Saturday, January 18, 2014

== මොනවම නැතත් ඇතෙකුට - ලොකු කම දැනෙයි ඔලුවට.



කොහොමද
සුනිල් උඹලට
වැඩ ඇති නේද හරියට
වයසද ඉතින් දරුවට
හමුවුනෙ නෑනෙ කලකට
.
- වරදක් ම නෑ පාලිත
ඉඳ හිටල පිට කොන්ද
ඇවිලෙනව යමරෙට..
උඹේ නම් දළෙත් දැන්
පැනල නේ එලියට...
.
+ උඹටත් පිස්සුනේ හරියට
ඔහොමත් උසස්නවාද බං ලී කොට
ගා ගනිමු තෙල් නේද හෙට
කියලවත් උඹේ බිනරිට
.
- ඇයි සුනිල් අමතකද බොට
මාසම දහයක්නෙ මරණෙට
+ එහෙනම් ඉතින් හෙට මට
තමයි කරඩුව කරපිට..
.
- උඹේ ලොකු අක්කත් නුවරට
දුන්නලු නේද කුලගෙට
+ කියලා මොකටද ඒ ගැන
 උන්ටම ගිහින් මේ රට
.
- ගිනි පෑගෙයිද බං හෙට
ඊයෙත් ඇන්න කකුලට
+ කෑ නොගහ ඉදින් කට කට
ඇහුනොතින් ගුටි තමයි ගොවුවට
.
- අපි දැන් යනව බං වයසට
නෑනෙ වෙන පොඩි එවුන් මේකට
+ කොහෙ ඉන්න අලිද බං රටකට
හිටපු උන් දැන් ගිහින් හුළගට
.
- කියවන්  නැතිව අරහෙට
යමන් ඩිංගක් පොකුණට
ඇගපත තෙමන් හෙමිහිට
අපිත් යමු උඩ මලුවට...
.
කියෙවුවට මුන් ලොකුවට
ඇදුම් ටික ඇත්තෙ ගානට
හරියට තැනට විගහට
දඩුවම හෙළුව, නොගියට
.
කවුරුන් මොනව කිවුවට
ඇන්දම ඇදුම නියමෙට
මොනවද ඔට්ටු උඹ මට
ලස්සන වැඩියි, නිලමෙට
*************
කරඬුව අරන් ඔලුවට
පාවඩ උඩින් යනකොට
මොනවම නැතත් ඇතෙකුට
අලිකම දැනෙයි ලොකුවට.
--කුරුළු--

10 comments:

  1. බොහොම සාර්ථකයි කුරුළු. ඔබ හැබෑ දක්ෂයෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයානෙනි මමත් තාම ඉගෙන ගන්නව

      Delete
  2. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
  3. සුපිරි අයියණ්ඩි. උඹනම් නියම සාහිත්‍යවේදියෙක්.. නියමයි..

    ReplyDelete
  4. උඹ සැබවින්ම දක්ෂයෙකි. කුරුළු මම උඹට ආචාර කරමි. උඹ එලියට ගේන මාතෘකා, උඹටම ආවේනික ශෛලිය.....මම ඉතා ඉහලින් රස විඳිමි.

    ReplyDelete
  5. පට්ට සිතුවිල්ලක් ....නියමයි.

    ReplyDelete