Wednesday, January 8, 2014

බුදු හිමිත් අහනවා මගෙන් නම් හැමදාම..


නිමිත්ත - කැලණියේ බෝ මලුවේ කැමරා සවි කිරීම

බෝධියේ පින්කලේ අරන් යන වටේටම

කැමරාව හයි කරල වටේ යන හැඩේටම
පින්වතුන් තාම නම් එන්නෙ ඒ වැඩේටම
අමතකද මන්ද ? ඒ පන්සලේ නඩේටම
.
බෝධියේ හතර අත බුදු පිලිම නෙලාගෙන
සතර මහ දෙවි වරුන් සේද සලු හලාගෙන
වෙන කවුරු නැති වුනත් අපේ දුක බලාගෙන
කැමරාම දහසයක් ඇත එතැන එලාගෙන
.
ඉඳ හිටල පන්සලට කවුරු හෝ ආවාම
නතර වී සිනාසෙයි ඒ කුලුනු ලග තාම
මළුවකට කුමකටද මේ තරම් කැමරාම
බුදු හිමිත් අහනවා මගෙන් නම් හැමදාම..
.
--
කුරුළු---

23 comments:

  1. හාමුදුරුවෝ ළගදීම හිරේ... හැක්

    ReplyDelete
  2. මලය උඹේ සිතිවිලි අපි එක්ක හැමදාම බෙදා ගමු...
    උඹේ අදහස් හරිම රසයි...

    ReplyDelete
    Replies
    1. හරි කෙන්ජි අයියෙ ස්තුතයී..!

      Delete
  3. මරාගෙන මැරෙන්න හිතෙනවා. මොකද මාත් කැළණියෙ බන්. හි… හි……

    ReplyDelete
  4. එල සහෝ...මාතල්න්ගේ පාර දිගේ ආවේ .....ජය

    ReplyDelete
  5. අර වේද මහත්තයා වගේ හිරේ යන්න වගේ හාමුදුරුවෝ තනන්නේ.. අනේ මන්දා..
    සේනා හාමුදුරුවෝ මෙව්වට බනිද මන්දා.. :v
    පට්ට කවි පේලිය,,,
    මාතලන් අයියගේ පාරෙන් ආවේ,,

    ReplyDelete
  6. නියමයි කුරුළු ,,මං ආස විදියේ ලියවිල්ලක් ඔයාට තියෙන්නේ ..අපේ මාතලන් තුමා ඔයාටත් සප් එකක් දීලා ..දිගටම ලියන්න නිස්කලන්කෙම :)

    ReplyDelete
  7. අමුතු රහක් තියෙනවා ...
    ආයේ කවි තනද්දී මේ ලිංකුවෙන් කවි පේලි හැඩ කර ගන්න ( http://www.siwpada.blogspot.com/ )

    ".... පංසලේ හාමුදුරුවොත් අර වේද මහත්තයා වගේ කැමරාවක් ගහලා හිරේ යන්න වගේ හදන්නේ නෙහ්..."

    මාතලන් අයියගේ පාරෙන් ආවේ..

    ෂෝක් පංකාදු කවි ටික අයියණ්ඩි... ! ජය වේවා.. !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතයි නුඹලා හැමෝටම - මාතලන් අයියාටත්

      Delete
  8. උඹ අපේ එවුන් දෙන කමෙන්ට් ගැන නොසිතා එල සිතිවිලි අකුරු කරපන්.
    සම හරක් පොල් බුරුවන්ගේ දේ වලට වඩා උඹේ සිතිවිලි වල 'රස'යක් තියෙනවා.
    දිගටම ලියපන්.
    ජය....!

    ReplyDelete
  9. පට්ට කුරුළු

    ReplyDelete
  10. ෆට්ට සහෝ දිගටම එන්නම්..මාතලන් අයියා පෙන්නපු පර දිගේ ආවේ

    ReplyDelete
    Replies
    1. හොදයි ආචාර්යය ස‍හෝ.. මාත් ඒ පැත්තෙ එන්නම්..!

      Delete
  11. දමන්නට පෙර පඩුරු. සිතන්න ..දෙවියන්ට දැන් ඇත සාක්කිත්

    ReplyDelete
    Replies
    1. දානකොට නම් බැරියෑ - ගන්න ඒව බලන්න වෙන්නැති...

      Delete
  12. මාතලන් ලොක්කට ජය වේවා.....!! එතුමගේ පාරෙන් තමයි මාත් ආවේ...ඕවට කියන්නෙ පන්සලේ ඉන්නෙත් සිවුර ඇදගත්තට මනුස්සයෙක් කියලා විතරයි.....මනුස්සයට තියනවනෙ තන්හාව...තමන්ගෙ දෙයක් නැතිවෙයි,නැත්නම් තව කවුරුහරි අරන් යයි කියන බයට තමයි ඔය වගේ ඒවා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිමිනමක් මට කිවුවා බෞද්ධයාගෙ ලොකුව ආරස්සාව තිසරණ කියල !

      Delete
    2. එහෙම කීවත් සමහර පන්සල් වලට පොලිස් ආරක්ෂාව දීලා තියෙනවනේ.

      Delete