Sunday, January 12, 2014

පිටේ කරඬුව තියෙන බව මට කොහොම අමතක වුනිද මන්දා !!




ඊයෙ හවසත් මගේ නහයට සුදු නෙලුම් මල් දෙකක් රන්දා
බුදු හිමිට බෝ මළුව අසලදි දණ ගසා තුන් වරක් වැන්දා
හෙණ්ඩුවක් ගෙන ආදරෙන් මා නිතර නිතරම රකින උන්දා
කරපු වරදට හෙණ්ඩුවෙන් ඇණ,දණ ගැසූ මා කණුවෙ බැන්දා
.
වටේ හිටි පොඩි එවුන් දැක්කම මතක් වෙන්නෙම මගේ "නන්දා"
මටත් නොකියම හොරෙන් ඇවිදින් අරන් ගියෙ දම් වැලින් බන්දා
පිටේ කරඬුව තියෙන බව මට කොහොම අමතක වුනිද මන්දා
ඇඳුම දැන් මට පොඩි වැඩියි, මම දැඟලුවේ ඇහැ කෙවුණ හන්දා
-කුරුළු-

8 comments:

  1. අදත් සුපිරිම සිතුවිල්ලක්. නියමයි

    ReplyDelete
  2. රටේ නමගිය උඹල හුරතල් ඇත් කුලේ මහ ගජ සුරින්දා
    නුඔට ඔය තැන හිමි වුනේ මේ අපේ උන් ගේ මොලේ හින්දා
    අපේ උන් මහ දනන් අභිමුව පෙනෙන නුඹගේ තෙදේ හින්දා
    නුඹලාට නුඹලාගෙ නිසි තැන නුඹලටත් නැතිවුනි ද මන්දා

    ReplyDelete
  3. මට නම් මතක් වෙන්නේ ම ගලබොඩ ය දම් වැල් දාගෙන ඉන්න එක ...,.

    ReplyDelete
  4. ඉඳලහිටල මේවත් ලියන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉඳහිටල විතරද හැම දාම ලියමු

      Delete