Wednesday, January 8, 2014

=== ලිහිණියනේ පියාඹන්න - ඈ ඇති තැන සොයා යන්න. == මා මිය යන බව පවසා - ඇය එවන්න මා බලන්න.. ==


.
දැන් ඇය නැතත් මට නිතරම ඇයව සිහිවෙයි...
ඒ මා සිත දැහැන් ගත වූ අවස්ථාවලදීය..
කවියක් කතාවක් ලිවීමට සිත එක්තැන් කර ගැනීම දැන් දැන් බොහෝ සෙයින්
අසීරු කටයුත්තක් වෙමින් පවතී....
ඇය නොමැතිව දැන් කාලයක් ගෙවී ගොස් ඇති.. ඇය ට නම් මාගේ මුහුණ වත් මතක ඇතැයි නොසිතමි... ඒ ඇය දැන් මට ආදරය නොකරන බැවිනි..
එහෙත් තවමත් මා පිරී පවතින්නේ.. ඒ ආදරයෙනි..
බොහෝ විට එක් තැන් වූ සිත පිරෙන්නේ ඇගේ මතකයන්ගෙනි..
එවිට උපද්නා සිතිවිලි ලියා කවි කොට නුඹලාට නැවත නැවත පුදමි..
මා විටෙක මෙසේද සිතමි..
ඇය නැතිව මේ ටික කායලට මා බොහෝ අත්දැකීම් වලට මුහුණ දුන්නෙමි..
විශේෂයෙන් වෙනත් ගැහැණු ළමුන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීමී..
බාගදා ඒ ඇයගෙන් මිදීමට පුළුවන...
දෙතුන් වරක් ආදරයද කලෙමි.. ඒහෙත් ඒ හැම තැනකදීම සිත් රිදවීම්ය..
ඇය ඒ දවස් වල මට එපා කියමින් වඳ වැටුනු දේවල් ඉදිරියේ අද මම නිරුත්තරය..
අද මම ඒ දේ නොකරමි.. එහෙත් මට මුණගැසෙන අනික් චරිත ඒ දේ එලෙසින්ම සිදුකරන්නෝය..
ඔවුන් දැන් සිටින්නෙ.. මා අතීතයේ සිටි චරිතය රගපාමිනි...
දැන් මම මෙසේ කියමි..  නුඹ එදා මාගෙන් විඳි වේදනාව.. අද මම මොවුන්ගෙන් විඳිමි..
ආදරයේදී සමාවක් ඉල්ලීම සුදුසු නැතත් මම එය ඉල්ලමි..
ඇත්ත මා විසින් බොහෝ කාලයකට පෙර ලියන ලද සංකල්පනා දැන දැන් සත්‍ය වශයෙන්ම මාගේ ජීවිතයට බලපාමින් පවතී...
ඇය ඕනෑම දෙයකට ඔට්ටු අල්ලන්නියකි..!
මම ඇයගේ ආදරය දින්නේද ඔට්ටුවකිනි..
ඒක නම් මහ පුදුම වැඩක්...
*******************************
- අයියා අපි ඔට්ටුවක් තියමු...
+ ඔට්ටු අනේ බෑ..
- අනේ අනේ තියමු හොදේ... ඔන්න ඔටුට්ව තමයි මේ අවුරුද්දෙ ඉස්සෙල්ලාම රෑ 12ට සුබ පතන කෙනාට අනික් කෙනා ඉල්ලන ඕන දෙයක් දෙන්නෝන...
+ අයියෝ සුලු දෙයක්.. හා....
- හා ඔට්ටුයි ඈ.......
+ ඔට්ටුයි...
ඒ ඔට්ටුව සිතු තරම් ලේසි නැත.. කිසි දිනක ජනවාරි31 වැනි දින රෑ කිසිවෙකුට කෝල කර පුරුද්දක් නෙතිබුන මා 11.58 සිට ඇය ඇමතීමට උත්සාහ කලත් සියලු සංඥා අවහරි වී තිබුණි... අවසන ද ීමම කෙටි පණිවුඩයක් යැවීමි.. එයද ඇයට ලැබුනේ පහුවදා දහවල්ය..
ඊට ප්‍රථම ඇය විසින් එවූව මට ලැබුනි.. මම පරාද වීමි.....
- හූ ඇ.. අයිය පරාදයි..
+ ඒක හරි අසාධාරණයිනෙ..
- ඒව අපිට කරන්න දෙයක් නෑ.. දැන් මම ඉල්ලන දේ දෙන්න...
+ හ්ම් හා..
- අයිය හැමදාම මගේ අයිය වගේ ඉ්නන.. මට අයියෙක් නෑනෙ...
