Wednesday, February 19, 2014

== සඳේ ඔබ ඇයිද මේ යාමේ ===




මම ඒක මෙහෙම කියන්නම්....,
එක්තරා පෙම්වතියක් එක්තර තරුණයෙකුට පෙම් කරනව අසීමිතව.. ඒ තරුණයා ටිකක් ජනප්‍රිය කෙනෙක්.. මේ තරුණිය ගැන නොසලකුවට මේ තරුණයාට වෙනත් තරුණියෝ බොහෝ ප්‍රමාණයක් පෙම් බැන්ද ඒ වගේම ළං කරගෙනත් හිටිය....
එත් මේ තරුණිය සෑහෙන කාලයක් ඔහු වෙනුවෙන් බලන් ඉඳිනව..
එහෙත් ඔහුගෙන් කිසිම පිළිතුරක් හෝ සහනයක් නැති තැන ඇය වෙත් කෙනෙක් වෙත හැරෙනව.. තමන්ගෙ ආදරේම නොවුනත් එකතරා විදියක ආදරයක් පිළිගන්වනව... ,
ඊට ටික කාලෙකට පස්සෙ
අර කලින් පෙම් කල තරුණයා මේ තරුණියට ආදරේ කරන්න පටන් ගන්නව..
ඒ දරුවා අහන්න පටන් ගන්නව....
.
සදේ නුඹ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ
හිතේ දුක හිරු නිවා දැමුවේ නැතිවද නුඹ දන්නේ
.
... මම නුඹව කොයි තරම් නම් සෙවුවද? මම නුඹව සොයන විට නුඹ මගේන් ගොඩක් දුර ඉදන් අනික් අයව ලං කරගෙන සතුටු වුනා නේද...... මම නුඹව ඉල්ලා නුඹ ළග හඩා වැටුනත් නුඹට එය දැනනේ නෑ නේද.. හඩමින් මා රෑ කීයක් නම් නොනිදා එළි කරන්නට ඇත්ද ?
ඔබ තරු වට කර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදා දුක වැලපෙන මා හට ඔබගෙන් කිමද පලේ
.
කවදා හරි නුඹව මට ලැබෙයි කියල මම නුඹව හිතේ තියන් කොයි තරම් හීනයන් දැක්කද? නුඹ දුරින් හිටයත් මට ඒක සතුටක් වුනා.... එත් දැන් මම වෙන කෙනෙක්ට ආදරේ කරනව.. ඒ මම බලාපොරොත්තු වුන ආදරේ නෙවෙයි.. සමහර වෙලාවට මට ඒක දරා ගන්න බෑ මාව පිච්චෙනව.. ඒත් දැන් මට එක් අමතක කරල ආයෙත් නුඹ ගාවට එන්න බෑ....


.
සද දෙස බල බල මා පැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ...
.
ගිනි හිරු පායා සොමිසද බැසලා මගෙ ලොව එලිය වෙලා......
සමාවෙන්න මට.....
.
මේ ගීතය අහන හැම මොහොතකම මට අසංකාරිකව හරි සසංකාරිකව හරි ඇයව සිහිවෙනව.....
--කුරුළු--

7 comments:

  1. සද දෙස බල බල මා පැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ
    හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ...

    ReplyDelete
  2. මං ලගදි බැලුවා මරු ෆිල්ම් එකක් සවුත් ඉන්ඩියන් එකක්.
    ඒකෙදි තමුන්ගේ බිරිය ගෙන් සතුටුවෙන ්එක ප්‍රතික්සේප කරන තරුණයෙක් ගණිකාවට දැඩි ලෙස ආලය කරමින් යනවා. ගණිකාව අර මනුස්සයාට අකමැත්තෙන් ඉදලා අවසානෙ කැමැත්ත දෙනවා හැබැයි එක කොන්දේසි යක් උඩ. ඒ තමයි ගණිකාව සමග ඒ මනුෂ්‍යයා ලිංගිකව හැසිරෙද්දි අනිවාර්යෙන් අර මනුෂ්‍යයාගේ ඇස ්දෙක රෙදි පටියකින් බඳිනවා.
    පස්සෙ අවසානෙ අර කොල්ලට තේරුං යනවා ආලය කියන්නෙ මායාවක් කියලා. තමුන්ගේ වයිෆ් ලඟ නැති කිසිම දෙයක් අර ගණිකාව ළඟත් නැහැ කියලා එයා ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නවා.

    ReplyDelete
  3. //සද දෙස බල බල මා පැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ
    හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ...//

    ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. නොකිවුවට හැමෝගෙම කතාව ඒ වෙග්

      Delete
  4. සද අයිති අහසට ..හරි ආදරෙන් සතුටින් ඉන්නවා තරු ගොඩක් එක්ක ..ඔයා වගේ ...මං තාම බලන් ඉන්නවා ඔයා දිහා ..ඒත් හැමදාම මෙහෙම ඉන්න බැරි වෙයි ..මට යන්න වෙන දවසක් වෙයි ..ඒදාට එන්න එපා ...ඔයා පරක්කු වැඩි ...

    ReplyDelete