Thursday, July 5, 2018

===== දසිස් 22 =====

.
( විසිඑක් කොටස හා සබැඳි )
==============================
+ මුචලින්ද නා රජු ගැන නම් තතු දත්තෙමි වාසුකී හා ශේෂ නාග යනු ?
– ඒද මුචලින්ද සේම නා රජවරුන්ය.. ඒ හා සැබැඳි කතාන්දරද බොහොමයකි..! එපමණක් නොව මහා කාලී , විශ්ණු, ශිව ආදීන් පමණක් නොව ඔබ වහන්සේ දන්නා නොදන්නා බොහොමයක් දේවතාවුන් වහන්සේලාගේ රූපයන් ගෙන බලන්න නාගයන් හා සමීප සබඳතාවන් පවත්වති.
+ එසේය එසේය සැබැවකි..
– රජුනි මා පෙර පැවසූ කුණ්ඩලීනියේද සංකේතය නාගයෙකි.. අප තුල උදරයට මදක් පහතින් සිටන නිදා ගත් නාගයා කෙමෙන් අවදි කොට අප සිරසට ඉහලින් පෙන ගොබය විහිදුවා දරණය කොට නැගී සිටීම කුණ්ඩලනීය අවධී වීමයැයි සංකේතවත් කරනු ලබයි. ඒ විට නාගයා රකින්නාවූ නා ග මානිඛ්‍යද අප සිරුරේ රැස් විහිදේන්නාක් මෙන් සිරැරට ඉහලින් තේජස විහිදවමින් විදහා දක්වනු ලබයි…
+ ඔහ්… ගෞතම බුදුන් සත් සතියේදී මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා සේක්ද අභය…
– නිවැරදිය.. එසේනම් ගෞතම බුදුන් මුචලින්ද නාග දරණය තුල වැඩ සිටියා යැයි සංකේතවත්ව දක්වන්නේ කුමක්දැයි ඔබ වහන්සේට දැන් පැහැදිලි විය යුතුය…
+ ඔහ් ඒ කුණ්ඩලීනි ශක්තිය ය…!
—————————————– අද එතැන් සිට
- එසේය .. එසේම මේ නාගයන් මනු ලොව හා නිබඳව බැඳී පවතින්නෝමය. මා පෙරපැවසූවාක් මෙන් සෑම රුද්‍රාවක් සමගම සතත්තව ලෝකයක් බැඳී පවතී. එයින් ඇතැම් ලෝක හා සමගාමීව මනුලොව ගෝත්‍ර නම් කර ඇත්තේද රාවණාකාලයේදීමය. නාග වානර මකර ගරුඩ සෛන්ධව ව්‍යාග්‍ර මහිෂ කුරුලු ගෝත්‍ර සමහරකි බාගදා කිහිපයක් හෝ අසා ඇතැයි සිතමි.
+ එසේය ලකෙහි තැන් තැන්හි ඒ ඒ ගෝත්‍ර කුඩා කණ්ඩායම් ලෙසින් අදටත් ජීවත් වන බව දනිමි.
- එයිනුත් නාග ගෝත්‍රයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඒ මනු ලොවට ඉතා නුදුරේම පිහිටි ලොව වන නිසාවෙනුත් ඈත අතීතයේ පටන් දෙලොව අතර සුහද සබඳ කම් පැවතුනු බැවිනුත්ය.
+ සුහද සබඳකම් යනු ?
- ඒ ඒ ලෝක ඒ ඒ ගෝත්‍ර හා බැඳී පවතී. දෙලොව හා ගමන් කිරීමට හැකි අදහස් හුවමාරු කර ගත හැකි ශක්තීන් හුවමාරු කර ගත හැකි අයවලුන් දෙපිරිස තුලම සිටිත්. එයිනුත් මහා බලගතු පුද්ගලයන්ට ඒ ඒ ලොවින් මනු ලොවට පාතීර්භූත කිරීමත් මනු ලොව සිට ඒ සතත්ව ලොව වෙත දූරිංභුත වීමත් කල හැකිය. අප මහා භරණ මෙකල නා ලොව පුරුකයි. ඔහු නිබඳ ඒ හා සබඳකම් පවත්වයි . ඒ හැර අනෙකුත් යෝදයන් අට දෙනාද එසේම ලෝක අටක් හා සබඳකම් පවත්වයි.
