Thursday, July 5, 2018

===== දසිස් 18 =====

( දහයකුත් සතක් වන කොටස හා සබැඳි )
==============================
සත්‍යයෙහි දෙකක් නැත ඇත්තේ එකකි !! විසි අටක් වූ බුදුන් වහන්සේලාගේ සියළු දහම විසි අටක් නැත. ඇත්තේ එකකි . බුදු වරු සියල්ලෝම එකම දහමක් දෙසත් ..!
+ සාධු සාධූ 
- මෛත්‍රී බුදුන් පහල වන සමයේම ඉපැදීමටත් , ධර්මය අවබෝධ කර ගත හැකි භවයක් එ වන විට ලැබීමටත් අප කුසල් වැඩිය යුතුය. නැතහොත් සුදොවුන් රජුගේ ගුරු අසිත තවුසාණන් සේ බ්‍රහ්ම ලොවක සුව විදිය හැක. එහෙත් බුදු බණ නැසේ.... මේ කල්පයේදී බුදුවරු පස් දෙනෙකු පහල වේ.. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මෛත්‍රී ලෙසය ඒ. දැනටම ත් සිවු දෙනකෙු පහල වී අවසානය. ඉතිිව ඇත්තේ එක් අයෙකු පමණි. අප අතර අටවිසි බුදුවරුන්ගෙන් ම ධර්මාවබෝධය ලැබීමට නොහැකි වූවෛා් සිටිති. මේ ලකෙහි ඉපිද ගෞතම ධර්මය අනුව යමින් ඒ පිලිපදිමින් නොපමාව කුසල් රැස් කරන්න රජුනි රට වැස්සාටද ඒ වපුරන්න...!
අපට ලඟම ඇත්තේ මෛත්‍රී බුදු සමයයි ..!
+ අහෝ... මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨය.. ඒ නිසි මගට යොමු කල යුතුය.. මා හිතාදර ථේරපුත්තාභයනි බුදු දහම මේ ලකෙහි වැපිරීමට මා හට ශක්තිය දෙන්න..
—————————————– අද එතැන් සිට
- ලැබේවා රජුනි පතනාකාරයෙන්ම ලැබේවා. මා සිතනාකාරයට බුදු දහම ගැනද ඔබ තව දත යුතුය ඒ ඔබ රකින්නට යන්නාවූ දේපිලිබදව මනා අවබෝධයක් ලැබීම මැනවැයි මා සිතනා නිසාවෙනි
+ එසේය එය මැනවි වඩා වැඩදායක විය යුතුමය. දැනුවත් කරන්න ඒ ගැන
- මේ විදයාවන් නවය ගැන නිරතුව සැගවුන ඉගි ඔබට ලබා දී තිබේන්නෙ බුදු සමයද ඇසුරෙන්මය. ඒනම් ධර්මාශෝක රජුන් ජම්බුද්වීපය තුල ධර්ම ප්‍රචාරය කිරීමට අප නව දෙනා උපයෝගී කරගත්තා මෙන්ම එතුමා වෙනත් රටවල් වලටද ධර්මය ප්‍රචාරය කිිරීමේ උනන්දු වීයත ඒද අප අනුදැනුම ඇතිවය.
+ අසා ඇත්තෙමි අපටද බුදු දහම ලැබුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි
- නැත මේ ලක ට බුදු දහම ගෙනආවෝ ගෞතම බුදුන් වහන්සේමය.. ! ඊට ප්‍රථම රාවණයන් ට දහම් දෙසීමට කාශ්‍යප බුදුන් වැඩම කලෝය.. මා පෙර පැවසුවාක් මෙන් සත්‍ය නම් එකක් මය , බුදු වරු එක් සත්‍යයක්ම දේශනා කරති.
+ එතකෙට මිහිඳු මා හිමියන්?
- උන් වහන්සෙ සිදු කලේ ධර්මය රැකීමකි. ඒ හැරත් මහියංගනය - නාගදීපය කල්‍යානය - ශ්‍රී පාදස්ථානය අැතුළු සොළොස්ස්ථානයකට වැඩම කර ධර්මය දෙසීමෙන් ඒ අසා ලකෙහි විසු ජනයා සෝවාන් ළුූ බව නුඹ අසා නැතිද ?
+ අසා ඇත්තෙමි, නාගදීපයේ පමණ් අසූ කෙලක් නාගයනින් සෝවාන් වූ බව අසා ඇත්තෙමි, කල්‍යානි ස්තූපයේ අගනා මැණික් පුටුවක්ද නිදන් කල ඇති බව අසා අත්තෙමි, එපමණක් නොව සුමන සමන් දෙවි අඩවියේ පා සලකුණද ඇති බව දනිමි.
