Wednesday, January 8, 2014

මගෙ අම්මයි මගෙ අප්පච්චියි






අපිට සමහර වෙලාවට (පොඩි කාලෙ ) අම්ම තාත්ත එක්ක තරහ යනව.. අම්මගෙන් තාත්ගෙන් ළමයින්ට අඩුපාඩු කම් වෙනව ඇති.. වැරදීම් වෙනව ඇති.... ඒ හැටි...
මට පුංචි කාලෙ මගෙ අම්ම “හැලිබොරේන්ජ් “ වතුර දාල හදන්නෙ නැතිව නිකම්ම පොවල මම ඉස්පිරිතාලෙ ඉදල තියෙනව..
අප්පච්චිට මාව බලාගන්න කියල අම්ම උයන්න ගියාම මම පුටුවෙ ඇන්දක් ඇතුලෙන් ඔලුව දාගෙන හිර කරල වටේම මිනිස්සු ඇවිල්ල බේරගත්තෙ...
දවසක් සත 5ක් උගුරෙ හිරවෙලා... උලුවෙන් හිටවල තමා ඒක ගත්තෙ....
ඒ අපිට නොතේරෙන දවස් වල... අපිට තේරෙන කාලවල් වලදිත් අම්ම තාත්ත එක්ක කේන්ති යනව.. ඉස්කෝල යන කාලෙ එහෙම...
යාලුවො එක්ක කොහේ හරි යන්න දෙන්නෙ නැති වුණාම ?
අම්මට තේරෙන්නෙ නෑ.. අප්පච්චි දන්නෙ නෑ.. මම අනන්තවත් කියල ඇති...
ඒත් මොනව කරන්නද ?
ඒයාල අම්ම - තාත්ත වුණේ මම ඉපැදුණ දවසෙ..
අපි ෆෝන් එකක්, ටීවි එකක්, රේඩියෝ, එකක් මොනම හරි බඩුවක් ගන්නකොට පාවිච්චි කරන හැටි, හෝදන හැටි, අදාල සියලු විස්තර තියෙන පොතක් ලැබෙනව....!!
ඒත් මම ඉපදුණ දවසෙ මගේ අම්මටයි තාත්තටයි එහෙම මම ගැන ලියපු පොතක් දුන්නෙ නෑනෙ... එයාල අම්ම - තාත්ත වෙන්න ඉගෙන ගත්තෙ මගෙන්. මට කැමති කෑම, හොඳනැති කෑම, හැදෙන ලෙඩ හැම එකක්ම වගේ දැන ගත්තෙ ඒ දේවල් වුණාට පස්සෙ.....
ඒ නිසා කමක් නෑ.... ආයෙ මම මුකුත් කියන්නෙ නෑ...
මොකද මටත් මගේ ළමය එක්ක ‘කැටලොග්“ එකක් ලැබෙන එකක් නෑ..
එදාට මට දුක හිතෙයි....
---කුරුළු--

8 comments:

  1. හ්ම්.. මේක මම දැක්කා කිහිප තැනකදීම...

    ReplyDelete
    Replies
    1. ඔවු මම ලියපුව හැම තැනම.. සමහර තැන් මතක නෑ. දැන් තමා මේ බ්ලෝග එක පිලිවෙලක් කරන්නෙ... පස්සෙ හෙමීට කියවමින් අයින් කරනව..

      Delete
  2. ශිරා කතාව අයියේ

    ReplyDelete
  3. කතාව වගේම අර පිංතූරයත් හරිම සංවේදියි කුරුළු .

    ReplyDelete
    Replies
    1. ඒකත් ලෝක ප්‍රසිද්ධ පින්තුරයක් ගිම්හානි

      Delete
  4. හිතට වැදෙන පින්තූරයක් වගේම අම්මා අප්පච්චී ගැන හදවතට දැනෙන්නම ලියපු සටහනක්...ලස්සනයි හුගක්

    ReplyDelete