+ ඒසේ නම් නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්ටත් එසේ මවා පෙන්නිය හැකිද
- මාවා පෙන්වීමක් නොව පාතීර්භුත කිරීමකි , මෙහි ගෙන්වීමකි..
+ ඔය ලෝක තල කොහේ වේද?
- ඒ නිසංසලේ අප මනු ලෝ ලෙසම පවතී..
+ ඔබ පැවතූ තුන් ලෝකයට අයත්ද ?
- එසේය තුන් ලෝකයට අයත් කාම ලෝක තුලත් රෑප ලෝක තුලත් වෙත්
+ හොදමයි.
- රජුනි සියළු සතත්වයන්ට කරුණාව දක්වන්න ඔවුන්ට ඔවුනගේ ලෝක ඇත. මනු ලොව ඒ සියලු සත්තව ලෝක වල සම්මිශ්‍රණයකි. අප වද ගැනෙනෙුයේ සතත්වන් ගනයටය. එකම වෙනස වන්නේ මනුලොව පාලනය කරනුයේ මනු සතෙකු වීමය..
+ අන් ලෝක ඒ ඒ සත්ත්වයන් පාලනය කෙරෙත්ද ?
- ඉතා සරලය, කුහුඹි ගුලක් , මී වදයක සිට ගව රෑනක් , ඇත් රැලක් , පක්ෂින් රෑනක් ගෙන බලන්න .. පාලනය ඔබ අත නැත.
+ හහ් හහ් හහ් හහ්...... ! එසේනම් සියල්ලන් සමගම මිත්‍රව සිටිය යුතුමය..
- එසේය එසේය රජුනි මා උපදෙසක් දෙන්නෙමි..
+ කියව
- රාවණයින්ට යුධයට යම් බාදාවක් වුයේ නම් ඒ නාග ගෝත්‍රික මලණුවන් වූ විභීෂනගෙන් පමණි,
+ දනිමි
- එහෙත් ඔබ වහන්සේ නාග ගෝත්‍රික කාන්තාවකට දාව උපත ලැබූවෙකි. නාගයන්ගේ සහය නිබඳවම ලැබෙන්නේය.
+ හොදමයි
- එහෙත් මේ මා කියන්න හිතේ කොටා තබා ගන්න, ඔබවහන්සේගේ මරණයද සිදුවන්නේ මේ නාගයන් නිසාවෙනි එබැවින් ප්‍රවේසම් වන්න..
+ඔහ් මා උදෙසාද කුමනත්‍රණයක්ද ?
- නැත ඔබ වහන්සේ ඒ හා ඇලෙන්නෝය.. ! පෙර නා ලොව විසූ ඔබ වහන්සේගේ ජන්මයෙහි පුරුද්දකි, ඔබ වහන්සේ එයින් චුතව මෙහි නාග ගෝත්‍රික විහාර දේවින්ට දාව ඉපදුනද එහි ඔබ හා විසූ වන් ඔබ බැහැ දැකීමට තව නෙබෝ කලකින් රට එක්සෙසත් කොට බුදු දහම පිහිටවූ පසු මේ හෙලයට බසින්නෝය.. ඔවුන් හා නොඇලෙන්න..
+ හොදමයි මා එය සිහියේ තබා ගන්නම්. ඒ ඇරත් ඒ කලටත් මා සිහියේ පිහිටු වීමට අභය සිටිනවානේ
- නැත ඒ කල්හි අප නැත. අපගේ කාර්යය ස්වර්ණමාලී නම් මහා චෛත්‍යය ඇරඹුනු පසු අවසන්ය.
+ අහෝ... ඔබ කොහි යන්නහුද
- අවසර මා පැවිදි වෙස් ගනිමි.. තේරපුත්තාභය නම් වෙමි.
+ පැවිදිව මෙහි අවටම විසිය නොහැකිද ? මා රාජාන්‍රගහයෙන් අරමක්ද ඉදි කරන්නම්
- රජුනි ! අනුග්‍රහය අගයමි.. ඇලීමෙහි , නොඇලෙමි.
+ හ්ම්...
--------------- කුරුළු -------------
======================
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/06/07/dasis-22/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment