Sunday, January 26, 2014

ෂර්ලොක් හෝම්ස් පුරාවෘත්ත - දොස්තර බිරිඳ 06 කොටස

--මම මේ කථාන්තර ලියුවේ 2005 දි හුගක් වැරදි ඇති ඒත් ලියපු මුල් කාලෙ දේවල් මට තාමත් රහයි ---




දෑස් වසා තිබූ දැත් ඉවතට ගෙන මහා ඉන්ද්‍රජාලිකයෙකු දෙස බලාසිටින්නියකු මෙන් ඇය හෝම්ස් දෙස බලා සිටියාය..
දෙයියනේ.........ඔබ කොහොමද මේ ඔක්කොම ගැන දන්නෙ...?

හහ්....හහ්......හා..... මහත්මිය මගේ නම නිකම්ම නිකං ෂර්ලෝක් හෝම්ස් නෙමෙයි... ලෝකප‍්‍රසිද්ධ
රහස් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස්.....
සමීර නැති එකේ දැන් මට මොනව වුනත් එකයි..................
මම ඒකගෙ කථාවලට ,බොරු වලට රැුවටුණා....තවත් හංගල වැඩක් නෑ, එ......එයා දිල්ෂාන්....එයා තමයි මේ ඔක්කොටම මුල...මේ සේරෝම එයාගේ සැලසුම්...මම සමීරත් එක්ක විවාහ වුණාට ආදරේ කළේ දිල්ෂාන්ට..
එයා නිකන්ම නිකන් රස්තියාදු කාරයෙක් වුණාට එයාට මගේ හිතේ තිබුණෙ පුදුමාකාර ආදරයක්...
මායි සමීරයි විවාහ වුණාට පස්සෙත් එයා මට නිතර බලපෑම් කළා එයත් එක්ක එන්න කියල.... ඒ වුණාට සමීර ඉ`දිද්දි මට ඒ ේද කරන්න බැරි බව මට වගේම එයාටත් තේරුම් ගියා..සමීරට දේපල වල උරුමය ලැබුණට පස්සෙ  සමීරව මරමු කියල එයා යෝජනා කලා...ඒ වචන වලට මම අවනත වුණේ හරියට පොඩි ළමයෙක් වගේ..අපි සෑහෙන් කාලයක් බලාගෙන හිටිය..පෙරේද තමයි ඒ දවස උදා වුණේ ... දැං ඒ ඔක්කොම ඉවරයි ...මං වගේ මෝඩ ගෑනියක්.....

බොහොම හො`දයි... ඒ විස්තරත් මටම කියන්න නොදී ඔබම කියපු එක....ගජධීර මහත්මයා...මේ ඉන්නෙ සමීරගෙ මිනීමරුවො...ඔබ ඇස් දෙකින්ම දැක්කනෙ...දැං ඉතිරි හරිය ඔබේ රාජකාරිය....
හරි....හරි... දැං කාංචනා නම් ඉන්නව ඒත් කෝ මේ දිල්ෂාන් කියන හාදය...

ආහ්.... එයා අර එළියෙ ඉන්නව ඔයගොල්ල එයාව හ`දුනන්නෙ මහේෂ් කියල..ඔබ එයාවත් අත්අඩංගුවට ගන්න මම පස්සෙ වාර්ථාවට  ඕන විස්තර කියන්නම්...... හෝම්ස් ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසීය.....
මළගමට පැමිණි සියළු දෙනාටම ප‍්‍රශ්නාර්ථයක් ඉතිරි කර මහේෂ්වත්, කාංචනාවත්, රැුගත් පොලිස් රිය කැලණි පොලිස් ස්ථානය බලා පිටත්ව ගියේ ගජධීර මහත්මයා සවස තේ පානයට අප නිවසට පැමිණිමට පොරොන්දු වීමෙන් අනතුරුවය...
              ⋆               ⋆                 ⋆                   ⋆    

ඇත්තටම හෝම්ස් මහත්මයා කොහොමද ඔයා මේක විස`දුවේ..? මේක පැහැදිලිව ස්වභාවික මරණයක් කියලනෙ ඔප්පු වුණේ.....?

හහ්....හහ්....හා අන්න ඒ පැහැදිලිකම තමයි මගේ සැකයට හේතු වුණේ...

ඉතිං හෝම්ස් ඔබ කොහොමද කාංචනාමයි මේකට සම්බන්ධ කියල කියන්නෙ?
මමද ඔහුව දිරිමත් කළෙමි....

