Monday, January 27, 2014

== ගඟට තනියට සඳක් එහි ඇත..!! ==



ඉදින් පිංවත!
ඉවුරු අද්දර
බොහොම පෙම්වත්
යුගල ඇවිදිත

හෙළ රජුන් කල
ගලින් නිම කළ
මහා පැරකුම් පිලිරු
දැන් නැත

තැනින් තැන ඇති
යෝධ ගස් වල
අතුපතර ගිම්,
නිවන කුටි ඇත

වටින් විට ඒ
තුලට වී හිඳ
බවුන් වඩනා
පෙම්වතුන් ඇත

ඉවුරු අද්දර
සෙමින් ඇදෙනා
සුළඟ මේ දෙස
බලන්නෙත් නැත

ලැගුම් කුටි
ඡායාව කරමත
තියන් ගඟ බිම
බලන් ඇවිදිත

දවල් වරුවට
එතැන යන එන
කිසිම කෙනෙකුන්
රෑට එහි නැත

දුකක් නම් නැත
දසත ගී නද
නිබඳ පතුරන
සකුන් එහි ඇත

මහා මූසල
වුණත් කළුවර
ඉවුරු අද්දර
රෑට තනි නැත

ගඟත් නිදි නැත
හෙමින් සක්මන
ගඟට තනියට
සඳක් එහි ඇත..!!
--කුරුළු-

6 comments:

  1. සදේ ලපයෙන්
    විලිකුන්ව
    ඇඹරී
    වෙලා ඇත ගත
    ගං කොමලිගේ
    සදේ පැහැයෙන්

    ReplyDelete
  2. සද එළිය යට
    නුඹෙ සිසිල මත
    සීතලෙන් ගැහෙනා
    තනි හිතක් ඇත....

    එළ කුරුලුවො අදයි මේ අහ ආවෙ... එන්නං ඉතිං හැමදාම

    ReplyDelete
  3. අහ්හ් හැම දේකම අවසාන යතාර්ථය

    ReplyDelete