Sunday, January 26, 2014

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 05 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---





මා බලෙන් ඇදගෙන මෙන් බයිසිකලයට නැගුණු හෝම්ස් එය පණ ගන්වන ගමන් පැවසීය.
හෝම්ස්සුත් මමත් සමීරගේ නිවසට යන විට ගජධීර මහත්මයා එහි පැමිණ සිටියේය...සමීරගේත් ,කාංචනාගේත් නෑදෑයන් ,දෙමව්පියන් හා අසල්වැසියන්   කිහිපදෙනෙකත් අකිලත් එහිවිය...
ඇයි මොකද හෝම්ස් මහත්මයා මොකක්ද ප‍්‍රශ්නෙ... ඇයි මට එන්න කිවුවෙ...
අපිට ඒක ඉක්මනටම දැනගන්න ලැබේවි..
" ගජධීර මහත්මයා කෝ කාංචනා මහත්මිය ඉන්නවද ?
ඔව් අර ඉන්නෙ සමීරගෙ සිරුර ලඟ.."
මට තියෙනව ඇයත් එක්ක පොඞ්ඩක් කථා කරන්න..සිරුර තියල තියෙන්නෙ විසිත්ත කාමරයෙ නිසා අපිට මේ කාමරයෙ නිදහසේ කථාකරන්න පුළුවන් වේවි..කරුණාකරල ඇයට එන්න කියමුද ගජධීර මහත්මයා ?
හොඳයි ...ඔබට  ඕනෑ නම් ඒ වුණත් අනේ මංද?
කාංචනා මහත්මියට දැනුම්දීමට ගජධීර මහත්මයා ගිය පසු හෝම්ස්සුත් මමත් ඉදිරිපස ඉස්තෝප්පුවට  මුහුණ ලා තිබුණු කාමරයට  ඇතුළු වුනෙමු..විසිත්ත කාමරයේ තිබූ පුටුද මේ කාමරයට අස් කර තිබුණෙන් පුටු දෙකක් ගෙන ඉඳ ගතිමු...
ගජධීර මහත්මයා කාංචනා මහත්මිය කාමරයට කැඳවා ගෙන ආ පසු  හෝම්ස්,
කාංචනා වාඩිවෙන්න, ගජධීර මහත්මයා කරුණාකරල ඔබත් ඔය දොර වහල ඇවිත් ඉඳගන්න.
මඳද වේලාවක් නිහඬව සිටි හෝම්ස් කාංචනා දෙස එක එල්ලේම බලා සිට,

කාංචනා මහත්මිය මට කියන්න , සමීර නරක හැසිරීම් තිබුණු කෙනෙක්ද ?
ඒ කියන්නෙ......කාංචනා මහත්මිය ඇසීය
ඒ කියන්නෙ..සිගරට්...,මත් කුඩු , මත්පැන් වගේ දෙයකට ඇබ්බැහි වෙලා හිටියද ? නැත්නම් වෙනත් පේ‍්‍රම සම්බන්ධයක් එහෙම ?
මො...මොනවද හෝම්ස් මහත්මයා ඔබ මේ අහන්නෙ.. මගේ සමීර දාහකින් හොයා ගන්න බැරි ස්වාමි පුරුෂයෙක් .... මට නම් එහම කියන්න කිසිම වැරැුද්දක් එයාගෙ තිබුණෙ නැහැ...

" එහෙමනම්............................මට කියන්න.............ඔබ කාගෙ කීමටද සමීරව මැරුවෙ.....?"

