Tuesday, February 11, 2014

=== අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් ===


කවුරුන් හෝ මාගෙන් ලංකාවේ ධනාත්මකය ගීතය කුමක්දැයි ඇසුවොතින් ..
ඒ මා දන්න පරිදි නම් " සුනිල් එදිරිසිංහ " මහතා ගායනා කරන
.
-- සොර දෙටුවෙක් කස තැලුම් කකා --- යන ගීය යැයි නම් කරමි..
එහි අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... ! ලෙස තිබුණත් වත්මන ධනාත්මක වීම දෙස බලන කල මෙය ඉතාම ධනාත්මකව මට පෙනේ.. !
අනේ සත්තයි මට තාම එච්චර ධනාත්මක වෙන්න බැරි වුණා..
හරිම සරළ වුණත් - මට පට්ට බරයි ඒ වචන ටික...
.
ඒ වගේම මට ඊට වඩා ධනාත්මක සිතුවිලි තියෙන ගීයක් හොයාගන්නත් බැරි වුණා..
ගීතය මෙහෙමයි..
සොර දෙටුවෙක් කස තැලුම් කකා - දංගෙඩියට ගෙනයන ගමනේ
වධක බෙරේ දැක සොරාගන්න එය - කදිමයි ලොබ සිතුවාලූ...
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- මරණයට නියම වුන සොරෙක් ගෙල සිඳලන්න දං ගෙඩියට ගෙනියන වෙලාවෙ එතැන වාදනය කරන වධක බෙරය දැකල ඒක හොරාගන්න ඇත්නම් කොච්චර දෙයක්ක කියල හිතුවාලු.. සොරෙක් සොරකම් කරන්නෙත් ජීවත් වෙන්න.. ඊටත් මේ වධක බෙරේ හොරකම් කරන්න තරම් හිතක් !!
.
බුදු පුතෙකුන් පිඬු සිගා වැඩියහොත් - දෙන්න වේයැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී - පැණි කොමු පිස කෑවේලූ..
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- අප දන්න ආකාරයට දැනට රහතන් වහන්සේලා නොමැති නිසා බෞද්ධයන්ට දිය හැකි උසස්ම දානයක්විදිහට බුද්ධ පුත්‍රයින් වහන්සේලාට දෙනු ලබන දානය නම් කරනව. මහත් ඉසුරු සැප සම්පත් ඇත්තෙක් පැණි කැවුම් කන්න ඇති වුණ ආසාව නිසා තනිව පැණි කැවුම් හදාගෙන කනවලු..මේ මනුස්සය කිසිම කෙනෙක්ට කිසි දෙයක් දෙන කෙනෙක් නේවේ.. එත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වැඩම කලොත් දෙන්න වෙනව .. ඒ නිසා ඒකත් නැති කරගන්න නිවසේ උඩු මහලට වෙලා පැණි කැවුම් හදාගෙන කෑවලු.... මට නම් ඒ ක මාර ධනාත්මකයි තමන්ගෙ ධනය රැකගන්න...
.
සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී - මහපොළවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත සුළං රැලි - අහෝ සැපයි කීවාලූ..
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... !

-- හොඳට හරි නරකට හරි බීමතින් සුරාවෙන් මත් වුන පුද්ගලයෙක් මහා ගල් පර්වථයකින් පහලට ලෙස්සට පාවෙලා බිමට වැටෙන්න එනකොට ඒ මනුස්සයට අතර මගදි හිතෙනවලු.. අනේ මේ මගේ ඇගෙ වදින සුළං රැලි කොච්චර නං සනීපද කියල... ඊලගට තමාට අත්වෙන මරණය ගැන නොහිත අන්තිම මොහොතෙත් සැපයක් ගැන හිතන්න තරම් කොච්චර හිතක්ද !!!!
.
මේ ගීතය ගැන මෙහෙම කීවාම සමහරුන්ට හිතෙන්න පුලුවන් මේ අල්වා ගැනීම ලෝභය තන්හාව කියල.. ! නෑ මට නම් මේක ධනාත්මකයි..
මොකද බෞද්ධයො වුණාට අපි බුදු වෙන්නෙ නෑ.. නිවන් යන්නෙත් නෑ...
අපි ඒතරම් එක එක දේවල් වලට බැඳීල..
මගේ ඇඳ - මගේ කෝප්පෙ - ම‍ගේ පිඟාන විතරක් නෙවේ සමහරුන්ට ගෙදර වැසිකිලිය තරම් වෙන කොහෙවත් නිදහසක් නැ..
ඔට්ටුයි.. ! උඹල එකෙක් වත් නිවන් යන්නෙ නෑ... බුදු දහම එච්චරට ගැඹුරුයි !,,,
අපිට එක සතේක දෙයක් අතාරින්න බෑ... හිතල බලන්න නුඹ ට වෙන්නු වුනු අතෑරගන්න බැරි කොච්චර පොඩි පොඩි දේවල් තියෙනවද කියල..
ඒව හෙන ධනාත්මකයි - ජීවත් වෙන්න ....
නිවන් යන්න නෙවෙයි..... !!!
පුළුවන් නම් මට කලින් නිවන් පලයල්ල.. ඒක ඔට්ටුවක් !
--කුරුළු----
ගීතය --
http://www.youtube.com/watch?v=T6-lDihGoHQ

9 comments:

  1. හ්ම්ම්ම් .........
    උඹෙත් තියෙන්නේ පුදුම විග්‍රහයවල් බන් ...
    එල.....

    ReplyDelete
    Replies
    1. ලොකෙ ඉස්සරහට ගියේ සංස්කෘතිය රැකපු උන් නෙවේ අයියෙ සංස්කෘතිය බිඳපු උන් !

      Delete
    2. ඒ කතාවට මාත් එකගයි.

      Delete
  2. //පුළුවන් නම් මට කලින් නිවන් පලයල්ල.. //

    මේක නම් ඉතිං අමාරුයි.. ඔන්න "පුළුවන් නම් මාව කලින් නිවන් යවපල්ල" කිව්ව නම් සලකා බලන්න තිබ්බා. විග්‍රහය නම් එළ...

    ReplyDelete
  3. මෙහෙම සිංදුවල තේරුම තේරුම් කොරන එක අගය කොරන්න වටිනව..

    ReplyDelete
  4. කියවනකොට පොඩි කතාවක් මතක් වුනා. මේක කොලොන්නාවේ පොඩි සංගීතෙක වුනේ. තිලක් කුමාර රත්නායක හංදියේ ආධුනිකයෙක්ව වේදිකාවට හඳුන්වලා දුන්නා. පොර සිංහපුර බුවෙක්. ගතියට ඇඳලා කොන්ඩේ බම්ප් එක තියලා. ලස්සනට සිංදු කියනවා දන්න ඔක්කොම ඇක්ශන් දාලා. පව් ඌ. සින්දුවල තේරුමක් දන්නේ නැහැ.

    දෙවෙනි සින්දුව සුනිල් එදිරිසිංහගේ සොර දෙටුවෙක්…නියම මියුසික් බීට් එක..පොර දැන් කසෙන් ගහනවා අතින් පෙන්නලා එක පාරටම දෙවෙනි පදේදි, මහපට ඇඟිල්ලයි, දබරැඟිල්ලයි එක්කහු කරලා පොඩි දෙයක් පෙන්නුවා. පස්සෙයි තේරුනේ මේ පෙන්නලා තියෙන්නේ දං ගෙඩියක් කියලා. පස්සේ උට කොල්ලෝ චුට්ටන් බට්ටිච්චා කියලත් කිව්වා.

    ReplyDelete