Monday, January 20, 2014

**දුක තමයි රංජනී පඩි හම්බෙනකම්**




.
තාම ඉස්සර
වගේමයි බං
අඬනවා පොඩි
එවුන් ගින්නේ

මාසෙ අන්තිම
ළඟට එනකං
දින ගනියි ‍ලොකු
පුතා චන්නේ

පොඩි එකී ගෙට
වුණා ගිය බක්
මං තමයි
සේ රෝම බැලුවේ

ඉස්සරත් මට
අමාරුයි රන්
ඒ නිසංයි මං
බින්න බැස්සේ

රංජනී පඩි
තාම නං නෑ
නුඹ ගියත් වෙන
එකෙක් පස්සේ

හිතේ තරහක්
මගේ දැං නෑ
හීනෙනුත් මුන්
කියයි " අම්මේ"



මතක නම් උන්

ගැන හිතපු හැටි
නිද වරන් 
කාලයක් තිස්සේ

එනවනම් උඹ
ඇවිත් බලපං
"
යතුර ඇති
පා පිස්ස අස්සේ"
---
කුරුළු--

11 comments:

  1. එනවනම් උඹ
    ඇවිත් බලපං
    "යතුර ඇති
    පා පිස්ස අස්සේ"
    සැබෑ ජීවිත වල හදවත ස්පර්ශකරලා සැහැල්ලුවෙන් ඔයා ලියන කවි හරිම අපූරුයි අයියා.

    ReplyDelete
  2. බොහොම ඉස්තුතියි බට්ටියෝ..!

    ReplyDelete
  3. ඔට බට්ටි උපුටල ගනිපු ටික තමයි කවියෙම පණ රැදිල තියෙන්නෙ. පටිටයි..සහෝ..

    සීනීබෝල සුරංගනා
    කවි දැක්කා මං
    ඒව දැකල කිසිම දෙයක් දැනූනේ නෑ බං
    කවිය කියල තවත් එකක් අරං ආපු උන්
    මාර රහයි ඔළුව බරයි එක දැක්ක මං
    කවිය වෙන්න ඔන මේම මං එකගයි බං
    දිගෙන් දිගට ලියන් යමං අපි එනවා බං...

    ReplyDelete
  4. ඔය බට්ටි උපුටගත්තු කෑල්ල තමයි කවියෙම සුපිරිම ටික මටනම්. පට්ටයි සහෝ...

    සීනීබෝල සුරංගනා කවි දැක්කා මං
    ඒව දැකල කිසිම දෙයක් දැනුනේ නෑ බං

    කවියි කියල තවත් ඒව අරන් ආව මුං
    පට්ට රහයි ඔළුව බරයි ඒව දැක්ක මං

    කවිය වෙන්න ඔන මේම මං එකගයි බං
    ලියන් යමං දිගට මේම අපි එනවා බං

    ReplyDelete
  5. හැමදාම වගේ උඹ ස්පර්ශ කරන තැන් සහ විදිය උපරිමයි.. උඹ නවත්තන්න එපා මේ මගුල මොනා උනත්. දවසක් ඒවි උඹ ගැන ලොකු කතාවක් ඇති වෙන.. හරිනේ එහෙනං..

    ReplyDelete
    Replies
    1. හරි සහෝ අනිවා උඹව මට මැරෙනකම්ම මතක තියෙයි මාව උඹ ගොඩක් දිරිමත් කරනව..!

      Delete
  6. තොගේ කවි කියෙව්වාම මාව ටිකවෙලාවකට ගොළු වෙනවා. තොගේ කියලා කිව්වේ ෆිට් එකට.

    ReplyDelete
    Replies
    1. එහෙමද තව කවියක් දැම්ම - තෝ දැක්කද !!

      Delete
  7. ෆට්ට සහෝ දිගටම ලියපන්

    ReplyDelete