 එක් වරම ගල්ගැසුණු කාංචනා මහත්මිය ................
මම මැරුව .. මට නම් හිතෙන්නෙ ඔය මහත්මයාට ලොකු වැරැද්දක් වෙලා.... මම මේ වෙහෙසට පත් වෙලා ඉන්න වෙලේ කරුණාකරල මාව තවත් අසරණ කරන්නෙපා......
"
"ඇත්තටම හෝම්ස් මහත්මයා ඔබ මොනවද මේ......"
පොඞ්ඩක් ඉන්න ගජධීර මහත්මයා......පොඞ්ඩක් ඉන්න,
” හොඳයි කාංචනා මහත්මිය , මම මුලින්ම කැමැත්තෙන් හිටියෙ ඔබම මේ සිදුවීම කියනවනම්...ඒත් ඔබ ඒකට අකමැතිනම් මං ම කියන්නම් අඩුපාඩු තිබුණොත් නිවැරදි කරන්න...."

එදා අකිල පිට වෙලා ගිහින් පැය දෙකකට පස්සෙ හරියටම ? එක හමාරට ඔබ ගියා සමීර හිටපු කාමරයට ඒ වෙනකොට ඔබ සමීරගෙ කෑම එකට එකතු කරපු නිදි බෙහෙත් ටික හො`දට වැඩ කරලයි තිබුණෙ...සමීර තද නින්දෙ හිටපු නිසා ඔබට පහසු වුණා එන්නත් කරන්න...ඊට පස්සෙ කාමරය වහල ආපහු ඔබ හිටපු කාමරයට ගියා නිදා ගන්න.....නෑ.....නෑ..අර සිලින්ජරය විනාශ කළා එහෙම නේද ?......
ඊට පස්සෙ නිදා ගන්නෙ නැතිව ඉඳල පාන්දර පහට ගියා ආපහු සමීරගෙ කාමරයට... එතකොට ඔහු මිය ගිහිල්ල හිටියෙ .....ඔබ පරීක්‍ෂා කරල බැලූව ඔබේ වැඬේ සාර්ථකද කියල... එහෙමනේ මං හරි නේද කාංචනා මහත්මිය.... ?
වරදක් කර එය වැඩිහිටියෙකුගේ අතට හසු වූ පසු පොඩි දරුවෙකුගෙන් පළවෙන අයුරේ බැල්මක් ඇය තුල විය.
හෝම්ස් නිෂ්ශබ්දව ඇය දෙස බලා සිටියේය.....

ක්ෂේෂ්පියර්ගේ නාට්‍යයක් නරඹන රසිකයන් දෙදෙකු මෙන් මමත් ගජධීර මහත්මයාත් තුෂ්නිම්භූතව බලා සිටියෙමු.
දෙවියන් වහන්සේ මට සමාව දෙන සේක්වා...හි`ද සිටි පුටුවෙන් බිමට බැස දණ ගැසූ කාංචනා මහත්මිය දෑස් වසාගෙන හඬන්නට විය.....
මට සමා වෙන්න සමීර මං ඔයාට ද්‍රෝහි වුණා....ඔයා මට කොච්චර නම් ආදරය කලාද ...ඒ වුණත්.. ඒ වුණත්....මම.....මට සමාවෙන්න...........
කාංචනා මහත්මිය තමාටම මුමුණමින් හඬන්නට විය....
හෝම්ස් මහත්මයා මම දන්නෙ නැහැ ඔබ කොයි ලෝකෙන්  මේව හොයා ගත්තද කියල.. මම පිළිගන්නව මමයි වැරදිකාරිය..... මම හිතුව කාටවත් ඒක හොයාගන්න බැරිවයි කියල...ගජධීර මහත්මයා කරුණාකරල මට දඬුවම් කරන්න..මගෙ සමීරට ද්‍රෝහි වුණාට මම දැන්  ඕනම දඬුවමක් විඳින්න ලෑස්තියි...
නැහැ....නැහැ... එහෙම බැහැ ඔයාට කියන්න වෙනව මේකට සම්බන්ධ අනෙක් පුද්ගලය ගැන ... ඔයාට සැලසුම දීපුකෙනා ගැන... කෙටියෙන්ම කියනවනම් ... ඔබේ ආදරවන්තය ගැන...

------------------------------------------ කුරුළු ය ------------------------

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/06.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

1 comment: