Thursday, January 16, 2014

=== එතැනද සමිදු මම ඉවසිය යුතුම තැන ===





ගල් පඩි නගින සිය දහසක් අතර මැද
දුගියන් යදිති යන එන මග බිමක හිද
නතරව බලා මොහොතක් උන් නමින් අද
පිහිටක් වුන කෙනෙක් ඇතුලත සිටන වද

කලු ගල් පිළිම හිදුවා, දඹ දිවින් එන
දොහොවති පිහති නාවති දෙවි ගෙලින් ගෙන
අසරණයෙකුගෙ හඬකට නොනැමෙනා මන
කැලකගෙ දුකට එන දෙවියෙක්, වුණා කණ

හැම පෝයටම මට නැගෙනා මෙවන් පැණ
දහසක් තිබේ දින දින ගොඩ නැගෙන එන
විටකදි තරහ එන විට දුක පිටට පැන
එතැනද සමිදු මම ඉවසිය යුතුම තැන
-කුරුළු-

11 comments:

  1. ඔව් ඒක තමා එතැනින් එහාටත් ඉවසීමක් ඇත..
    මෙන්න මේකත් බලන්න.

    http://blog.thesahan.com/2014/01/modern-sangha.html

    ReplyDelete
    Replies
    1. ස්තුතයි දේශකයා මම බැලුවා !

      Delete
  2. Dear mekata nam kiyanna wachana na.. Mahaganasekara wage adahanna puluwan kawiyek wey sure

    ReplyDelete
  3. Mekata nam kiyanna wachana na dear. Mahagamasekara wage adahanna puluwan kawiyek wey sure...

    ReplyDelete
  4. මේවට උත්තර සොයන්න අමාරුයි කුරුළු .

    ReplyDelete
    Replies
    1. ඒත් උත්තරේ හොයන්න ඒනත් අපිම නේද ගිම්

      Delete
  5. මොකක් කියන්න ද කියල හිතාගන්න බෑ කුරුළු... මේ ව දැක්කම ඇඩෙනවා.... මේව සමාජයේ වැරදි....

    ReplyDelete
  6. ටිකක් බරපතල පුරශ්ණයක්..

    ReplyDelete