Tuesday, January 28, 2014

===== විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...====






නුඹේ දෙනෙතේ කාන්තියත්
සිනහවේ සුන්දරත්වයත්
මා ජීවත් කරවාවි..
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
නුඹෙන් ලැබුනු ආදරයට
ආදරේ කරපු වරදට
මම මටම වෛර කරන්නෙමි
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
නුඹේ ඔය සිනාවකට
හෙලන ඇහිපිල්ලමකටම
මම ආදරේ කරන්නෙමි...
නුඹ සමඟ එක්ක සිටි සෑම මොහොතක්ම
සිහිකරන්නෙමි..
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
අප, අපෙන් උදුරාගත්
ජීවතේ අතරමගදී අපට
ආදරේ අහිමි කල සියල්ලන්ටම
වෛර කරන්නෙමි
මා මිය යන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
.
දවසක මා මියයාවි..
ඒ නුඹගේ ආදරය තුරුළුකරගෙන,
එදාටත්, නුඹ මා ලග නැති වේවි...
නුඹ වෙනුවෙන් මිය යන්නෙමි..
ජීවත් වන තෙක්ම..
විශ්වාස කරන්න - මම නුඹට ආදරෙයි...
---කුරුළු---

5 comments:

  1. පිස්සු හැදෙනව..කියන්න වචන නැහැ මචෝ..පට්ට

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම එකම වීදියේ සහෝ !

      Delete
  2. ආදරෙන් බෙදාගන්න
    මේ ජීවිතේ
    හීනයක් නොවෙන්න
    ඉදින් නුඹ පෙරුම් පුරන්න


    ලස්සනට පද ගලපල තියෙනව කුරුලුවො ඇත්තමයි බොක්කටම වැදුණ

    ReplyDelete
  3. මගේහිත කියවලා අයියේ ඔයා

    ReplyDelete