Tuesday, January 14, 2014

රාවණා පරපුර ( ප්‍රබන්ධ )


ඒවං මේ සුතං....*
*
රාවණාට ඉස්සර කිවුවෙ දසිස් කියල ඒ කියන්නෙ ඔලු දහයක් නෙවෙයි දහයක් ප්‍රදේශ පාලනය කරයි කියන එක.ඉතින් කෝම හරි ඔය රාමවයි -සීතවයි පිටුවහල් කළාම ඒ දෙන්න ආවෙ මේ අපේ රාවණා පාලනය කරපු පැත්තට ඉන්දියාවෙ...දණ්ඩක පර්වතේට.. ඒ අනවසර ඇතුල්වීම ‍ගැන හේතු අහන්න ගිය සුප්පණකාට කරපු අරියාදුව පිරිමසාගන්නයි රාවණා රජ්ජුරුවො රාමව මරන්න ඉන්දියාවට ගියේ... ඒ ගියාට රාම හිටියෙ නෑ.. රාමගෙ බිරිඳව අරන් ආව.... ( පොලිසියෙන් කරනව වගේ) පස්සෙ කාලෙක රාම ආව වඳුරො රංචුවක් එක්ක අපේ රටට රාවණාව මරන්න.. විසිවාස කරන්න විශ්ණුගෙ දස අවතාර වලින් 1ක් වන රාමට සහය දුන්නෙ වඳුරො.. ඒ විතරක් නෙමෙයි පොතේ හැටියට රාවණාව පරද්දන්න මුහුදු වෙරළෙ ඉඳන් අඩියක් රට ඇතුලට එන්ඩ බැරිව රාම - රාවන යුද්ධ කරනව අවුරුදු 20ක්ම.... අපේයි රාවණ.... කාලෙකදි රාවණාගෙ මල්ලි විභිසණ රාවණාට විරුද්ධ වෙලා රට ඉන්දියන් කාරයට ( රාමට ) පාවල දෙනව... රාවණ මළාට පස්සෙ විභිසණට රට දීල රාම ආපහු යනව.... ඒ රාමායනය....

ඔය අපේ රාවණට තිබුණ දඩු මොණරයක්.. අන්න එතනනිනුයි මේ කතාව පටන් ගන්නෙ. ඇත්තටම රාවණාට දඩූ මොණරක් තිබුණද එහෙම තාක්ෂණයක් තිබුණද ?
ඔව් -  තිබුණ  ඒ දඩු මොණරෙ නවත්වපු තැන තමයි වාරිය පොල
වා - වාතයෙන් යන
රිය - රථය
පොල - නවත්වන ස්ථානය

පංච තන්තරේ සඳහන් වෙනව ගුරුලු යනතරයක් ගැන ඉගිල්ලෙන...  ඒත් මේ තාක්ෂණයමයි..
හැබැය මම කියන්නෙ ටිකක් වෙනස් කතාවක්.....
දඬු මොණරෙ කියන්නනෙ ලොකු සතෙක් ඇදගෙන දුවපු වාහනයක් හැබැයි ගියෙ උඩින්... ඇත්කඳ ලිහිණිය වගේ දඬු මොණරෙක්... විශාල එකෙක්....
අපි ලේනාට වඩා විශාල සතාට කියනව දඬු ලේනා කියල දඬු ලේනත් සාමාන්‍ය ලේනාට වඩා විශාලයි ශක්ති සම්පන්නයි.. මේ නම් හැඳිම ආරම්භ වුනෙත් මේ මොණරාට වඩා විශාල ශක්තියක් තිබුණ දඬු ‍ මොණරාගෙන්..

රාවණා දෙමළ... කදිර ( කතර ගම )දෙවියොත් දෙමල වාහනේ මයුර...  :
දඬු මොණර කියන්නෙ මහ විශාල බලයක් තිබුණ විශාල සතෙක්... මේ දෙන්න අතර තව සම්බන්ධයක් තිබුණ රාවණාට දසිස් කිවුව වගේම රාවණා තාව තිබුණ මුද්දක්..
මහා බලගතු එකක්... අන්න ඒ මුද්දෙන් තමයි මේ මොණරා පාලනය වුනේ...
කොටින්ම කියනවනම් මොණරව පේන්නෙ මුද්ද පැළඳගෙන ඉන්න කෙනාට විතරයි.. ඒ වගේම සාමන්‍ය කෙනෙක්ට මේ මුද්ද පැලදින්නත් බෑ... ‍වෙන කෙනෙක් ඒක පැළදුවොත් මොණරට දැණෙනව.....