ඔරලෝසුවෙන් වොට්සන් ....ඔරලෝසුවෙන්... ඔබට මතකද සමීරගෙ අතේ තිබුණු ඔරලෝසුව ?
ඔරලෝසුවෙන්.....? ඔරලෝසුවෙන් කොහොමද ඒක කියන්නෙ ?
ඔබට මතක ඇති අකිලගෙ කට උත්තරේදි එයා කිවුව එයා ගෙදර යනකොට වෙලාව එකොළහයි තිහයි කියල..., එතකොට කාංචනා කිවුව ඈ සමීරව අවදිකරන්න ගියෙ පාන්දර පහට කියල,...එහෙමනම් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නෙ ? එකොළහයි තිහයි පාන්දර පහයි අතර කාලයක...
අන්න එතැන්දි මට මේ ඔරලෝසුව පිහිට වුණා....මේක වැඩ කරන්නෙ ශරීර උෂ්නත්වයට..මම ඒක එදා හවසම පැළඳගෙන බැලූව, ඔබ දකින්න ඇති... නැවතිල තිබුණ ඔරලෝසුව ආපහු ක‍්‍රියා කරන්න පටන්ගත්ත. මම ඔරලෝසුව ගලවල බැලූව...ඒක හරියටම විනාඩි පහලොවකදී නතර වුණා...ඒ කියන්නෙ සිරුරෙ උෂ්නත්වය නැතිව මේ ඔරලෝසුව වැඩ කරන්නෙ විනාඩි පහලොවයි.. ඊට පස්සෙ නවතිනව..ඉතිං වොට්සන්  මේක සමීරගෙන් ගලවගන්නකොටත් නතර වෙලයි තිබුණෙ..
ඒ කීයට ද කියලද හිතන්නෙ ?

කීයටද ..... ?

පහයි දහයට.....ඒක අනිවාර්යයෙන්ම පාන්දර වන්න  ඕන..ඒ වෙනකොට මේ මිනී මැරුම සිද්ධ වෙලා පැය තුන හතරක් ගතවෙලා...මොකද වොට්සන් දන්වනෙ මළ සිරුරක වුණත් පැය තුන හතරක් උෂ්නත්වය ර\ පවතිනවනේ....ඔරලෝසුව ක‍්‍රියා කරන අමතර වෙලාවත් එකතු කරපුවහම අපිට ලැබෙනව මරණ සිදුවුණු වෙලාව....ඒත් හරියටම ? එකට එක හමාරට විතර..
ඒලොවෙ ගෙදර හිටිය එකම එක්කෙනා කාංචනා විතරයිනෙ , මගේ හිතවත් වොට්සන් ඒ නිසා මගේ ඇඟිල්ල නිකම්ම ඇය දිහාවට එල්ල වුණා.....
උත්කෘෂ්ටයි හෝම්ස් ...... ඔබේ තර්ක ඥානය නම් විශිෂ්ටයි...
උද්දාමයට පත් මම පැවසුවෙමි..

ඒත් හෝම්ස් මෙතරම් නීරෝගී මනුෂ්‍යයෙක්ව කොහොමද එක පාරටම මරා දමන්නෙ කිසිවක් භාවිත නොකරම...

වොට්සන් ...මට මුල ඉඳලම තිබුණ මේ ගැන සැකයක්...හොඳට හිටපු මනුස්සයෙක් කොහොමද එක පාරටම මෙහෙම මැරෙන්නෙ.....

හොඳම උදාහරණය හෘදයාබාධයක්.... ඉතිං මේක උපයෝගී කරගෙන තිබුණ මිනී මරුවත් මේ ඝාතනයට...එයා ඇතිකලා කෘත‍්‍රීම හෘදයාබාධයක් එන්නත් කිරීම මගින්...
ඒත් හෝම්ස් මරණ පරීක්‍ෂණ වාර්තාවටඅනුව ලේ වලට  වෙලා තිබුණෙ නිදි බෙහෙත් විතරයිනෙ... නිදි බෙහෙත් වලින් කොහොමද හෘදයාබාධයක් ඇතිකරන්නෙ...?
හහ්....හහ්....හා.. ඔබ නම් අපරාධයක් කරන්න සුදුසු නැහැ වොට්සන්.
මම කිවුවද ඇය නිදි බෙහෙත් හරි වෙනත් බෙහෙතක් මිශ‍්‍ර කළා කියල ? නැහැ වොට්සන් ඇය එන්නත් කලේ නිකන්ම නිකන් පිරිසිදු වාතය විතරයි.. අමතක කරන්න එපා වොට්සන් ඇය වෛද්‍යවරියක්...ඇය දැනගෙන හිටිය මිනිස් සිරුරෙ ධමනියකට හරි ශිරාවකට හරි දරාගත නොහැකි වායු ප‍්‍රමාණයක් ඇතුල් වුණාම හෘදයාබාධයක් ඇතිවෙන බව..රුධිරය ශරීරය පුරා ගමන් කරල නැවත හෘදයට පැමිණියහම තැන අර වායු ගුලිය නිසා හිඩසක් ඇතිවෙනව..එහෙම වෙන්නෙ වායුව නිසා රුධිර ගමනාගමනයේදී වන අඩාල වීම සමබර කරන්න යෑමෙන්..මේ සරළ ක‍්‍රමය මිනීමැරුමකදි වඩාත් ආරක්‍ෂාකාරීයි වොට්සන්....මොකද කිසිම දෙයක් ශරීර ගතවෙන්නෙ නැහැ. හදිසි හෘදයාබාධයක් කියල නිකන්ම ඔප්පු වෙනව. ඉතිරි වෙන්නෙ එන්නත් කරපු පැල්ලම විතරයි..ඒකත් සියුම් නිසා මඟ හැරුණොත් , ඒක දැක්කත් හිතාගන්න අමාරු නිසා ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ....

