Sunday, February 9, 2014

== දිව්‍යලෝකෙට තමයි ඒ මල ! ==



මදාරා මල් වුණත් ඉඳහිට
පිපෙනවා කුනු කාණු වතුරක
නෙලන්නට එන ඕන කෙනෙකුට
බහින්නට වෙනවමයි වතුරට... !
.
කවුරු හරි දෙවි කෙනෙක් මිහිමත
ඉන්නවා ඇති ඉදරිපත් වෙන
මලේ පෙති යට සැගව වදදෙන
කාණු කොකු පණුවන්ට බැට දෙන.. !
.
උන්ට වටිනව තමයි ඒමල
ඒක වෙන්නැති රැක්කෙ හැමතැන
මලට හිත ඇති වුණත් පණු කැල,
දිව්‍යලෝකෙට තමයි ඒ මල !
-කුරුළු-

6 comments:

  1. උඹ ලියනවා වගේම අනිත් එව්වන්ගේ පෝස්ට් වලට අකුරක් කොටලා දායක වෙයන් බන්..
    උඹේ සිතිවිලි ලියල උඹ විතරක් ආතල් නොගෙන ...
    කට්ටිය අතරට ඔය නිර්මාණ ගෙන යන්න කට්ටිය අතරට වරෙන්...

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අයියේ මම හෙන වැඩ ගොඩක ඉන්න එකෙක් මේකත් කරගෙන යන්න‍ෙ හෙනම අමාරුවෙන් .. මම පුලුවන් හැම වෙලේම ඔලුව දාන්නම් අනික් බ්ලොග් වලට...

      Delete
  2. ඩ්‍රයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ....දැනෙන්න ලියලා තියෙනවා..නියමයි..

    ReplyDelete
    Replies
    1. ආහ් හොදයි... ඩ්‍රැයිවර් අවුවෙලා හිටියෙ දැන් යමං

      Delete
  3. මම මේ බ්ලොගේට අව දවසෙ ඉදලම උබේ වචන වලට අසයි මචෝ..ඒ දේවල් ගොඩක් සමීප බවක් දැනෙනව.

    ReplyDelete