රාම එක්ක කරපු යුද්ධෙදි කුම්භ කරණ යෝධයව යුද්දෙට එවුව (රාවණාගෙ සහෝදර )
එයත් පරාද වුනා.. රාවණාට තිබුණ දඩු මොණරෙන් පැනල යන්න එහෙම කලේ නෑ... ,
මතක තියා ගන්න සීත ව ගෙනාවට මොකද රාවණා බලෙන් විවාහ කරගන්නවත් බලපෑම් එල්ල කලේවත් නෑ රාම එනකල්ම අවුරුදු 13ක් විතර හිර කරන් හිටිය විතරයි....
රාවණා යුද්ධෙන් පැරදුණ.. රාවණාගෙ ශරීරය මිහිදන් වුනා..
රාම ට විභිසණ කිවුව රාවණා ගෙ මුද්ද සහ දඩු මොණර ගැන..කවදා හරි මොණරා ඇවිත් ආපහු තමන්ට කරදර කරයි කියන බය රාමට ඇති වුණා... රාම මුද්ද හැංගුවා.. ඒ රූමස්සල... ඒ කියන්නෙ හනුමා ඉන්දියාවෙන් ගෙනාවයි කියන හිමාලෙ කන්දෙ කෑල්ලෙ... හේතුව ඒක ඉන්දියාවෙ කොටසක් දඬු මොනරට අලුත්... ඒ වගේම හනුමන්ත ලවා දඬු මොනරව හැංගුවා... ලංකාවට ටිකක් එහායින්.. මුහුදෙ පත්ලෙ....... එදායින් පස්සෙ ඒ කතාව එහෙම්ම වැලළිලා ගියා.........

හැබැයි පරම්පරා ගාණක් ඒ ගැන දැනගෙන හිටපු මිනිසුන් පිරිසක් හිටිය ඒ රාවණාගෙ ඇමති මණ්ඩලයේන්.......


ඉස්සර අපේ පොත් වල හැටියට
නාග ගෝත්රය හිටියෙ - නාගදීපෙ -කැලණියෙ
යක්ෂ ‍ගෝත්රය හිටියෙ - මහියංගනේ
දේව ගෝත්රය හිටියෙ - සමනල කන්දෙ
ඔය තුන්ගොල්ල එකතු වුණොත් යුද්ධයක්...
බුදුහාමුදුරුවො සමනල කන්ද වැඩිය දෙයියො බලන්න... මහියංගනේට වැඩිය යක්ෂයො දමනය කරන්න කැලණියට නාගදීපෙට වැඩිය නාගයෙ බලන්න... මේ තුන්ගොල්ලම එකට හිටයෙ එකම එක ගමක විතරයි... ඉන්න පුලුවන් වුනේ... ඒකත් හාස් කමක්...
ලංකාවෙ එකම එක ගමයි තිබුණෙ
ඒ තුන්ගොල්ලම එකට හිටිය

ඒකත් රාවණාගෙ හාස්කමක්
රාවණා පරපුර පැවතුණේ එහෙ ඒ තමා
"අරණායක"
අර - දෙවියො නා - නාග යක - යක්ෂ
අරනා යක
ඒ ගමේ අවුරුද් ගණන් පරම් පරා හිටිය

අදටත්

ඒ එක්කෙනෙක් දැනන් හිටිය මේ

රාවණාගෙ මුද්ද ගැන එයාල සාකච්චඡා කලා මුද්ද ගන්න තීරනය කලා අරණායක රාවණා පරපුර
කවුරුවත් නොදැනම රූමස්සලට ගියා කන්ද හෑරුව නියම විදිහට මුද්ද ලැබුණ එයාලට හැබැයි වැඩි දවස් තියාගෙන ඉන්න ලැබුණෙ නෑ එක පාරටම ලංකාවට ටිකක් ඈතින් මුහුද දෙබෑ වුනා රච්ටර් මාපකේ සදහන් වුණේ 8.9 කියල මහා භු කම්පණයක් ඊට කලින් දෙක තුනක්ම වුණා ඊට අඩු හැබැයි කවුරුත් දන්නෙ නෑ කවුරුත් හිතුවෙත් නෑ.. හැමෝම කිවුවෙ සුනාමියක් කියල ... ඒ හරියටම 25වෙනිද මුද්ද
එලියට ආව දවසෙ මුහුදෙ මහා කැළඹිමක් වුණා.. ලංකාවට ටිකක් එහායින්..... මුහුදට යටින් ‍පොලව දෙබෑවුණා... මහා මූදු රැලි ආව.... සෑහෙන්න ජීවිත විනාස වුණා....


