Thursday, July 5, 2018

===== දසිස් 19 =====

( දහයකුත් සතක් වන කොටස හා සබැඳි )
==============================
” බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් ” වන ගෞතම බුදු දහම කලගුණ සැලකීම අනුව යමින් තම ගුරුවන් සොයා බලා ඊලගට තම උපස්ථායකටන් ඇතුලු පිරිස නිවන් මග ගමන් කරවා තවුතිසා දිව්ය ලෝ තලයට වැඩම කොට බුදු දහම එහි පතුරුවා ඉන් අනතුරුව දඹදිව පුරා හැට නමක් පිටත් කර හැර…
මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඊලගමූලික කාර්යය ලෙසින් තොරාගත්තේ මේ හෙළ ද්වීපයයි. බුදුන් වහන්සේ මේ හෙල ද්වීපයට වැඩම කරන්නෙ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ..
නවය එතනත් විශේෂයි රජුනි..එතනත් විශේෂයි
ඉදින් මේ හෙළයට , ලකට කාශ්යතප බුදුන්වහන්සේගේන් පමණක් නොව ගෞතම බුදුන්ගෙන් පවා අගය කිරීමක් ලැබුනා රජුනි..
ධර්මය තෝරා බේරාගෙන අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසිය හැකි විශාල පිරිසක් මේ ලක තුල එදත් සිටියා අදත් සිටිනවා..!!!
+ ඉතාමත් විශ්මය ජනකයි ථේරපුත්තාභයනි !!!! මේ හෙල දෙරණත් ගෞතම බුද්ධ ශාසනයත් රැකීමට මා හට සිතේ පෙරට වටා ශක්තියක් භක්තියක් ගොඩ නැගී තිබේ..! නුඹට පිං ..!
—————————————– අද එතැන් සිට
- හොඳමයි රජුනි මා පෙර කී දෑ නැවත විචාරන්නම්. අප රාවණ මහ නිරිදුන් දෙවැනි වන්නේ බ්රසහ්ම විශ්ණු ඊශ්වර ත්රි මුර්තියට පමණකැයි අසා තිබේ. එහෙත් රාවණ නිරිදුන් දෙවියෙකු ලෙස වන්දනා මානා නොකරන්නේ ම ය. මා දන්නා අයුරින් මේ මහා දෙවි ත්‍රිත්වයටම ඇතැම් අවස්ථාවල අභියෝග කිරීමට , කරදරයක් වීමට පවා රාවණා තේජස විහිදුනි. බ්‍රහ්මස්රයත් විශ්ණු චක්‍රය හෙවත් සුදර්ශන චක්‍රයත් ඊශ්වර ත්‍රිෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමක්මය. එපමණක් නොව බොහෝ දෙවු ලොව දෙවි නමස්කාර පවා ලැබූ අසුරයෙකි. අප රාජ පරම්පරාවේ පළමු රජු වන මහා සම්මත මනු රජු ගේ නමින්ම සදෙවු ලොව වැසියන් හදුන්වන ලබන මේ මනු ලොව ඉපිද මේ ලෝ වැස්සන් සසර දුකින් එතෙර කරනු සිතා බුද්ධත්වය නොපතා සක්විති රජකිමන් ඒ කරෙමියැයි අදිටන් කර ඒ අනුව එදා පටන් මේ වනතුරුත් තම ශක්තිය කැප කරමින් සිටිනා මහා මනුෂ්ය යෙකි..
+ එසේය කරුණු පැහැදිලිය අභය. ඔබ පවසමින් සිටියේ රැද්‍රාක්ෂය ගැනයි.
- අහ් ඒසේය. ඔබ වහන්සේ සතුව ඇත්තේ මුහුණු දහයක රුද්‍රාව බව ඔබ කීවා.
+ මුහුණු
- එසේය. රුද්‍රාවක මධ්‍ය ලක්ෂය අප මුහුණට පෙනෙන ලෙසින් අල්ලා බැලු විට එතැන් සිට අනේක් පස මධ්‍ය තෙක් දිවෙන රේඛා හෙවත් පියලි පිහිටා ඇත. ඒ එක් එක් රෙඛාවෙන් බෙදිනු එක අංශයක් මුහුණක් ලෙසින් හදුන්වයි. ඇතුලතින් ගත් කල ඒ රේඛා දිගේ කුඩා කුටීර ලෙස බෙදී ඒ එක් එක් කුටීරයක එක් කුඩා බීජ ඵල බැගින් පිහිටා ඇත.
+ පැහැදිලි නැත
- දූරියං නම් පලතුර ගැන අසා හො දැක ඇතැයි සිතමි.
+ රසවත් ගුණවත් ආහාරයකි මා ප්‍රියතම පලතුරකි අභය ඒ.
- ඇතැමුන්ට ඒ තම් පිළිකුල් දුගදක් තවත් නැත රජුනි.
+ ඒ පිනැත්තවුන්ටය. නාසය වසාගෙන හෝ එක් මදුලක් කා බලව... පිනා යනු ඇත.
- සුවඳ වැඩි තැන දුගදය, හොඳ වැඩි තැන නොහොඳය, ඕනවාට වඩා ඕනෑම දෙයක් ඕනැ නැත රජුනි, ඔනෑවට වැඩි ඕනැම දෙයක් නරකට පෙරෙලේ.. කාමේසු මිච්චාඡාරා නම් එයයි, කාමයෙහි නොවරදවා හැසරිය යුතුය, ඒ නම් වරද මේ යැයි දැන නොඇලී පසුවිය යුතුය.. ඕනෑවට වඩා නොයා යුතුය..
+ කදිම නිදසුනකි...
- රුද්‍රාක්ෂයද එසේමය. රුද්‍රාව ඇතුලතින් පිටතින් පිහිට රෙඛාවන් දිගේ කුටීර බෙදී ඇත, දූරියං මදුලු සේ ඒ ඒ රේඛා - මුහුණු ප්‍රමාණයට ඇතුලත බීජ ඇත.
+ අහා
- එසේ බෙදනා මුහුනු එකෙහි සිට විස්ස විසි එක දෙක ආදී දක්වා විහිදේ. නමුත් මහා රාවණයන් අප නව දෙනා ශක්තීන් නවයකට බෙදා වෙන් කරද්තී ඒ හා සමගම රුද්‍රා නවයක්ද සිද්දි කරන ලදී. ඒ එකෙහි සිට නවය දක්වා වූ රුද්‍රාවන්ය. දස වන රුද්‍රාව පෙර රුද්‍රාක්ෂ නවයම පාලනය කරන්නාවූ බලය හසුරවන්නාවූ මහා බලගතු රුද්‍රාවයි. ඒ එක් එක් මුහුණු අනුව එක එක බලයන් බෙදී ඇත. එපමණක් නොව ඒ එක් එක් රුද්දෙ‍රාවන්නුට ලබන - රැක ගනු ලබන - දේව මණ්ඩලයක්ද සිටිති.
+ ඒ ඇයි..?
- රජුනි .. රුද්‍රාව ගසක බීජ්යක් වුවත් ඒ ගසකින් " ඵලැති " ඵලයක් හට ගැනීමට අවුරුදු සියයකටත්වඩා ගතවේ. මේ රුද්‍රාක්ෂය මහා දේව සිව ගේ කඳුලු බින්දුව ලෙසද හදුන්වයි නැතහොත් නළලත මැද පිහිටි තෙවන ඇස ලෙසද හඳුන්වයි.
+ සිව ද ශිව ද ?
- රජුනි ත්‍රිමූර්තියේ ශිව යනු මේ වන විට ඇදහිල්ලකි නමුත් රාවණා නිරිඳුන් වන්දනා මාන කලේ සිව නම් දේවත්වයකටය. එනම් සූර්යයාය. මේ සියළු ශක්තීන් ගඩා කරගන්නෝ සුර්යයාය , විනාශ කරන්නෝද සූර්යයාමය.. සූර්ය නමස්කාරය ඉතා ඉහලින් අගය කොට සූර්ය දෙවොලක් පවා මෙහි ඉදි කරන ලද්දේ ඒ නිසාවෙනි..
+ සූර්ය දෙවොලක් ? මෙහි මේ හෙලයෙහි ?
- ඒසේය පසුවට ඒ විස්තර මා පවසන්නම්. රජුනි මේ වන තුරු නුඹ දන්නා නොදන්නා මේ මනු ලොව විසූ බොහෝ මනුෂ්‍ය ශිෂ්ටාචා - ගෝත්‍ර - පරම්පරා අදහන ලද්දේ සුර්යය දෙවියන් වය. අපද එසේමය.
