Tuesday, January 28, 2014

===== දෙවියනි ඔබත් මෙසේ නම් - මා කට මෙ දුක පවසන්දෝ ==== ඇය මට දුන් මේ කඳුලැල් - ඔබ ඇයිද නාඳුනන්නේ..===== .


- ෂ්.... මේ...ඒ.... කුළුලු අයියෙ....
+ ඇයි ඒ පාර මොකෝ..
- පුස්නයක් !
+ කියනව බලන්න..
- දෙයියො ඉන්නවද !
+ ඔවු ඉන්නව...කියන්න මම අහගෙන ඉන්නෙ..
- අයියෝ නෑ අප්ප..... මල කෝලම... දෙයියො ඉන්නවද කියල ඇහුවෙ මේ ලොකේ...
+ මේ ලොකෙ නෑ වෙන ලො‍්කෙක ඇති....
- නෑ අප්ප මට හරි ප්‍රස්නයක්නෙ ඒක....
+ මෙහෙමයි සුදු නංගි ඔයා දෙයක් එහෙමයි කියල විස්වාස කලොත් එහෙමයි නැත්තං එත් එහෙමයි... වෙනස තියෙන්නෙ ඔයාගෙ විස්වාසය මත පමනයි..
- එහෙම වෙන්න බෑනෙ අයියෙ එතකොට ඉස්සර කාලෙ ඉදන්ම දෙවියො ගැන කතා කල තියනෙවනෙ මිනිස්සු ඇදහිලි විස්වාස තියෙනවනෙ..
+ හ්ම් මම අපේ පන්සලේ හාමුදරුවන්ගෙන් ඇහුව..ඕකම නංගියො...
- මොකෝ කිවුවෙ...
+ දෙයියො ඉන්නවලු... හැබැයි අපි ඔය රෑප කායක් දීල තියෙන විදිහට නෙවේ වෙන්න ඇතිලු.. ඒක විස්වාසයක්.. මෙහෙම හිතමු.. අපි ජීවත් වෙලා ඉන්නකම් අපිට උදවුවට අපි කාටහරි දුක කියනව.. අම්මට අප්පච්චිට, යාලුවෙක්ට, නෑයෙක්ට... හරිද ඉතින ඒ වෙලාවට එයාඅපිට උදවු කරනව.. අපි උදවු ඉල්ලන්නෙත් එහෙම අයගෙන්නෙ ඒ කිය්නනෙ අපිට උදවු කරයි කියල හිතන අයගෙන්නෙ...
- ඔවු ඒක ඇත්තනෙ...
+ හොදයි හිතන්න‍ොක ඔය කට්ටිය මිය ගිහිල්ල අපි තනි වුන දවසකට.. අපි ‍මොකෝ කරන්නෙ.. ! අපි එත් කරන්නෙ අර මිය ගිය සොහොන ලගට ගිහිල්ල හරි එහෙමත් නැත්තං හරි පහනක් තියල හරි අර කෙනා මතක් කරල උදවු ඉල්ලනව... සමහර වෙලාවට දෙවියො එහෙම වෙන්න ඇති...
- හ්ම්...
+ සිංහල දෙවිවරු වෙනස්නෙ මහසෙන් දෙයියො- රංවල , බංඩර, වගේ එක එක දෙවිවරු විභිෂණත් හිටපු මනුස්සයෙක්නෙ.. ඒ වගේ ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සුන් උදවු කරපු අයගෙන් මිනිස්සු මැරුණාමත් බලාපොරොත්තු වෙනවනෙ...
- අනේ යන්න අනේ ඔය කියන දෙවියො නෑ බොරු.. මම කොච්චර දේවල් දෙයියොන්ගෙන් ඉල්ල තියෙනවද එකක්වත් දුන්නෙ නෑ....
+ ඉතින් ඔයා හරි කෙනාගෙන් ඉල්ල නැතිව ඇති.. දෙවියොන්ගෙත් අමාත්‍යංශ තියෙනවනෙ.. නුවණ - ගණපති , වාහන - කතරගම දෙවි , දරුවො - පත්තිනි අම්ම, අන වින - කාලි අම්ම, ශක්තිය ධෛර්ය - දැඩිමුණ්ඩ, කලාව - සරස්වතී, ධනය - ලක්ෂ්මි.. ඔන්න එය වගේ හරියන කෙනාට කියන්න අනේ එතකොට හරි..
- ඉතින් මම කෝමද තෝරගන්නෙ !
+ හ්ම් ඒක හොද ප්‍රස්නයක් අද කාලෙ ඉතින් " දෙයියෝ කැමති වුණත් පූසාරි අකමැතිනම් " මුකුත් කරන්න බෑනෙ....
- අයිය කාහොම කිවුවත් දෙයියෝ මම ඉල්ලන කිසි දෙයක් දීල නෑ....
+ දෙයියො අපි ඉල්ලන හැම දේම දෙන්නෙ නැ සුදු නංගි- එහෙම හැමදේම දුන්නොත්
අපිට "දෙයියො " න්ව අමතක වෙලා යනවා.. අනික අපි පන්සලේ පවුමක කරඩුවට මාලයක් දාල ඉල්න්නෙ කෝටියක් වටින දෙයක්නෙ.. දෙයියෝත එක්ක අපි කරන්නෙ ගනු දෙනුවක්.... ඒක වැරදියි.. දෙවියන් ඉන්නෙ අපේ හිත ඇතුලෙමයි.... ඒ දෙවියො ඔය අපි දකින රෑප වල ඉන්න අය නම් නෙවේ...
- ඉතින් දෙයියො අපි එක්ක ඉන්නෙ එයාලට පින් ගන්නනෙ.. හරි නරකයිනෙ ඒක.. බොරුවට අපිට උදවු කරල පින් අරගන්නව.. එහෙම බැලුවොත් පින් කරානම් හරිනේද ?..
+ දෙයියො කොහොම වුනත් පින් කරන එකනම් හොදයි.. එක අතකට ඒකත් හරි දෙවියො නෙවේ කවුරු වුනත් නංගි තමන්ට ලාබයක් නැතිනම් අපිට උදවු කරන්න පෙළබෙන්නෙ නෑ....
- හලි හලි එහෙමනම්.. අයිය අයියගෙ වැඩක් කරගන්නකො.. මට උත්තරේ හම්බුනා..
+ හරි අපි එහෙනම් ඊලග දවසෙ නවගමු පත්තිනි දේවාලෙ යමු එතැන ඉන්නව දෙවිවරු හැමෝම අපි කතා කරමු ඒ අය එක්ක...
- හෑ.. ඇයි එතැන ද ප්‍රාදේශීය කාර්යාල ටික...
+ ෂ්..... කට වරද්ද ගන්න එපා කෙල්ලෙ.. කොහොම වුනත්. මම එකක් කියන්නම්..
" නොපෙනෙන දෙයියොන්ට පින් දෙනවට වඩා හොදයි. පෙන්න ඉන්න මිනිස්සුන්ට පවු නොදී ඉන්න එක.. "
- හු හු.. පන්ඩිතයා.. ගුඩ්නයිට්.. කුළුලු.. පැට්ටෝ......
+ දෙයියන්ගෙම පිහිටයි.....

