Monday, January 6, 2014

=== ජීවිතේ " සිහිනයක්ද " රත් මලී - වසන්තයක් කියා දෙයක් නැතී. === කාටවත් කියා .. පලක් නැතී.. ===


.
+ හෙලො..
- අප්පච්චී................ කියන්න මම මෙ ්ඔයාට මැසේජ් එකක් ටයිප් කර කර හිටියෙ අ‍නේ..
+ ‍අනේ පලයන් බොරු කාරි... මතකයක් වත් නැ උන්නද මලාද කියල..
- ඔය ඉතින් සත්තයි අනේ... මේ... ඒ... ෂ්...
+ මම යනව දැන් ටිකක් එලියට ඒක කියන්න කොල් කලේ..
- හා හොදයි අප්පච්චි පරිස්සමින් ගිහින් එන්න හොදේ...
+ හ්ම් .. හා ඒක නෙවේ මම අද බයිසිකලෙ යන්නෙ...
- ඇයි ඒ මොකෝ ඒ.. මැරෙනන්ද ???
+ මොකක්.. ??? යකො බයික් එකේ ගියාම මැරෙනවද ?.. මම කාර් එක ගන්න කලින් ගියේ බයික් එකේ තමා..
- ඒක වැඩක් නැ දැන් ඇයි.. කෝ කාර් එක ...
+ කාර් එකෙ යන්න පැට්රෝල නැ.. පැට්රෝල් වලට සල්ලි නෑ..
- අපෝ.. ඕක නම් කියන්නෙපා අපේ අම්මට ඇහෙන්නවත්.. ඉන්න හම්බෙන්නෙ නැ..
+ ඇයි ඒ..
- ඇයි අහන්නෙ තමන්ගෙ කාර් එකට පැට්රෝල ගහන්න වත් සල්ලි නැද්ද අහයි..
+ යකෝ එහෙම තමා.. ඉතින් කාර් එක ගත්තෙ මමනෙ..
- ඔවු අලිය ඉන්නව හෙන්ඩුව නෑ... මොකක්ද අයිය ඔය රස්සාව ඇත්තට.. නිකං මහන්සිය විතරයි.. පැට්රෝල ගහන්නවත් සල්ලි නෑනේද ? අපේ අම්මත් ඇත්තනෙ කියන්නෙ..
+ මේ මේ.. බයිල එපා.. මම මේ වෙනකම් හැම දේම කලේ මේ මගේ ජොබ් එකෙන්.. ඒක මට ඇති.. ඔයාලගෙ අම්ම එහෙම හිතනවනම් සොරි..
- සොරි ..! එයාට තමා සොරි.. මාව ලැබෙන එකක් නෑ..
+ අනේ මේ මගේ කාර් එක බලාගෙන නම් කොහොමත් එන්න එපා හොදද.. නංගියො මම ඕපපාතික දෙවි කෙනෙක් නෙවේ.. මම ඉපදුනේ අඹයකින්වත් නෙවේ.. මම උපදිනකොට එක එක ඒව අතේ තියාගෙන ආවෙ නෑ.. මගේ අප්ච්චිත් සාමාන්‍ය මනුස්සයෙක්.. කාර් වාහන තිබුනෙ නේ මම පොඩි කාලෙ..
මට මතක හැටියට මම මුලින්ම පැද්දෙ රිම් එකක්, ඊට පස්සෙ ටයර් එකක්, - රොද 3 ට්‍රයිසිකලයක්, ෆුට් බයික් එකක් ඊට පස්සෙ මදුරුවෙක් ඊට පස්සෙ මෝටර් යික් එකක් දැන් කාර් එකක්...
- අනේද කියන්නෙ... මුලින්ම ගිහින් තියෙන්නෙත් රිම් එකේ- දැනුත් රිම් එකේ..
+ මොන රෙද්දක් කියවනවද මන්ද.. මේ මෙ මම ඉන්න තැන ගැන මට සතුටුයි...
"මිනිහෙක් දුප්පත් වෙලා ඉපදෙන එක ඒ මිනිහගෙ වරදක් නෙවේ.. හැැයි දුප්පතෙක් විදියට මැරුනොත් ඒක ඒ මිනිහගෙ වරද "
තව දෙයක් තියෙනව..
" මම කැමති කවද හරි රෝද හතරක් තියෙන හර්ස් එකක අවසන් ගමන යන්න නෙවේ.. මිනිස්සුන්ගෙ කර උඩින් යන්න.. "

