Sunday, January 26, 2014

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 04 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---


මට තේරෙනව අකිල , ඔබ මේ වෙලාවෙ බොහොම කලබල වෙලා ඉන්නෙ... ඔබට බොහොම ස්තූතියි..අපිට මේ විස්තර කිවුවට.. අපි ගිහිල්ල එන්නම්...
             ⋆             ⋆                ⋆              ⋆       
කොහොමද හෝම්ස් මහත්මයා සාර්ථකද ? ගජධීර මහතා ඇසීය.
විශේෂ කරුණු නම් මුකුත් නැහැ.....
කමක් නැහැ..කමක් නැහැ....දැං ඒ සැක ඔක්කොම දුරු වේවි.. මෙන්න සමීරගෙ මරණ පරීක්‍ෂණ වාර්ථාව ඇවිල්ල.ඒකෙ තියෙනව සමීරගෙ මරණය සිදුවෙලා තියෙන්නෙ හදිසි හෘදයාබාධයකින් බව.. ඒ වගේම ඔහුගෙ ලේ වල නිදි බෙහෙත් ඇරෙන්න වෙන මුකුත් විසක් එකතු වෙලා නැතිලූ..ඒ වුණාට මම නම් හිතනනෙ නෑ නිදි බෙහෙත් එච්චර ගණන් ගත යුතු දෙයක් කියල, මොකද අද කාලෙ ව්‍යාපාරිකයො ගොඩ දෙනෙක් නිදි පෙති පාවිච්චි කරනවනෙ....
ඒ වගේම මට සමා වෙන්න හෝම්ස් මහත්මයා , වොට්සන් මහත්මයා , ඔබ දෙපලට නිකරුණේ කරදර කිරීම  ගැන..මේ ලස්සන උදෑසන.....
ආ...ඒකට කමක් නෑ ...මොකද මමත් ආසයි මේ වගේ අවස්ථාවන් ලැබෙනවනම්...අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියිලූනෙ...
එහෙනම් අපි ගිහිල්ල එන්නම් අපි යමුද වොට්සන් ?...
හො`දයි එහෙමනම් අපි යමු.... උදෑසන සිටම මුනිවත රැුකි මම පැවසුවෙමි.
ඒක නෙමේ අකිල දැන් නිදහස් වෙනව නේද ?..... බයිසිකලයට නගින ගමන් හෝම්ස් ඇසීය....
ඔව් ... ඔහු නොකරුව වරදකට වරුවක්ම සිර කූඩුවෙ හිටිය.. ඔහු අහිංසකයෙක් මට මුලදිම හිතුන..
හොඳයි... හොඳයි..අපි එහෙමනම් ගිහින් එන්නම්.......

         ⋆                ⋆                  ⋆                ⋆      

හ්ම්.......අද උදේ සිද්ධිය ගැන ඔබ මොකද වොට්සන් හිතන්නෙ....
රාත‍්‍රී ආහාරයෙන් පසු හෝම්ස් සමීරගේ ඔරලෝසුව පිරික්සමින් මගෙන් ඇසීය....
අනේ මංදා හෝම්ස්... හරිම සැක කටයුතු විදිහට පෙණුනත් කිසිම අභිරහසක් නැතිව ප‍්‍රශ්නය විස`දුනා... ඒ වුණාට සමීර වගේ හො`ද සෞඛ්‍ය සම්පන්න තරුණයෙකුට කොහොමද හෘදයාබාධයක් ඇතිවුණේ කියන එක නම් මට ප‍්‍රශ්නයක්....අනේ මංද හෝම්ස් මේක හිතන්න හිතන්න ආපහු පැටලෙනව...
පෙනුමෙන් හෘදයාබාධයක් වුණාට මරණ පරීක්‍ෂණයෙ අර විදිහට තිබුණට මේකෙ නොගැලපෙන තැන් කිහිපයක්ම තියෙනව වොට්සන්... අද හවස් වරුවෙම මම සමීගෙ ව්‍යාපාර ගැන හොයල බැලූව ...ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්.... තරහකාරයොත් කවුරුත් නෑ...
මොනව ඒ කියන්නෙ ඔබ පිලිගන්න සූදානම් නෑ මේක හදිසි හෘදයාබාධයක් කියල...ඔබ කියන විදිහට මේක මිනී මැරුමක් නම් කවුද ඝාතකයා ?
හහ්...හහ්... වොට්සන්.... දැං වෙලාව රාත‍්‍රී දහයයි.... මිනිහෙක් අවම වශයෙන් පැය අටක්වත් නිදාගන්න  ඕනලූ.... ඔබ අනවශ්‍ය ප‍්‍රශ්න ගැන නොහිත නිදා ගන්න....මමත් යනව මගෙ කාමරයට.. ඔබට සුභ රාත‍්‍රියක්.....

