Tuesday, January 21, 2014

*** චිත්‍ර විකුණන මහලු උන්දා මගේ මුළු යටි හිතම බින්ඳා! ***



පොඩි එකා 
ඇකයේ තියන් 
සිතුවම් එකින් එක
ගොඩ ගසා
.
හිතට නැගෙනා 
කඳුල තම කුස
ගින්නෙ පදමට
ගෙන අනා
.
හීන කලවම් 
කරපු සිත්තම්
පෙළින් පෙළ
එක එක තබා.
.
කලා බවනෙක 
ඉදිරිපිට හිඳ
හෙළයි සුසුමන්
සිත්තරා..
.
කලාතුරකින් 
ළගින් යන එන
පෙම්වතෙක්
පෙම්වති නිසා
.
මිලගණන්
අසමින් සිනාසෙයි
පෙම්වතිය
සනසනු නියා
.
ඉදිරි පිට ඇති 
ජෝන් සිල්වගෙ
නිහඬ ගල්
පිළිමය විනා
.
සිහින හඳුනන
කිසිවෙකුත් නැත
නිතර මෙතැනින්
යන එනා..
*****************************
සිහින ටික කැන්වසක අන්ඳා
දුක ඉරා ඉන් වැටට රන්දා
චිත්‍ර විකුණන මහලු උන්දා
මගේ මුළු යටි හිතම බින්ඳා!
--කුරුළු--

* පින්තුරෙ - අන්තර්ජාලයෙනි

8 comments:

  1. ලස්සන අදහසක් ලස්සනට ගලපලා තියෙනවා . ඒත් පින්තූරෙ 'මහලු උන්දෑ ' කෙනෙක් නම් නෙවෙයි නේද ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. පින්තුරෙ ගත්තෙ අන්තර් ජාලෙන් !

      Delete
  2. සුපිරි අදහසක්..අහිංසක කලාකරුවෙක්ගේ හිත කියවල තියෙන පාටයි..

    ReplyDelete
    Replies
    1. මට දැක්කාම දුක හිතුන මම වත් කවදාකවත් එකක් අරගෙන නෑ !

      Delete
  3. ලංකාවේ ඉන්නවද බං එහෙම අය. දැං.. සාර්ථක නිර්මාණයක් සුභ පැතුම් කුරුළු

    ReplyDelete
    Replies
    1. කලා බවන ඉස්සරහ තාමත් ඉන්නව යකඩ වැටේ චිත්‍ර එල්ලන් !

      Delete
  4. අපෙත් අයියෙක් හිටියා ඔතනම
    ඇඳපු සේරම චිත්‍ර දාගෙන
    ඒත් මිනිහට දියුණු වන්නට
    බැරි උනා එය විකුණ ගන්නට
    දමා පසෙකට ඇඳපු සිතුවම්
    ගියා ඔහු රස්සා හොයා ගෙන

    ඔයාගෙ කවි පන්තිය දැක්කම මට මතකෙට ආවේ ඔන්න ඕක.කවි ‍සේරම හරිම ලස්සනයි හැමදාම වගේම.

    ReplyDelete