මේ එක්කම තව දෙයක් වුණා.. ඒ තමා තමා අරණායක ගමේ මිනිස්සු කලබල වුනා...
රාවණාගෙ මුද්ද දරන්නාට දඬු මොනරව පේන්න පටන් ගත්ත...
 සුනාමියක් කියල කිවුවට ඒ දඩු මොණරා නිදහස් වීම කියල ඒ අය දැන ගත්ත.... මුද්ද ගත්තට ඒකෙ බලය අද වර්තමානයෙ බාවිත කරන් රාවණා තරම් කෙනෙක් නෑ කියන එක අවබොධ වුණා...
දවසින් දවස පැයෙන් පැය ලොකෙට විපත්ති වැඩි වුනා...
 මහා සුළි සුළං හැමුව හිටි ගමන් රටවල් වලට... 25 නිදහසු වුණ දඬු මොණර මුද්ද හොයාගෙන අයිති කාරය හොයාගෙන ලෝකෙ වටේම ගියා....
මේ බව තේරුම් ගත්ත අරණායක රාවණා පරපුරේ ප්රදානිය අයෙමත් මුද්ද තිබුණ විදිහට තැන්පත් කාලා... ඒ කියන්නෙ හරියටම දෙසැම්බර් 28....
 ලෝකෙ පුරාම පියෑඹුව දඬු මොනරට තමන්ගෙ හිමිකාරය (රාවණ ) හොයා ගන්න බැරි වුණා ..
ඒ නිසම ආයෙමත් තමන් හිටි තැනට ගිහිල්ල මූදෙ නිදාගත්ත...........
හැබැයි ඒකෙන් වුණ හානියෙන් තාමත් රටවල් ගොඩක් දුක් විඳිනව.....

- එදත් - අදත් හෙටත්- මිතුරු වෙස් අරගෙන පරයි එනව -
දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව ------

-------------------------- රාවණා පරපුර ---------------නිමි -------
------------------ කුරුළු ය -------------------------------------------

24 comments:

  1. උඹ ආයි වර්ගපුරුණිකාවක් ගේන්නද හදන්නේ..

    ReplyDelete
    Replies
    1. අපොයි නැ මම මේක 2011 ලිවුව එකක්..මගේ ජාතික තරුණ සේවා සභාවේ දි විභාගයකට.. මේක මෙතැනින් ඉවරයි...

      Delete
  2. Replies
    1. හොදමයි රඛිත උත්සාහ කරන්නම්

      Delete
  3. මං ආස මාතෘකාවක්..
    අහන්න කැමතිම දෙයක්.. දිගටම ලියන්න ජය වේවා//

    ReplyDelete
    Replies
    1. ලියනනම් සමීර මේ මාතෘකාවෙන් බැහර වෙන්න වෙනව.. මොකදගොඩ දෙනෙක් මේ මාතෘකාවට කැමති නැ

      Delete
  4. මොනා වුනත් පට්ට කතාව..

    ReplyDelete
  5. අර චිත්‍රය ඇඳලා තියෙන රවීන්ද්‍ර කවුද?

    ReplyDelete
    Replies
    1. හුටා මම නෙට් එකෙන් ගත්තෙ

      Delete
    2. මම නිකන් ඇහුවේ. උඹේ යාළුවෙක්වත්ද කියලා හිතිලා. තරුණ සේවා සභාවේ කියපු නිසා.

      Delete
  6. මේකනම් පට්ට. නොහිතපු දේවල් ගොඩක් තියෙනව මේකෙ ලියල. කියවනකොටයි ආස හිතෙන්නෙ. තව තව දේවල් ලියන්න... නියමයි.

    ReplyDelete
    Replies
    1. හරි ධනා ස්තුතයි ලියන්නම් !

      Delete

  7. කියවන්න ආස හිතෙනවා. හොද නිර්මාණයක්.

    ReplyDelete
  8. හිතා ගන්න බෑ හරිම අපුරුයි.. ඇත්තටම මේක මන්කල්පිතයක් ද නැත්තම් කුරුළු අයියා දැකපු හීනයක් ද නැත්තම්...........

    රාවණා කියන්නේ මං කැමතිම මාතෘකාවක්.. කවුරුන් කොහම කිව්වත් දිගටම ලියන්න කුරුලු අයියේ..

    ReplyDelete
    Replies
    1. බලමු හොදේ.. රාවණා ගැන නැතත් ලියමු...

      Delete
  9. විනාඩි 2ක් විතර ලෝකෙම අමතක වෙලා පට්ට ෆිල්ම් එකක් හිතෙන් බැලුවා ... එල

    ReplyDelete