Sunday, February 23, 2014

ගලවා විසි කලත් හදවත - හිතට මදී...!



ඇත්තයි නුඹව හීනෙන් දැක්කාට මදී
මන්දැයි කරන්නේ හිත හැමතැනම වදී
හෙමිහිට ඇවිත් නුඹ ආදර වදන් දිදී..
සත්තයි මගේ හිත එක පැත්තකට අදී

නුඹ ගැන පෙමින් මගෙ හිත හොදටෝම මිදී
ගල් වී තිබෙනු දැක ඇස්දෙක සුසුම් අදී
මොනවා කරන්නද සොදුරිය නුඹට‍ නොදී
ගලවා විසි කලත් හදවත - හිතට මදී...!
-කුරුළු-

12 comments:

  1. හරිම දරුනුයි නෙව. සාර්ථක නිර්මාණයක්

    ReplyDelete
  2. මට "වැස්ස" කවි ටික මතක් උනානෙ.අයිද මන්දා.

    ලස්සනයි //ගලවා විසි කලත් හදවත - හිතට මදී...!//

    ReplyDelete
    Replies
    1. අනේ මන්දන්නෙ ස්තුතයි ෂාසා

      Delete
  3. කියවුවෙමි...ලස්සනයි..ලියන්න දෙයක් හිතෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. මොනවම හරි ලිවුව එකත් මදැයි

      Delete
  4. නියමයි.......ගලවලා විසිකරන කොට බෑග් එකක දාලා විසිකරපන්...හදවතක් නැති එකෙකුට පාවිච්චි කරතහැකි. :D

    ReplyDelete
  5. ලත්තනයි කුළුලු අයියේ..... එත් මේ, සුදු නංඟි ගැනත් ලියන්නකෝ... :)

    ReplyDelete
  6. හදවතනම් ගලවන්න හදන්න එපා මචෝ..

    ReplyDelete