Wednesday, January 22, 2014

=හිනැහෙමු සොදුරිය අපහට රිදවන "හදවත් " හොඳටම දිරපුවා =



නුඹලට මතකද හඳ ගැන ඉස්සර දිගටම එක එක ලියපුවා
මටමම පුදුමයි කෝ දැන් ඒ කවි සඳටම හැමදම කියපුවා
කේලම අහලද මන්දා තරු කැට නිකමට, බොරුවට කියපුවා
ඕනම දවසක එනුමැන කුටියට තියෙනව " නුඹ " ගැන ලියපුවා..
.
ආදර සද වෙත ඉස්සර මතකයි හොරෙනුත් පෙම් පත් යවපුවා
කාටද අමතක මම සහ නුඹ ගැන - අපිටම අපි ගැන එවපුවා
කොතරම් කීවත් එක එක කවියන්, කවියෙන් අපි ගැන වවපුවා
මොකටද වෙන අය කියපුව බොරුවට ඒවා උන් උන් මවපුවා.
.
තාමත් නුඹ මට - මාවත් නුඹ හට දැනුනානම් ඇති කරපුවා
පිටවුන් මොනවත් කිවුවට මොකටද ඒවා හදවත් මරපුවා
හිනැහෙමු සොදුරිය අපහට රිදවන "හදවත් " හොඳටම දිරපුවා
හොඳටම මේ ඇති යන්නට " අහසට "අපි පෙම් පාරමි පුරපුවා
---කුරුළු---


2 comments:

  1. //කවියෙන් අපි ගැන වවපුවා//

    මෙහි අදහස කුමක්ද??

    ReplyDelete
    Replies
    1. කොතරම් කීවත් එක එක කවියන්, කවියෙන් අපි ගැන වවපුවා
      --- අපි ගැන කවියො කවියෙන් කියපුවා - වවපුවා = වගාකරන ලද !
      අපි ගැන කවියො වගා කරපු බොරු දෙවල්..

      Delete