මක් නිසාද ඒ ලොව අනේකුත් ශක්තීන්ට ඇතිවීම පැවතීම නැතිවීම ලගා කරන ලෝක පාලන ත්‍රිමූර්ති යම වන නිසාය.
+ ඔහ් එසේය
- පසු කාලීනව මිසර - ඉන්කා - මායා - ඉන්දු නිම්න - මකර - හෙල ලෙසින් හදුන් වන ශිෂාටාචාරද අනාගතයේ ඊජිප්තු බැබිලෝනියා මෙසපොතේනියා චීන ඉන්දියා ඇසටෙක් ෆිනීෂියානු ආදී සියලුම වර්ගයා ගේ ප්‍රදාන දේව ඇදහිල්ල සූර්යයා ය. ලඝු කොට කිව හොත් ඈත අතීතයේදී අප සියල්ලෝම සූර්යය වංශිකයෝ ය.
+ එසේද විය හැකිය අපද බක් මස හෙල උත්සවය පවත්වන්නේ සූර්යයා මුල් කරගෙනය ඒ සියළු නැකත් ක්‍රමද ඇත්තේ සූර්යයා මූලිකවමය.
- එසේය බොහෝ සූර්යය වංශික ගෝත්‍ර මේ වන විට මේ පොලවින් නැතිවී ගොස් හමාරය. අප හා මකර අධිරාජ්‍යන් පමණක් ඉතිරි වී සිටින්නෙමු.
+ එසේ නැති වීම වන්නේ කෙසේද ?
- ඒ අබිරහසකි එසේ පැවති සියලුම සූර්යය ගෝත්‍ර තම අති දියුනු දැනුම හා අබිරස් සියල්ල ම සමග එක් වරම මේලොවින් අතුරුදහන් වී තිබේ.. ඒ ඔවුන් සතු කිසිම දැනුමක් මතු පරම්පාරාවට ඉතිරි නොකර ය.
+ එසේ වන්නෙ කෙසේද හිටි හැටියේම මුළු ගෝත්‍රයක්ම නැති වී යා හැකිද ඒ සියළු දැනුම සමගම..
- රජුනි මා විශ්වාස කරන්න ඒ සියල්ලෝම අනේකුත් සදෙවු ලෝකයත් අපාය සතරත් එහා ගිය තුන් ලෝකයම සමග ගනුදෙනු කලේ වෙති. සක්වළ යුද්ද ගැන ඔබ අසා නැතිවා ඇති එහෙත් ඒ වාද පවතින්නේමය..
+ සක්වල යුද්ධ ??
- එසේය ඔබ වහන්සේගේ මේ යුද්ධය හෙලය බේරා ගැනීමටය, තවත් බෙහෝ යුද්ධ ඇත්තේ වස්තුව, ධනය , දේශ සීමා අල්ලා ගැනීම ටය ඒ අල්ලා ගත් පසු ලෝකයම යටත් කර ගැනීමට යුද්ධ වේ, ඉන් නොනවතී එක් ඒක සක්වල අතර ඒ පාලනය නතු කර ගැනීමට යුද්ධ වේ, රජුනි වස්තුව - භූමිය - බලය යනු ඉතා කුඩා මට්ටමේ අල්ලා ගැනීම්ය එහෙත් ඔය සියල්ල කෙටි කාලයකට පමණි, ඔබ වහන්සේ රජකම් කරන්නේ ද කෙටි කාලයකට පමණි බාගදා මේ යුද්ධයෙන් පසු ඔබට නොමැරී තවත් කල් ජීවත් ව්න්නට සිතෙනු ඇත, එසේ දේවත්වයට පත් වුන තැනේදී මනු ලොව ආයුෂ නහුත ගනනින් ගෙවා දැමීමට හැකි වනු ඇත,,
+ එතරම්..??
- එසේය එහෙත් දෙවියෝද පෘතග්ජුන වේ . ඒසා ආයුෂත් මදිවේ ඒ සැප සම්පත් විඳිමේ කෙලවරක් නැති නිසාය, මේ ලොව විශාලම යුද්ධය ඇති වන්නේ එතැනදීය..!
