Thursday, July 5, 2018

===== දසිස් 13 =====

( දොලොස් වන කොටස හා සබැඳි )
==============================
- " බුදු වරයෙකු ලොව පහල වන්නේ සියළු සතත්වයන්ගේ පිනට ය යහපතටය..බුද්ධත්වය ලඝු කොට නොගන්න.. මේ අප විසින් ඒ සදහා සකස් කලේ මාර්ගයක් පමණි... බුද්ධත්වය " නිර්වාණ මාර්ගය " අවබෝධ කර ගැනීම තනි උත්සාහයකි ...! අප පමණක් නොව බුදු වරයෙකුගේ ලොව පහල වීමට මේ සොබාදම් මෑණියන් ගේ පවා සදෙවු ලොව දෙවි ජනයාගෙන්ද බ්‍රහ්ම ලොවින්ද මා පෙර කී සියළු සතත්ව ලෝක සහය ලැබේ. අප සියල්ලෝම ඒ මාර්ගයේ කොටස් කරුවන්ය ...
" මනු ලෝ වැසියෙකුටම පමණක් අවබෝධ කර ගත හැකි ඒ "උතුම් ධර්මය අවබෝධ කොට " නැවත අප වැන්නවුන් සඳහා දේශනා කර සකල විශ්වයම තුලිත කිරීම බුදු වරයෙකුගේ පැවැත්මයි ... !! ඒ සියල්ලටම උතුම්ය ..!
+ එතකොට ඔබ සිවු දෙන ?
- රජුනි බෝසතානන් වහන්සේ සමීපයේ නිතුරුව රැකවලෙහි සිටි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් යක්ෂ යෝ අපය ..!!! අසුරයෝය .. සතර දිසාවේ අණ සක පතුරවමින් සදිසාව එක් සේසත් කොරීමට උතුම් වූ බුද්ධත්වට ශාක්ෂාත් කිරීමට කැපවන්නා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෙමු..!!!
------------------------------------------- එතැන් සිට
+ සාධු සාධූ සාධු ඔබ කල සේවයද අගයන්නෙමි .. වඳින්නෙමි..
- ඔබට බුදු බලයයි ..
+ සතර වරම් දෙවියන් යනු සැබැවින්ම යකුන්ද
- ඒ පසුකාලීන බෙදීමකි..යක්ෂ ගෝත්‍ර වන්නෙමු. රැද්‍රා මාලයහෙි රුද්‍රා 108 ගැන මම නුඹට පැහැදිලි කලෙමි. ඒ සිද්ධි වන සෑම විටම අප බලවත් වන්නෝමය. නම් තැබීමට බමුනන් එකසිය අට නමක් කැඳ වීමද එවැන්නකි, ඒ හැර බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් , වැඳ පිදීම්, දෙවියන් උදසා නම් තැබීම්, ආදී බොහෝ දැ එකසිය අට වරක් සිද්ධි වීම් ය.!
+ පැහැදුනි. එසේනම් පිටත ඇති වන්නා වූ ධර්ම යුද්ධය දිනවීම සඳහා නවයක් වු විද්‍යා එකට එක් වීම නම් රාවණ ය ... ! ඇතුලතින් නැගනෙ ධර්ම යුද්ධය දිනීම උදෙසා නවයක් වූ විද්‍යා එකට එක් වීම බුදු වීමයි.
- හුදෙක් නවයක් විද්‍යා අවබෝධයම පමණක් නොව රජුනි, සමා වන්න දසිස් රාවණයන් ගැන මා හට මේ මේ යැයි යම් තාක් දුරට පැහැදිලි කල හැකි වූවත් බුද්ධත්වය නම් මේ නව විිද්‍යාවල එකතුව පමණක් යැයි කිව නොහැකිය.. බුද්ධත්වය , නිවන යනු තමා විසින්ම අවබෝධ කර ගත යුතු දෙයැකි. ඒ දැනීම අන් කෙනෙකුට ලැබිය නොහැක. ලැබීමට නම් ඒ කෙනාද නිර්වාණවබෝධය ලැබිය යුතුය. බුද්ධත්වය යනු ඊටත් එහා දෙයැකි
+ බැරෑරුම්ය...
- බැරෑරුම් වන තරමටම ඒ සරළය. මමත්වය අතහැර මමත්වය දිනවීමයි.
+ නොතෙරුණි
- බුදු දහමේ දළ හරය මමත්ය අත හැරීමයි.. එහෙත් එය අතිශය තමා මූලික කාරණාවක් මිස අනුන් මූලික නොවේ. බුදුවන්නේ තනිවමය .. එය කන්ඩායම් වශයෙන් කල නොහැක. ඉති්න් ඒ මමත්වය අත හැරීම තුලින් මමත්වය දිනීමැයි සිතන්නෙමි.