******* ඒ ඉස්සර.... ඔයා .. දැන් ???? දෙයින්ටවත් පේනනෙ නැතිව ඇති අපිව. බාගදා ඔයා දෙයියොන්ගෙන් ඉල්ලන්න ඇත්තේ මාව නෙවෙයි වෙන්න ඇති.. ඔයා හරි සුදු නංගි ..
දෙයියො අපි ඉල්ලන හැම දේම දෙන්නෙ නැ !!
=================
දෙවියනි ඔබත් මෙසේ නම් - මා කට මෙ දුක පවසන්දෝ
ඇයි මට දුන් මේ කඳුලැල් - ඔබ ඇයිද නාඳුනන්නේ..
.
මිනි කිකිණි පිපුණ පාදේ - වැහි බිංඳු ගීත ගැයුවා
සඳ වලා අප්සරාවෝ - අප වටා සෙමෙර සැලුවා
නිල් නිම්න විල් නෙලුම් මල් ඇගෙ දෑස පාට කෙරුවා
ඒ පාට දෑසගින් ඇ.. මට මන්දහාස නැගුවා...
.
දේවාති දේවතාවෝ පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැතිමුත් මට තාම මතක ඇතුවා
මුලු ලෝකයක් මැවූ ඈ හිරු සඳුත් තරුද නිවුවා
අවසන් වසන්තයේදී .. දෙවියන්ද අහක බැලුවා... !
--- කරුනාරත්න දිවුල්ගනේ මහතා..
===============
---කුරුළු---

thanks for pic - dandapani pictures

11 comments:

  1. අවසන් වසන්තයේදී .. දෙවියන්ද අහක බැලුවා..

    ReplyDelete
  2. හ්ම්.. දෙවියන්ටවත් පේන්නෙ නැහැ තමා කුරුළු., දැන් විඳින දුක.
    කොහොම උනත් අපිට ඕන දේ අපේ උත්සාහයෙන් ලබාගන්න එක වටිනවා

    ReplyDelete
    Replies
    1. දෙවියොන්ට බාර දෙන එක ලේසියි

      Delete
  3. //" නොපෙනෙන දෙයියොන්ට පින් දෙනවට වඩා හොදයි. පෙන්න ඉන්න මිනිස්සුන්ට පවු නොදී ඉන්න එක.. "//////
    වෙන මුකුත් ඕන නැහැ..මේ ටිකනම් මට හොඳටම ඇති.

    ReplyDelete
  4. කව්ද අනේ මේ ඔයාගේ සුදු නංගි...... එක්කෙනෙක් වෙන්න බැහැ. කීප දෙනෙක්ගේ චරිත එකට දාල වගේ කුළුලු අයියා ;) කවුරු උනත් කමක් නැහැ. එයාගේ කතා කියවන්න ආස හිතෙනවා.

    ඔයාගේ නම් දැඩිමුණ්ඩ දෙවියෝ නෙහ්? :)

    ReplyDelete
    Replies
    1. හෑ බඩී උඹ මාව හොදට දන්න කෙනෙක් වගේ !

      Delete
    2. මොකො වදේ නොදන්නේ.... හොඳටම නැතත් ටිකා.........ක් දන්නවා අයියා. ;)

      Delete
  5. දෙවියන් ඉන්නවද කුරුලු.... මයුර... නම් දෙකම ලස්සනයි.අදහස් වගේම..
    ආයෙත් අහන්නෙ.. දෙවියො ඉන්නවද කුරුලු..

    ReplyDelete
  6. දෙවියනුත් සමග දෙවොල ගිනි ගනිද්දී කාගෙන් කියා පිහිටක් යද්ම්ද .....

    ReplyDelete