- ඔයා දැන් මැරෙන්න හදන්නෙ බයික් එකේ ගිහින්ද ??
+ අනේ මන්ද අප්ප බයික් එකට එයා අකමැති ඇයි කියල.. මම බයික් එකට ආසයි.. මට බයික් එකේ යනකොට මගේ පරණ දේවල් මතක් වෙනව.. හුළං පාර වදිනකොට අමුතු ගතියක් එනව.. මට අලුත් අදහස් එනව.. අනික එක එක කෝල් වලට ආන්සර් කරන්න නෑ. ට්‍රැෆික් වල වේලෙන්න ඒන නෑ.. පාකින් ඕන නෑ.. මාර නිදහස්..
- අනේ දෙයියනේ වැහැපං... මට නම් කවදාකවත් බයික් එකක යන්න දෙන්නෙ නැ අම්ම..
+ අනේ හරි පවු ඔයා .. එයා ඔයාගෙ ජීවතේ ඒ අත්දැකීම නැතිකරල දාල.. ඒක හරි පවු වැඩක්...
- කොහොම හරි කමක් න එහෙනම් පරිස්සමින් ගිහින් එන්න...
+ හොදයි.. බය වෙන්නෙපා මම දැන්ම මැරෙන්නෙ නෑ....
- මේ ඒ වුනාට ආයෙ රස්සාව ගැන ආයෙ හිතල බලන්න ඇත්තට.. නිකං මැරෙනව විතරයි නේ ලාබ අඩුයිනේ.. ජීවත් වෙන්න මැරිල වැඩක් නෑනෙ....
+ මම හම්බකරන්නෙ මිනිස්සු මිසක් සල්ලි ම නෙවේ...
" අනික සුදු නංගි.. මම ජීවත් වෙන්නෙ - මැරෙන්න නෙවේ.. මම ජීවත් වෙන්නෙ ඔයා වෙනුවෙන්..මේ මිනිස්සු වෙනුවෙන්.. අලුත් දේවල් කරන්න
හැබයි මම මේ මැරෙන්නෙ ජීවත් වෙන්න- ඒ අර කලින් කිවුව දෙක ඉෂ්ට කර ගන්න..

- තේරුනේ නෑ ඔයා පන්ඩිතයිනෙ කෝමත්.. හා දැන් යන්න මම ආදරෙයි ඈ.... ටටා...
===============
ජීවිතේ " සිහිනයක්ද " රත් මලී
වසන්තයක් කියා දෙයක් නැතී..
කාටවත් කියා .. පලක් නැතී.. //
.
මිටි බැදගෙන සහතික පාරේ දකුනෙන් යනකෙට
නලා පිභිනවා වාහන ඔච්චම් කර රක
අපි සතුට හොයන්නෙ....
අපි සතුට හොයන්නෙ මේ කඩ පිල් වල විතරද ...!!
.
දුර ඇවිදින් නැකතට ගණදෙවි නුවණත් අරගෙන
තාම හොයනවා මගතොට පැටලී වට පිට..
මට පාර වැරදුණේ..
මට පාර වැරදුනේ මම හොඳ මිනිහෙක් වෙනකොට..
...... ජානක වික්‍රමසිංහ
==================
----- කුරුළු------

7 comments:

  1. මට මේ ඉට්ටැයිල් එක අල්ලන්නේ නැති උනාට ඒකේ පිට පිට තියෙන කාලීන අදහස් හරිම වටිනවා..

    ReplyDelete
    Replies
    1. මේකත් ඉට්ටැයිල් එකක් තමා (කතාව දන්නවනම් ) :D

      Delete
  2. ඇයි බං හැමදාම එකම මාතෘකාව?? ඒකෙත් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. මාතෘකා වෙනස් දෙවල් තියෙනව ධනා.. මේ සංකල්පනා කියන දේවල් එව එකම පැත්තට... ඉඳහන් මම තාම ලේබල් ඇලෙවුවෙ නෑ බං මේකෙ මම තාම මේකට අලුත් සමාවෙයනන් ඒවත් දෙන්නම්..

      Delete
    2. ධනා මම දාල තියෙන අර රිදෙන තැන් කියන ලේබල් එක බලන්න

      Delete