+ අභය, ගෞතම බුදුන් පෙරුම් පුරනා කාලයේදී පෙර බුදුවරුන්ගේන් විවරණ ලද බව අසා ඇත්තෙමි. දීපංකාර බුදුන්ගේ විවරණයෙන් පසු තැන් සිට ඔබලාද ඒ සමග සිිටි බව සිහි කෙරුනි. නොතේරෙන යමක් අසන්නෙමි. අප බොදු වැසියන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්ම්හ යි සිතා පින් දහම් කරන්නෝය. එක් බුදුවරයෙකුගෙන් බණ අසා නිවන් ලැබිය හැකි නම් ඒ සා විසාල බුදුවරුන් මුන ගැසී විවරණ ලබා ගැනීම පමණක් සිදු වූයේ ඇයි ද ?
- හ්ම්........................... රජුනි. නිවන සහ බුද්ධත්වය පටලවා නොගන්න. බුද්ධත්වය පතන්නා ඒ විවරණ ලැබිය යුතුය. ඔබ වහන්සේට සරළවම මෙසේ කියන්නෙමි. නිවන් අවබෝධයට සියල්ල අත හැරිය යුතුමය... සියල්ල යනු සියල්ලමයි.. සියලු ආශාවන්ය.. බැඳීම්ය ...
+ ඉතින් ..!
- රජුනි ..., බුදු බව පැතීමත් ඇලීමකැයි සිතමි. ඒ නිසාවෙන්ම සසර ගමන දිගුවන්නේයැයි සිතමි. එහෙත් ඒ ලෞකික ආශාවන් ගණයට නොගැනේ. ඒ සාධු චේතනාවකි.. !
+ ඒ කෙසේද ?
- රජුනි බුදු වරයෙකු පහල ව සිටින තැනේදී ඒ බුදුවරයාණන් වහන්සේගෙන් බණ අසා නිවන් දැකීමේ පින ඇත්තවුන් නිවන් අවබෝද කරන්නෝය. ඒ මග යන්නෝය. ඒ බුදුවරයෙකු පහලව සකල ලෝවැසි දුක නිවන මග දේශානා කරමින් සිටිත්තී තවත් අයෙකුට නිවිීමට තරම් දුකක් මේ වැසියන් තුල ඉතිරිව නැතියි සිතමි. එහෙත් ඒ බුදු බණ අසමින් හිද මාද මතු භවයක ඉපැද බුදු බව ලබා ඒ කල වැසියන්ගේ දුක නිවින ධර්මය දෙසන්නෙමැයි පෙරම් පිරීම ඉතාමත් අහඹු චේතනාවකි..
+ පැහැදිලියි.. මාගේ අවෑමෙන් හෝ මතු කවරදාක හෝ මා වැනි රජේක් වීමට පෙරුම් පුරන්නාක් මෙනි.. මා රාවණයන් මෙන් විසිමට පෙරුම් පුරන්නාක් මෙනි
- රජුනි ලඝු කොට නොගන්න.. ලොෟකිකයෙහි ඇලීමත් ලෝකෝත්තරයෙහි ජීවත් වීමත් දෙකකි.. ! මම පෙරද පැවසුවෙමි බුද්ධත්වය මේ යැයි අපට කිව නොහැක එසේ අයිතියක් ද නැත . අප ද්නනෙ කරුනු පමණකි.
+ පවසන්න..
- දීපංකර බුදුන්ද විවරණ ලබාගත්තෙකි. අට විසි දෙනෙකු ගැන සදහන්වේ. ගෞතම බුදුන් විවරණ ලබන කාලයේදී දීපංකර බුදුන් වහන්සේගෙන් මෛත්‍රී බුදුන්ද විවරණ ගත යුතුය. එසේනම් ඔය කියනාකාරයට පලමු දෙවැනි තෙවැනි ආදී බුදු වරුන්ට ඊට පසු බුදුවන්නාවු පෙරුම් පුරන්නාවූ සියලුම බෝධිසත්වයන් වහන්සේලා ද මේ වන විට බුදු බව පතමින් සිටින්නාවූ දෙවි දේවතාවුන් වහන්සේලාද මුණ ගැසිය යුතුය. ඉදින් යම් මතු දිනක මා බුදු වේවායි සාදු චේතනාවෙන් නිත්‍ය වෙර දරන්නෙකු දකින සියලුම බුදුවරු ඔවුනට විවරණ දෙති.
ඒ හුදෙක් ඒ සියලුම දෙනාගේ චේතනව මේ ලෝවැස්සන්ට සෙතක් ඉටු කිරීම පමණක් වීමය.. ඒ සදහා ඔවුහු සසර ගමන් කරති. පෙරුම් පුරති
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
================
- කුරුළු -

No comments:

Post a Comment