Monday, February 3, 2014

= " නුඹ" එනවද සබඳ හෙට ! ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට.. =



ජීවිතෙ කොයි තරම් බරදැයි නුඹට මට
විමසන එවුන් හට කියලම ගෙවිල කට
යනකොට නිදහසේ අවුරුදු හයක් හැට
අපටත් නොදැණි බිම ඇණිලද අපගෙ හොට
.
නිදහස කොයි තරම් දැනුනද හිතට මට
ආපසු හැරිල බලමුද අපි පසුව " හෙට "
ඉඳහිට හන්දි වල තාමත්  කාසි කැට
හොළවන එකට හේතුව නුඹ කියන් මට
.
මොනවම වුණත් මේ පල්ලට ගියපු රට
අල්ලට සිඟන තරමට යා නොදී වැට
බඳිනට කවුද ? " නුඹ" එනවද සබඳ හෙට !
ඉවරම කරමු හෙටවත් මේ මිල්ල තැට..
--කුරුළු--

පින්තුරෙ නෙට් එකින්

2 comments: