Thursday, January 9, 2014

හංදියේ මහ සියඹලා ගහ








හංදියේ මහ සියඹලා ගහ
කවුරුදෝ බිම පෙරලලා
අඬ අඬා ඇය බිම බදා හිටි
අයුරු පෙනෙනව සිහිවෙලා
නොදන්නා මුත් කවුරුවත් අප
අතර තිබු පෙම හැංගිලා
ඇත්තමයි නුඹ නිසා වෙන්නැති
මගේ ඇස්දෙක තෙත් වෙලා

නුඹගෙ කඳමත ඉඳන් අතු ටික
රහින බංඩෙගෙ පොඩි මලා
මැරුනෙ ඔය අත්තකම නේ බං
පෝය දවසක එල්ලිලා
දොල දුකට සියඹලා දුන් හැටි
 බංඩෙ‍ලට අමතක වෙලා
අම්ම වත් කියනවා ඒගැන
හිටිය නං ජීවත් වෙලා

පුංචි කාලෙදි බිමට විසිකල
සියඹලා කෑවා වුණත්
නමය වසරෙදි තාම මතකයි
නැග්ග හැටි උඹේ අතු වලත්
රෑට තනියම ගමන් යනකොට
මාව බයකෙරුවත් නැතත්
ආදරේ අඩු වුනේ නෑ මගෙ
උඹට - මං කැම්පස් ගියත්


හෙටින් පසුවට යලිත් කිසි දින
නුඹේ රුව හන්දියෙ නැතත්
සත්තමයි මට දැනෙනවා නුඹ
තාම එහි ඉන්නා බවක්
නුඹට කොහොමද මිතුර නොදනිමි
දැනේදැයි මා ගැන දුකක්
"දැනෙනවා මට සුවඳ නුඹගේ
හදේ පතුලින් මහ හුඟක් "
.
-කුරුළු-

8 comments:

  1. ///නුඹගෙ කඳමත ඉඳන් අතු ටික
    රහින බංඩෙගෙ පොඩි මලා
    මැරුනෙ ඔය අත්තකම නේ බං
    පෝය දවසක එල්ලිලා
    දොල දුකට සියඹලා දුන් හැටි
    බංඩෙ‍ලට අමතක වෙලා
    අම්ම වත් කියනවා ඒගැන
    හිටිය නං ජීවත් වෙලා///////

    කුරුළු......මේ කොටසට මම හරිම කැමතියි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හරි සහොදරයා මම ලියන්නම්... ස්තුතයි..!

      Delete
  2. පට්ටයි, වැඩිය භාවිතා වෙන්නේ නැති, කවි රසය මතු කරන්න මාරු වචන උණත් ගලපලා තියන විදිය නම් කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ කුරුල්ලාගේ අනන්‍යතාවය කියලා.. මේ කවි ටිකයි වෙන කවි ටිකකුයි දුන්නම මේක කුරුලුගෙ කවියක් කියල කියන්න පුලුවන් ලාක්ශණික ගුණාංග මෙන්න මේවගේ අඩංගුයි.. :)

      කවි බලනවා හැමදාම කමෙන්ට් කළේ නැතුවට මම...

      Delete
    2. බොහොම ස්තුතියි සමී... නුඹට...

      Delete
  3. බොහොම ලස්සනයි මචෝ...

    ReplyDelete