Thursday, July 5, 2018

===== දසිස් 06 =====



( පස්වන කොටසින්)


– මා රජුනි. නුඹ අශෝක ඉතිහාසය නොදන්නේද ?
+ ධර්මාශෝක වූ චණ්ඩාශෝකද ??
– එසේයැ.
+ ඔහුත් සක්විති රජකම පතා රට එක්සේසත් කරමින් යුධ කල බව අසා ඇත්තේමි.
නුඹ පවසන්නේ ඒ යුධ කලේත් නුඹගේ සහයෝගයෙන් බවද ථේර පුත්ථාභයනි
– එහි කතාන්තරය වෙනස්ය …. චණ්ඩාශෝක ධර්මාශෝක වූ සැටි අසා නැතිද ?
+ එසේය, කලකිරීමකින් පසුවන විටක ගෞතම බුද්ධ සාසනයේ සාමණේර නමක් දැක දහම දැන ගත්තායන් පසු බව සැවොම දන්නා කරුණකි.
– හ්ම්… ඒ සාමනේරයන් කවුරුන් කියා සිතත්ද ?
+ ……………………..ඔහ්…. ඒ ඔබද ??? එසේනම්
– එසේය… ධර්මාශෝකයන්ගේ අභිරහස් නවය වූ දෙනා පිලිබදව නුඹ අසාතැතිද ???
+ නැත .. පවසනු මැනවි…
– අවසර…..
========== එතැන් සිට ………..
.
– අප දස දෙනාගේ මීට පෙර භවයන් ගැන නුඹ අසා සිටියා.
මේ දැන් භවයට පෙර ඉතා මෑතම වන අප ලොව පහල වීම අශෝක අධිරාජයාණන් ගේ කාලයෙදී සිදු වුනා
+ බුදු දහම රැකීමද ?
– එසේය. මහා මිනිස් ඝාතනයකට පසුව රටෙහි අස්ථීර භාවයක් පැන නගිමින් තිබුනා.
බුදු දහමෙහි පැවැත්මේ සමතුලිත බව බිඳී ගියා. ආශෝක රජු දිගින් දිගටම වැසියා පෙලමින් යුද්ධයම අනු දැන වදාළා.
යින් බුදුදහම විනාශවීමේ අවදානමක් පැන නැගුනා. පැහැදිලිවම බුදු දහම රැක ගැනීම පිණිසම අප දස දෙනා එකල මෙලොව සැරිසරන්නට වුනා.
+ ඒත් යුද්ධයෙන් පසු..
– එසේය.. එවර යුද්ධයට පසු… යුද්ධයට අපගේ අනුබලයක් තිබුනේ නැත.
යුධය අපට අයත් කාරණාවක් නොවුනි ඒ හුදෙක් බලය අල්ලා ගැනීම උදෙසාම පමණක් වූ යුද්ධයක් නිසාවෙන්.
නමුත් පෙර කීවාක් මෙන් යුද්ධයෙන් පසු ඇති වූ අවදානම නිසා අප එහි ගියා.
+ ඉදින් මෙවර යුද්ධයට පෙර ??
– ඒද එසේමය.. මේ හුදෙක් බලය අල්ලා ගැනීමක් නිසා නොව වසර ගණනාවක් මේ හෙල ද්වීපය තුල පවතින ගැටලුවකට පිලයම් වශයෙන් සිදු වන්නාවූ යුද්ක්ද නිසාවෙනි.
මෙයින්ද බුදු දහමට වන බලපෑම බොහෝයි..
+ නැවත අසමි අභය, යුධ නොකර මෙයින් දිනන මගක් නැත්තේද ?
– රජුනි වැනසීමක් උදෙසා යුද්ධ කිරීම එකකි, රැකීමක් සඳහා යුධ කිරීම තවෙකකි.. නුඹ රකින්නාගේ පාර්ශවයැයි දනිමි..
+ එසේනම් එලාර රජුත් එසේම නොවේදැ , තමන්ගේ පිරිස රැකීම උදේසා නොවේද ?
– නැත වෙනසක් තිබේ.. එලාර රජු දිනූහොත් මේ හෙලයටත්න් බුද දහමටත් ට යන කල දසාව කවරේද දැයි අප හොදින් දනිමු.
ගැමුණ රජු දිනූවොත් හෙලයන්ටත් බුදු දහමටත් සිදු වන දේත් දනිමු. නැවත කියමි අප පෙනී සිටින්නේ බුදු දහම උදෙසාම පමණි. ඒ රැකෙන්නේ කොතැනද අප ශක්තීන් ඒ හා ඒකාත්මික වන්නේමය.
+ බාගදා , ගැමුණු වන මාත් එලාරත් යන දෙදෙනා ගැන නුඹ පවසන කාරනා දෙපසට මාරු වී තිබුනේ නම්..
