Sunday, January 12, 2014

හෙටත් මළගම් යයි මලක් !




" ඇලට බර වුණ නුදුරු ගසකට
 
බරෙන් වැඩි වුණ පොඩි මලක්
නියම කල් බල බලා නොම ඉඳ
ගඟක් වෙත යන පොඩි ඇලක්  "
 
" බිමින් ඉහලට මඳක් එසවැණු
බතල අලයක කොල දෙකක්
හිනා වෙනහැටි අඳුන ගන්නට
ඉසිඹු ලද නැති මනු කැලක් ! "
   
" දුටුව ගස අර ගලන ඇලටම
ගලව විසි කල එක මලක්
මාද පසුකර සෝක මුහුණින්
නුදුරු වැව වෙත නික්මණක් "

" පාට සේදී සුවඳ ගිලිහී
දසත විසිරිණු පෙති ගොඩක්
පිළිගැනීමට වැවේ රළ පෙල
කරත් මහ කලබල ගොඩක් ! "
 
" සොඳුරු බව නොදකිනා මිනිසුන්
තවම යයි මෙතැනින් හුඟක් !
කිසිවෙකුත් දුටුවත් නැතත යලි
හෙටත් මළගම් යයි මලක් ! " "
 --කුරුළු--


11 comments: