටා. බායි.. ආදරෙන් ඉන්න සුදු නංගි
- ආ ඇත්තද බලාගමුකො...
.===========================
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ////

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

සංගීතය: රෝහණ වීරසිංහ - පද රචනය: සමන් අතාවුදහෙට්ටි
=====================
- කුරුළු--

song -

2 comments:

  1. කුරුළු අය්ය ලියන විදිහ කුරුළු අය්යටම ආවේණිකයි එක කාටවත් කොපි කරන්න බෑ ...

    ReplyDelete