ඇයට ඒ වන විටත් මා මුලු සිතින් ම ප්‍රේම කලෙමි.. ඇයගේ ඉල්ලීම දුනහොත් ඇය සදහටම අහිමි වනු ඇත... නොදුන්නොත් මා පොරොන්දු කඩකරන්නෙකු වන්නෙමි..
+හ්ම්.. හා මම එහෙම ඉන්නම් මොනව කරන්නද ඔයා මට ආදරේ නෑනෙ..
- හාද ?
+ හ්ම ්හා..
- අපෝ නරකයි ඔයා .. ම නෙවේ ඔයයි මට ආදරේ නැත්තෙ.. ඒකනෙ අයියෙක් වගේ ඉන්නම් කිවුවෙ..
+ !#%^&*(**&^%% දැන් ඔයානෙ එහෙම ඉන්න කිවුවෙ.
- කිවුවට ආදරේ නම් අයිය හා කිය්නනෙ නෑනෙ..
+ ඒ කිය්නනෙ ඔයා මට ආදරෙයිද ..
- නැතිව ඉතින්.. හ්ම්...
***************************
එදා මම ඇගේ ආදරේ දිනූව්ත ඔට්ටව පැරදීමි..
ඇත්ත..
අදටත් මම ආදරේ ඔට්ටුව පරදිමින් සිටින්නෙමි..
එහත් ඇය මෙන් කවුරුත් මට දිනුම දී පැත්තකට නොවන්නීය..
මට, ඇය අනෙකන්ගෙන් වෙනස් වන්නේ එතැනදීය..
මා නුඹට මෙසේ කියමි...
මා සිතේ නුඹ වෙනුවෙන් ඇති ආදරය...
දිය යට ගිල්වා තිබෙන රබර් බෝලයක් වැනිය
යාන්තම් එහෙ මෙහෙ වුවහොත් උඩට මතුවෙයි...
සුදු නංගී... !
“ රබර් බෝල සදහටම ගිල්වන ක්‍රමයක් සොයාගතිමි..
ඒ දෙතුන් පලකට ඇණ තුවාල කල පසු නැවත උඩ ඒමක් නැත..
මගේ සිත නුඹේ ආදරයෙන් පිරී පවතී....
එක්කෝ ආයෙ උඩ එන්න ඉඩ දෙන්න.. නැතිනම්
ළගට ඇවිල්ල හිල් කරල තුවාල කරල දාල යන්න... “
*******************************
මා මෙසේ ලියූවත් ඇය කිසි දිනක මෙය දකිතැයි නොසිතමි...
ඇයගේ මිතුරියක හෝ මිතුරෙකු වත් ඇයට මේ ගැන අකුරකුදු දැනුම් නොදෙනු ඇත..
එහෙත් මා නුඹට මෙසේ ලියා තබමි..
“ නුඹ තරම් මා හට පෙම් කල කිසිවෙක් මිහි පිට ඉපිද නැත.. ““.. !!
=================
කඳුලු දෙන්න මට හඩන්න සත් සමුදුර ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න..
.
හිත උපන්න ආලවන්ත - ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි - ඇය එවන්න මා බලන්න..
.
ලිහිණියනේ පියාඹන්න - ඈ ඇති තැන සොයා යන්න.
මා මිය යන බව පවසා  - ඇය එවන්න මා බලන්න..
........... සුනිල් එදිරිසංහ
===================
--- කුරුළු---

6 comments:

  1. රබර් බෝල සදහට ගිල්වන්න.. හැක් හැක්.. මරු ...

    ReplyDelete
  2. මූ දන්න දේවල්. රබර් බෝලෙ... එල ඈ

    ReplyDelete
  3. මටත් ඔහොම පොඩි සිද්දියක් වෙලා තියෙනවා... ඒක sms සෙල්ලමක්. sms එකෙන් අහන ප්‍රශ්නෙකට දෙන උත්තරේට ඔට්ටුවක් ඇල්ලුවා . මම තෝරපු අංකෙට ආපු උත්තරේ අපි දෙන්න වෙන් වෙනවා කියන එක... බොළඳ වැඩක් තමයි.. හැබැයි ඒක එදා මගේ හිතට තදට වැදුන හැටි මතක් වුණා. හෙහ් හෙහ්... ඇත්තටම සිද්ද උනෙත් ඇයයි මමයි වෙන් වෙච්ච එක... හැබැයි ඒ වෙන් වීම නිසා මගේ ජිවිතේට හරියටම හරියන කෙනාව මට ලැබුනා...

    ReplyDelete