Monday, January 27, 2014

===== ඔබ මා නොවන තුරු - මා ඔබ නොවන තුරු ======



+ ඇයි අයිය ඔයා මට ආදරේ නැත්තේ..!
- ඔයා ඇයි එහෙ අහන්නෙ... !
ගොඩක් වෙලාවට අපි කතාව පටන් ගත්තෙ ඔතැනින් එහෙමත් නැතිනම් ඉවර කලේ ඔතැනින්..!
.
හැබැයි ඒ ඇත්තටම එහෙම ඇහුවෙ අපි මැරීගෙන අපිටම ආදරේ කරන කාලෙ.. කරපු කාලේ..
මනිස්සුන්ට ඕනම දෙයක් ලග තියෙනකොට ඒක තමන් ලග තියෙනව කියල නොදැනෙන එක මහා පවක්.!
ඒක හරියට අලියෙක් තමන්ගෙ විශාලත්වය දකින්නෙ නෑ වගේ..
බුදු දහමෙ කියන විදිහට නිවන තියෙන්නෙ තමන් තුලමයිලු...එහෙම බලැවාම ලොකුම පව තමන් ඇතුලෙ තියෙන ඒ නිවන අවබෝධ නොවෙන එක..
ආදරෙත් එහෙමයි..
අපි නිවන හොයාගනෙ යනව වගේ ආදරෙත් හොයාගෙන යනව...
අපිට අපි ඇතුලෙ තියෙන ආදරේ අමතක වෙලා ඒ ගැන හොයන්න කතා කරන්න බලා ගන්න අපිට අමතක වෙනව..
සමහර වෙලාවට අපිට ආදරේ ලැබුනාම , අපිට ඒ ලැබුනෙ හොදම ආදරේද කියල අපිට විස්වාස නැ..
අපි වෙන වෙන ඊට වඩා වනස් ආදරේ හොයාගෙන යන්න පටන් ගන්නව...
පුංචි කාලෙ අපි හරි ආසයි තරුණ වෙනවට..
ඒත් අපිට අමතක වෙලා දවසින් දවස තරුණ වෙනව නෙවේ වයසට යනව කියල.. ජීවිතේ උපරිමත්වයට ආවට පස්සෙ අපිට දැනෙන් පටන් ගන්නව අනේ අපි දැන් වයසට යනව නේද කියල..!
හ්ම්.... ආදරෙත් ඒ වගේ... ළග තියෙනකම් අපි ආදරේ හොයව වෙන පැති වලින්.. එත් අපි ආදරෙ නැති වුනාට පස්සෙ අපි දුක් වෙන්න පටන් ගන්නව....
තවත් ගොඩක් වෙලාවට අපි හොදම කෙනා හොයන්න පටන් ගනන්ව....
.
යාලු වෙන්න කලින් ඔයත් මට කිවුව දෙයක් තමයි නංගි මට හරියන කෙනෙ ඔයා නෙවේ වෙන්න ඇති කියල..
ඔවු මම හොදම කෙනා නෙවේ මම එක් දන්නව.. ඒත් මම තමා ගැලපෙනම කෙනා කියල මම හිතනව.. මම හොදම කෙනො හොයන්න හිතුවෙ නෑ මම කල්පනා කලේ මම හොද වෙන්න..
.
ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි
ඉස්සර වගේ නෙවේ දැන් මගේ ආදරේ වෙනස් වෙලා , එයා වෙනස් වෙලා.. එයා ඉස්සර වගේ නෙවේ මට එපා වේගෙන එන්නෙ කියල...
ඒකට හේතුවක් තියෙනව.. බාගදා ඒක අපිටත් බලපාන්න ඇති සුදු නංගි..
.
අපි ආදරේ කරන්නෙ අපි මුලින්ම දකින කෙනොට . ඈතින් ඉදන් දකින කෙනොට. එයාගෙ ජීවතේට.. කෙන්ඩෙ පිරන විදිහට, හිනාවට, අදින විදිහට, කතා කරන විදිහට.. එයාගෙ නිදහසට අපි ආදරේ කරන්න පටන් ගන්නව..
හැබැයි බැරිවොලවත් එයත් අපිට ආදරේ කරන්න පටන් ගත්තාම..
ටික දවසක් යනකොට අපි අපිට ඕන ඒන විදිහට අපි ඒ කෙනාව වෙනස් කරනව..
ඒ කෙනාත් අපිට තියෙන ආදරේ නිසාම එහෙම වෙනස් වෙනව...
ඒත් කාලෙකින් අපි කියනව ඔයා ඉස්සර වගේ නෙවේ වෙනස් වෙලා කියල...
ඇත්ත..,
අපි ආදරේ කලේ අර ඒ දවස් වල අපි දැක්ක චරිතෙට. ඒත් අපි වෙනස් කලාට පස්සෙ ඉන්නෙ අපිට ඕන චරිතෙ..
කවුරු මොනව කිවුවත්...
අපි ඔය ආසයි කියල හිතන් ඉන්න සෙටින්ග්ස් වලට අපි ආසම නෑ... අපි අසම නැති විදිහ තමා ඒ අපි හිතේ තියන් ඉන්නෙ... ගොඩක් වෙලාවට අපි ජීවතේ තොර ගන්නෙ අපි කැමතියි කියන සෙටින්ග්ස් තියෙන කෙනාව නෙවේ...
හැබයි අපි ඒ සෙටින්ග්ස් අපිට ඕන විදිහට වෙස් කලාම අපිටම එපාවෙයි..!
.
මතක තියාගන්න....
නෙලුම් මල් කියන්නෙ..නෙලුම් මල් - රොස මල් කිය්නනෙ රෝස මල් - බුනීල මල් කිය්නනෙ බුනීල මල්... වද මල් කිය්නනෙ වද මල්... !
" නෙලුම් මලකට කියන්නෙපා කවමදාකවත් රෝස මලක්‍ වගේ වෙන්න... "
ඒක පට්ට අසාධාරණයි.... !!!
.
----පුළුවනිනම් මට සමාදෙන්න ...!!!

===================
සඳ සඳ වගෙයි - තරු තරු වගෙයි
මල් මල් වගෙයි - අපි අපි වගෙයි..
.
ඔබ මා නොවන තුරු - මා ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි - මම මම ම දැයි
සඳ සඳ වගෙයි - තරු තරු වගෙයි
මල් මල් වගෙයි - අපි අපි වගෙයි..

http://www.youtube.com/watch?v=Uv4fSTUKnpI
===================
--කුරුළු-

4 comments:

  1. [අපි අසම නැති විදිහ තමා ඒ අපි හිතේ තියන් ඉන්නෙ.]
    මේකනම් ඇත්තම ඇත්ත

    ReplyDelete