අපූරුයි හෝම්ස් ..අපූරුයි...ඔබේ දැනුම නම් විශිෂ්ටයි......
මෙතෙක් වේලාවක් නිහඬව සවන් යොමු කරමින් සිටි ගජධීර මහත්මයා  පැවසීය..

එතකොට හෝම්ස් කාංචනා නිදි බෙහෙත් දුන්නු බව දැනග්තෙ කොහොමද ? සමීරම නිදි බෙහෙත් පාවිච්චි කළා වෙන්න බැරිද ?
ඒක වෙන්න බැහැ වොට්සන්...සමීරට එතරම් මානසික පීඩනයක් තිබුණ බවක් අපිට දැන ගන්න ලැබුණෙ නැහැනෙ..අනික අපිට ඒ කාමරයෙ තිබිල නිදි පෙති ලැබුනෙත් නැහැනෙ...එන්නත් සලකුණ දැක්ක වෙලේම මගේ හිතට ආවෙ නින්දෙදි එන්නත් කළානම් අනිවාර්යයෙන්ම නිදි බෙහෙත් මේකට සම්බන්ධ බව..මරණපරීක්‍ෂණ වාර්තාවෙ ඒ ගැන සඳහන් වුණාම මගේ සැකය හරි ගියා ..නිදි බෙහෙත් තිබුණෙ සමීරගෙ කෑම එකේ...ඒ කියන්නෙ අකිල හවස ගෙදර ආපු වෙලාවෙම සමීරව මරන්න සැලසුම ක‍්‍රියාත්මක වෙලා ඉවරයි.....

----------------------------- කුරුළු ය--------------------------------------


දොස්තර බිරිඳ 01 කොටසට මෙතැනින් !
http://sankalpana-kurulu.blogspot.com/2014/01/01.html

12 comments:

  1. කොටස් 6 ම කියෙව්වා. මේ අවසාන එකේ විතරක් අදහස් දක්වන්නම්. මුලින්ම කියන්න ඕනේ චන්දන මෙන්ඩිස් මහත්තයා ආතර් කොනන් ඩොයිල් ගේ අවසාන පොත පරිවර්තනය කෙරුවට පස්සේ කියවපු හොදම කතාව. පස්සේ කාලේක චන්දන මෙන්ඩිස් විසින් ලියපු ඒවාට වඩා මට නම් මේක හොදයි. ඒ වගේම ඩොයිල් මැරුණාට පස්සේ අනිත් අය ලියපු කතා ගොඩාක් කියවලා තියනවා. එහෙම බහුතරයකට වැඩිය මේක උසස්.
    එතකොට හෝම්ස් ලංකාවට ගෙනාපු එක ගොඩාක් අයට නුහුරු වගේ උණාට මේ දවස් වල අපි හෝම්ස් ඇමරිකාවේ පරීක්ෂණ වල යෙදෙන විදිය එලිමෙන්ටරි එකෙන් දකිනවා. එතකොට 21 වැනි සියවසේ හෝම්ස් කතාව ෂර්ලොක් එකෙන් දකිනවා. ඒ හින්දා මේ වෙනස සාධාරණයි. එකේ හොදම සිදුවීම තමයි අපිට කතාවේ සිද්ධි වඩාත් හොදට තේරෙනවා. උදා හරණයක් විදියට මට කවදාවත් හෝම්ස් පොතක කියන ගමන් මහන්සිය හරියට ඔළුවට ගිහීන් නෑ. ඒත් මේකේ කොළඹ ඉදන් නුවර ගිහින් ආවා කියද්දී ඒකෙ අමාරුව හොදටම තේරෙනවා. ඒ වගේම හෝම්ස් පොතක් කියවද්දී අපිත් වොට්සන් කරන දේම කරනවා. ඒ කියන්නේ අපිට හම්බෙන තොරතුරු වලින් අපි නිගමනයකට එනවා. හැබැයි හොද හෝම්ස් පොතක් වෙන්නේ අපි ගත්ත නිගමනයකට වඩා වෙනස් නිගමනයක් ආපුවාම. මේකේ මට හිතුණු දේ තමයි අකිල සහ සමීර අතර අසම්මත ප්‍රේමයක් තිබිලා ඒකට කාංචනා මේ දෙය කෙරුවා කියන එක. (වෛද්‍ය දැනුමක් තියන කෙනෙක් ඉන්නවා කියන්නේ එයා තමයි සැකකරු අංක එක කියලා හෝම්ස් අපිට කියලා දීලා තියනවා.) නමුත් අවසානේට හේතුව වෙනස් එකක් උණා. ඒක බහුලවම වෙන්න පුළුවන් සිදුවීම උණත් කතාවෙන් මතු කරන නිගමනයට වඩා වෙනස්. තව දෙයක් වෛද්‍යවරයෙක් වශයෙන් අවසාන පැහැදිලි කිරීමේදී වොට්සන් ගේ නොදැනුවත් කම අඩු උණා නම් හොදයි කියලා හිතෙනවා. මොකද අපි විශ්වාස කරනවා වොට්සන් කියන්නේ විශිෂ්ට රහස් පරීක්ෂකයෙක් නොවුණට සාර්ථක වෛද්‍යවරෙක් කියලා.
    මට හිතුණු සේරම ටික කියලා දැම්මේ. අවසානෙට කියන එකම දේ පුළුවන් නම් තව ලියන්න. මොකද හොද හෝම්ස් කතාවක් කියවන්න තියනවා ඒක ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම යක්සයා මමත් පහු කාලිනව මේක කියවද්දි ඕක තේරුම් ගත්ත මම නිවැරදි වෙන්නම්..! ස්තුතයි දීර්ඝ අදහසට

      Delete
  2. වචනේ පරිසමාප්තියෙන්ම කියනවනම් මරැ..පළවෙනි කොටස දැක්කම හිතුනේ පස්සේ කියවන්නම් කියලා එත් එක කියව්වට පස්සේ ඉතුරැ ට්කත් කියවන්න ආසහිතුනා...

    ReplyDelete
  3. ///.ඒ වෙනකොට මේ මිනී මැරුම සිද්ධ වෙලා පැය තුන හතරක් ගතවෙලා...මොකද වොට්සන් දන්වනෙ මළ සිරුරක වුණත් පැය තුන හතරක් උෂ්නත්වය ර\ පවතිනවනේ....ඔරලෝසුව ක‍්‍රියා කරන අමතර වෙලාවත් එකතු කරපුවහම අපිට ලැබෙනව මරණ සිදුවුණු වෙලාව....ඒත් හරියටම ? එකට එක හමාරට විතර..///// මේ වගේ කොටස් මට තාමත් මතකයි.ඉස්සර කියවන්න හෝම්ස්ගේ පොතක් හම්බුනාම පිස්සු වගේ ඉවරවෙනකල්.. බයෙන් ඉන්නේ කතාව කියෝලා ඉවරවෙනකල්.. මං මුල ඉදලා කියෝලා නැහැ ඔයාගේ ලිපි, කියවන්න ඕනේ,thanks ,,

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මං හිතන්නේ අර එන්නත් කරපු වෙලාවෙයි, ඔරලෝසුවේ විනාඩි පහලවෙයි, අතරේ කාලය පිලිබඳව තව පොඩ්ඩක් පැහැදිලි උනා නම් වටිනවා ගොඩක් එතන මට පොඩි ගැටලුවක් ආවා ආයෙම අර බොක්සර් ටත් නිදි බෙහෙත් දීලා තියෙන කතාවත් කියලා කතාව තව ටිකක් ඉස්සරහට ගෙනියනවා නම් මම ගොඩක් කැමතියි.......මම Tiaml J Walker.....
    අහා තවත් දෙයක් දානවා නම් කැමතියි අර මහේෂ් කියන හාදයා ගැන විශේෂයෙන්ම ඔහුගෙ කාරයත් එක්ක ඒක ඔහු ගරාජයේ නතර කරපු වෙලාවයි හෝම්ස් එය දිහා පුදුමයෙන් බැලුව විදිහට ඒකෙත් සැකයක් තියෙන්න ඕනේ එක්කො කාර් එකේ උෂ්ණත්වයක් නැත්තන් බාහිර දෙයක් වැස්සක් වගේ දෙයක් කොටින්ම කිව්වොත් ඔහුව තව ටිකක් කතාවේ අග කොටසට එකතු කරා නම් තවත් පුදුමයක් දැනෙයි.....තේරුනාද මන්දා ඉතින්....

    ReplyDelete