+ නොතේරුනි
- මෙසේය, ඔබ මනු ලොව වැසියෙකි , යම් හෙයකින් ඔබ නොමැරී චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය ජය ගතහොත් එහි රජවරු හතර දෙනෙක් පාලන කටයුතු බාරව සිටියි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවරුදු 50 කට සමානය. ඒ අනුව චාතුර් මහා රාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොවේ වර්ෂ වලින් වර්ෂ අනු ලක්ෂයකි. එනම් ඔබ නොමැරී මිනිස් ලොව වර්ෂ අනූ ලක්ෂයක් දෙවු ලොව සැප විදිමින් ජීවත් වනු ඇත..
ඒද මඳ තැන්හී ඔබ , තාවතිංසය ජය ගතහොත් ,
එය පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකය ට එපිටිනි . එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. එහි දිනක් මිනිස් ලොව අවරුදු 100 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවරුදු තුන් කොටි හැට ලක්ෂයකි . දෙව් ලොවට අදිපති ශක්‍රයා සිටිනුයේ තව් තිසාවෙහිය . එනම් ඔබ ශක්‍රයා ජයගත යුතුය,
එ ්අනුව පිළිවෙලින් ඔබ ලෞකිකත්වයේත් දේව සැපයේත් ඇලී දිගින් දිගටම ගමන් කලහොත් ,
යාමය ද
යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විදිති . එහි එක් දිනක් මිනිස් ලොව වසර 200 ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කොටි හතලිෂ් ලක්ෂයක් ජීවත්වීමට යාමයෙහි වැසියන්ට වරම් ඇත.
තුසිතය ද
තුසිතයේ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් "සන්තුසිත" දෙව් ලොවට එම නම ලැබුනේ එකෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිටිනුයේ මතු ෛමත්‍රි නමින් බුදු වන ෛමත්‍රි බෝසතුන් එහි වැඩ සිටින බැවිනි.තුසිතය තුල ඇති දාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙව් ලොව ඉපදීමට රිසිව පින් කරනු ලැබේ . මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කොටි 60 ලක්ෂයක් පරමායුෂ විදිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය.
නිර්මාණරතිය ද
මෙය සුවිශේෂී දෙව් ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැප සම්පත් නිර්මාණය කල හැක. එබැවින් එහිදී විදිය හැකි සැප සම්පත් වල සීමාවක් නොමැත, මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000 කි. මිනිස් වර්ෂ 800 එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කොටි 40 ලක්ෂයකි. ("මනාප කායික" නම් වූ දේව විශේෂයක් නිර්මාණ රතියෙ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සදහන්ය. )
අවසන පරනිර්මිත වසවර්තිය ද
අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය, මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය. එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නොමැත. මෙහි ආයුෂ දුව්‍ය වර්ෂ 16000 කි. මිනිස් වර්ෂ 1 600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කොටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදීමට මෙහි වැසියන්ට හැකිය.
ජයගනු ඇත
+ මගෙ දෙවියනි එතරම් ආයුෂයක් ????
- අැලීම නම් එයය රජුනි.. නුමුත් එසේ ඉදිරියට යන්නා එයින් නොනවතී අපාය සතරටද යා හැකිය, එහි සැපයක් නැත ඇත්තේ දුකකි යි සදහන්ය.. නමුත් දූරියං මතකැයි සිතමි. සැප වැඩි වූ විට ද දුකය..
සතර අපායක් ලෙස දහමේ සදහන් වන්නේ පවු කරන්නවුන් ඒහි ඉපදීම වූවත් , රජුනි සිතන්න,
බුදු දහමේ ඉගැන්වීම නිර්වාණ මාර්ගයයි, මේ එක තැනකින්වත් නිර්වාණයට මගක් නොලැබේ. ඉතින් ඒ එකක හෝ ඉපදුහෝත් නැවත මනු ලොව මනුශ්‍යකු වීමට කොතරම් කල් බලා සිටීමට මුනු ලොව වසර ගතවේදැයි සිතන්න.. එවිට ඒ සැපය දුකක් ම වනු ඇත.. !
+ අවබෝධ වුනි නුඹට පිං අභය..
------ කුරුළු ---
======================
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/05/19/dasis-19
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment