Thursday, February 12, 2015

== කුරුළු වලප ==



මා සොඳුර මේ අසව
එහා නිවසෙහි සිටින
මගේ අයියා බලව

සතියකට වතාවක්
ගෙදර ආවත් මොකද
බව බෝග යස ඉසුරු
රැගෙන එන එක මදිද

අපල දුරු කරන්නට
ස්වෙච්ඡා සේවයට
මාල ගිරවුන් ගන්න
මිලි අක්කනුගේ යට

ඊයෙ හවසත් දැක්ක
දැන්වීම එල්ලනව
නොගියොතින් එහෙම මම
අපෙ පැටවු අල්ලනව

සොඳුර නුඹ නාඩන්න
හිතුනොතින් දැක ගන්න
නුගේ ලග අක්කාට
නොපෙනෙන්න නුඹ එන්න

පවුනෙ බං ඒ අයත්
අපිවගේමයි ගොඩක්
අක්කටත් තුන් දෙනෙක්
කිරි පාට කෙල්ලොන්ම

අපල දුරු කරන්නට
කවුරු හෝ පිංවතෙක්
අරං අත හැරිය පසු
එන්නංකො කැදැල්ලට

එතෙක් මාගේ බරට
හරියන්න වී කරල්
දුසිමක්ම හෙට හවස
ලැබෙයි නුඹගේ අතට

දෙයියන්ගෙ පිහිටෙකින්
සතියකින් ආවොතින්
ඉතුරු කරපං මටත්
උඹ කාපු ඩිංගකින්.... !!
-- කුරුළු---

4 comments:

  1. හ්ම්ම් කුරුළු, ‍ලස්සනම ලස්සන blog එකක්. අදයි මේ පැත්ත‍ේ ආවේ. පුළුවන් වෙලාවට ඇවිත් යන්නම්. හැමදාමත් ලස්සනට ලියන්න හැකිවේවා... සුබ පැතුම්

    ReplyDelete
  2. හැමදාම වගේ හරිම ලස්සනයි

    ReplyDelete