ඔබටත් එසේමයි......
ඔහු එසේ පැවසූවත් මා නාන කාමරයේ සිට නිදන කාමරයට ගියාට පසුත් හෝම්ස් ඔහුගේ කාමරයේ එහා මෙහා සක්මන් කරනු ඇසිණ...අද උදෑසන සිදුවීම ඔහුගේ ක‍්‍රියාශීලී මනසට බලපෑම් කර ඇතිවාට නිසැකය........
පසු දින මා අවදි වන විටත් හෝම්ස් නිවසින් බැහැරට ගොස් සිටියේය...ඔහු මා ස`දහා සටහනක් ලියා විසිත්ත කාමරයේ ටීපෝව මත තබා තිබුණි....

 " ඊයේ දිනයේ සිදුවීම පිළිබඳව වැඩිදුර සෙවීමට මහනුවර යමි. ආපසු පැමිණෙන විට සවස් වේවි."
                                                                                        - හෝම්ස්
ලෙස එහි ස`දහන් විය..ඔහු එනතුරු කාලය ගෙවා දමන්නට දවසේ පුවත් පත් කියැවීමට තීරණය කලෙමි. ඊයේ දිනයේ සිදුවීමද අද පුවත් පත් වල ස`දහන්ව තිබුණි...මරණය ස්වභාවික වුවද සමීර වැනි අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ සිත් තුල කැළඹීමක් ඇතිකිරීමට මෙම සිද්ධිය සමත් වේ යැයි මට සිතේ..
එදින හෝම්ස් ආපසු එන විට සවස හයත් පසු වී තිබුණි..ගමන් වෙහෙසත්, එක දිගට නොනවත්වාම වැඩ කිරීමත් නිසා ඔහුගේ මුහුණෙහි වූය් දැඩි වෙහෙසට පත් පෙනුමකි.....නිවෙසට ගොඩවූ ගමන් තම කාමරයට වැද ගත් හෝම්ස් ව මට නැවතත් දක්නට නොලැබුණි.... දින දෙක තුල සිදු වූ හා ලබාගත් තොරතුරු එක්රැුස් කරමින් උපකල්පන ගොඩනගනවා විය යුතුය.... තනිවම ? කෑම ගත් මම නිදා ගැනීමට මගේ කාමරයට ගියෙමි.

            ⋆                 ⋆                    ⋆                 ⋆
නැගිටින්න වොට්සන් අද අපි ගමනක් යන්න  ඕන...
පසුදින උදෑසන හයයි තිහට පමණ මාව අවදි කරමින් හෝම්ස් පැවසීය..
යමු ඉක්මන් කරන්න මම ඔබට පෙන්වන්නම් ශ්‍රී ලංකාවෙ සැලසුම් සහගතම අපරාධකාරයො..ඉක්මන් කරන්න..

------------------------------------ කුරුළු ය -----------------------------------
 දොස්තර බිරිඳ 05 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/05.html

දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

No comments:

Post a Comment