Friday, January 10, 2014

කොයි තරම් ලස්සන වුණත් ඒ ගලින් කල සඳකඩ පහන් - පයට පෑගෙන විටදි කදුළක් නැගෙන හේතුව මට කියන් !!





උජාරුවකට වගේ සඳකඩ පහණ නිතරම රුවින් දිලුණා
අස්ව, ඇත්, රණ තිසර, ලියවැල් රටාවට එහි තිබුනි අමුණා
අඩ කවේ අග නිවන ගලපන සියපතක කැටයමක්  පිපුණා
මුරගලට වැඩියෙන් හැමෝගෙම ආදරේ පහණකට ලැබුණා
.
මුරගලේ ඇදයක් දෙකක් ගැන කියනවා ඈතටත් ඇහුණා
පහණ නිතරම, ලගින් යන එන අයට පවසයි හෙමින් මුමුණා
පන්සලට වඩමවන් ගිය දා වෙනස කාටත් හොදින් දැනුනා
මුරට හිටවපු ගලේ පාමුල බිමට අතුරා පහණ තිබුණා
-කුරුළු-

4 comments:

  1. //ඉවසගෙන වැඩ වදාරන එක මුර ගලට දැන් නෑනෙ ...ගානක්//

    මේ ඉස්සෙල්ලා පෝස්ට් එකයි අද එකයි දෙකම එකට තියලා රස වින්දා!!!!

    ReplyDelete
  2. පද වැලට ගැබුරු අර්ථයක් තියෙන පාටයි..

    ReplyDelete