Thursday, February 6, 2014

=== සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ - පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා ==



අපි ආදරේ කරනකොට පොඩි පොඩි හිත් රිදවීම් ඇතිවෙනව...
මම ආස නැති දෙයක් ඔයා කලාම මගේ හිත හුගක් රිදෙනව...
ඔයා ආස නැති දෙයක් මම කලාම ඔයාටත් රිදෙනව ඇති..
ඒ දේ හැබැයි මහා ලොකු දෙයක් නෙවෙයි...
ඔයාගෙ මම ඒ අකමැති දේ ඔයා පොඩ්ඩක්වත් ගනන් නොගන්නා දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ඒ දේ මට දැනෙනව...
ඉතින් ඒ දේ ගැන අපි කතා කල යුතුයි....
නංගිට මතකද මම මේ ගැන ඔයාට කියල දුන්න,
ඔයා මෙහෙම හිතන්න...
ඔයා අල්පෙනිත්තක් අරන් මට අනිනව...
පුංචි ලේ බිංදුවක් එනව.... ඔයා හිනාවනෙව..
මම කොච්චර කිවුවත් එයාට එයා අහන්නෙම නෑ..
එයා ආයෙ ආයෙ අල්පෙනිත්තනේ ඇනල මගේ ලේ බිංදු බලල හිනා වෙනව...
හැබැයි නංගි මතක තියාගන්න...
මට ඔහොම ඇනල ඇනල බිංදු බිදු ලේ ගිහින් දවසක මළ මිනියක් වෙයි...
අනිනවනම් එක පාරටම ඇනල මරන්න..
පොඩි පොඩි තුඩු  වලින් අනින්නෙ නැතිව...
නංගි දන්නවද..
“ කිඹුල කන එක ඉවසන්න පුලුවන් මාලු කොටන එක ඉවසන්න බෑ..“
ඔයා මම මැරුණ දවසකට සමහර විට මාව බදාගෙන අඩාවි...
එත් ආයෙ මේ ආදරෙට මණ එන එකක් නෑ..
ඒක මට විතරක් නෙවේ ඔයාටත් එහෙමයි...
ආදරයක් පවතින්නෙ..
වැරදි නොකරන දෙන්නෙක් අතරෙ නෙවේ...
වැරදි හදා ගන්න කැමති දෙන්නෙක් අරතයි
==============
සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා
.
ගමේ නාඩ ගම් පොලේ කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත් ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා
.
වෙල් දෙනි ඕවිටි පුරා තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා..
**** ගායනය - ජානක වික්‍රමසිංහ
===============
--කුරුළු---

8 comments:

  1. මං මේ ගීතය කැමති එකක්...

    හැබැයි ගීතය අර්ථදක්වපු හැටි වැරදියි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ සංකල්පනා වල අර්ථදැක්වීමක් නෑ දේශකයො.. මේ මගේ කතාවට නිංක අල්ලල යන ගීතයක් දෙනව මං

      Delete
  2. හෑ බොල කොලුවො මොකක්ද හැබෑට වෙලා තියෙන්නේ..?

    ReplyDelete
  3. ලස්සන සින්දුවක්...

    ReplyDelete
  4. මේ ගීතයට මම හරිම කැමතියි.

    පදවැල්.....රත්නශ්‍රී විජේසිංහ
    සංගීතය....ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. අහ් මම ඒ බවක් දැනගෙන හිටියෙ නැ ස්තුතියි

      Delete