– එසේනම් අපේ සහය ඒකාතයෙන්ම එලාර රජුන්ටය. එහෙත් මේ සංසාර චක්රරයෙහි තවත් එක් භවයක් පමණි.
නුඹ රාවණ ලේ උරුමයක් ලෙසින්ම ලොව එලිය දකින්නේ එබැවිනි.
+ අපැහැදිලිය …
– එලාර රජුත් නුඹත් මේ සටන් පදින්නේ පලමු වරට යැයි නුඹ සිතත්ද රජුනි,
+ නොමැතිද ?
– හහ් හහ් හහ් මේ මීට අවුරුදු දහස් ගනනක සිටම නුඹලා සටන් වදින්නෝය. ඉදිරියටත් එසේමය..
+ මිදීමේ මගක් නැතිද ?
– මෙතේ බුදුන් වඩින තුරු ඉවසි යුතුය. බිය නොවන්න කනස්සලු නොවන්න අපද නුඹ සමගම බැඳී පවතින්නෙමු.
මෙලෙස මා මේ කරුණු පහදන පළමු අවස්ථාවද නොවේ රජුනි..
+ අභය.. මට මේ කියව.. යුද්ධය නිසාවෙන් අශෝක රජුන් – චණ්ඩාශෝක ලෙසින් හැදින්වුවා..
එහෙත් නුඹ පවසන පරිද්දෙන් නුඹලාගේ මැදිහත් වීමද ඇතිව පසු කලෙක ජන ප්රවසාදය දිනා ඔහු චණ්ඩාශෝක වෙනුවට ධර්මාශෝක නමින් වෙනස් වුවා…
එසේ නම් මා කෙරෛ් තතු කෙසේද ??
– ධර්මය පිණිස හෝ වේවා නොවේවා යුද්ධය නම් යුද්ධයමය.. දෙපාර්ශවයම පාඩු ලබන්නෝමය..
එහි මෙහෙය වන්නෝ එක් පසෙකින් ඇගයීමටත් අනෙක් පසින් ගැරහීමටත් ලක්වන්නෝමය …
+ අහෝ අභය… මාද ගැරහීමට ලක්වනේද ??
– සමාවුව මැනව.. එසේය මා රජුනි.. යුද්ධයෙන් පසු නුඹ “දුට්ඨ” ගාමිණි හෙවත් දුටු ගැමුණු ලෙසින් නම් ලබන්නෝය. එය වෙනස් කල නොහැක.
+ විපතකි.. චණ්ඩාශෝක … ධර්මාශෝක වූවා සේ මා දුෂ්ටත්වයෙන් මුදවන්නේ නැතිද ??
– සිදු වන්නට ඇති දේ සිදු වේ.. කාලය යනු එකම රේඛාවකි රජුනි. අනාගතය දැනටම ලියැවී අවසන්ය..
අතීතය ගෙවී අවසන්ය.කාල රේඛාවට බලපෑම් කිරීමට අපට අවසර නැත.වන්නේ නම් ඒ මහා රාවණ කැමැත්තේම සිදු විය යුත්තකි . චණ්ඩාශෝක යුද්ධයට පසු අප හමුවීමෙන් ධර්මාශෝකනම් විය…
+ ඉතින් මම ??
– අප නුඹ හා එක්වන්නේ යුද්ධයට පෙරාතුවය. . වෙනස එයයි..!
+ හ්ම් වන්නක්ම වේවා ..! බුදු දහමට සෙත් ක්ෂාන්තියක් වේ නම් මගේ ගැන කමක් නැත..
– ඒ දිවුරා කියමි.. කොපමණ කාලයක් මේ හෙල ද්වීපයේ බුදු සසුන මුල් බැස රැකෙන්නේද ඒ
තාක් කාලයම නුඹ වහන්සේගේ ශ්රී නාමයද ඒ හා බැඳීපවතින්නෝමය… අනාගත වැකියක් කියමි…
+ කිමෙක්ද ??
– යුද්දයෙන් පසු බුදු දහම උදෙසා නිමවෙන ලේ හෙල ද්වීපයේ මහා වැඳූම් පිදුම්
ලබන්නාවූ අසිරිමත්ම නිමැවුමක් වන චෛත්යේ රාජයාණන් වහන්සේ ඉදි කිරීම අරඹන්නෝ ඔබය.
+ ජය වේවා…. ! ඉදින් අශෝක සමයේ නුඹ තතු කෙසේද පවසනු ..
– මෙ වන විට ඔවුන් අප හදුන්වන්නේ නම නොදත් අභිරහස් නව දෙනා ලෙසිනුයි…. !
+ ඒ ඇයි………
——- කුරුළු—
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )

No comments:

Post a Comment