- එසේනම් ඒ දහම වැළද ගත් සියළු දෙනාම මේ වසර පන්සියයකට ආසන්න කාලය තුල වැනසී යත්ද ? සෝවාන් වූවන් එය පවත්වා ගත නොහීද ? විමසන්න රජුනි තිස්ස රජු තම නාමයෙන්ම ආමන්ත්‍රනය කරන්නෝ කවුරුනදැයි බැලු කල කසා වත් පොරවා ගත් ශ්‍රමනයන් දැක දැමුනු හැටි.. එය එසේ නම් බුද්ධ පුත්‍රයන් හදුනා ගැනීමේ හැකියාවක් තිස්ස රජු තුල තිබිය යුතුය ඔහු ඉන් පෙර දැක තිබිය යුතුමය.
+ ඔහ් ඒ මට කල්පනාවට ආයේ නැත.. අනෙක් අතට මා කුඩා කල සිටම මලය රටේදීද යම් යම තොතුරු කතා වෙනවා ඇසීමි. ඇතැමෙක් මේ ධර්ම ප්‍රචාරණයක් නොව ධර්ම ආක්‍රමණයකැයි කියූහ.
- රජුනි ඒ ඇතිය. නුඹ අවබෝධයෙන් කටයුතු කරන්න සිතීම නුඹට බාරය. කේසේ වුවත් වී ඇත්තේ යම් තාක් දුරට හොදක් යැයි සිතන්න. බුදු දහම වුව සදා කාලික නැත. ඒ සදා කාලික වූ වානම් අපට අට විසි බුදු වරුන් ගැන අසන්නට ලැබෙනුයේ නැත. එක් බුදු වරයෙකුගෙන් පසුව කාලයක් අවැමෙන් සත්‍යා සැගවේ.. ඉන් පසු තවත් බුුදු වරයෙකු පහල වේ.
+ හ්ම් එසෛ්ය
- ගෞතම මුනිදුන්ගේ ධර්මය ද ක්‍රමයෙන් පිරිහී යන්නට වෙයි. එය අතීතයේ සිටම වේ වන තුරුත් මින් ඉදිරියටත් වෙමින් පවතින්නකි. එසේ ඉදිරියට ඉදිරියට ගිය තන්හි ගෞතම බුදුන්ගේ දේශානා මේ යැයි සොයා ගැනීමට උගත ගැනමට පවා අපහසු වන තරමට වල් වදිනු ඇත. ඇතුමන් යම් යම් ධර්ම කොටස් කඩා ගෙන ගොස් වෙන වෙන ධර්ම නිකායවල්ද ? නිර්වාණ අවබෝධයේ මග දුරක් සාක්ෂාත් කර ගත්තවනු් තවත් දුරටත් උත්සාහ කරමින් සිටින්නාහ.
එවන් කාලයක මෛත්‍රී බෝසතුන් පහල වන්නාහ.
එතුමන් එකල ලොව පවතින ධර්මයන් උගන ගනු ඇත. උන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු එකල මිනිසුන් පෙර පැවති ධර්මයට මිත්‍යාදෘෂ්ටීන් යැයි කියනු ඇත. දෙසටැක් මිත්‍යාදෘෂ්ටි යයි හදුන්වන්නේ බුදු කෙනෙකුන් සත්‍ය ලොවට හෙලි කල පසුය.ඊට පෙර ඒවා අනුගාමිකයන් සහිත ශාස්තෘෘවරයෙක් සහිත ආගම්ය.
සිදුහත් බෝසතානන් ද බුද්ධත්වයට ප්‍රථම උගත් දෑ ද අනෙකුත් ධර්මතාද සමහරක් ප්‍රතික්ෂේප නොකර තමන්ගේ ධර්මය තුල තිබීමට ඉඩ හැරීය.
“ උපනිෂද් “ ධර්මය බොහෝ සෙයින් ගෞතම බුදු දහම තුල යෙදී ඇත්තේ ඒ නිසාවෙන් යැයි සිතමි. බාගදා ඒ උපනිෂද් යනු කස්සප බුදුරදුන්ගේ දහම කලෙක වල්බිහිවූ පසුවිය හැකිය.
මහා මායා දේවීයද පන්සිල් සමාදන්ව සිටි බවක් ඔබ වහන්සේ දන්නවා ඇති
+ දනිමි, ඇ සිල්වත් කාන්තාවකි
- එසේනම් ඒ ගෞතම බුදුන්ට පෙර දෙයකි
+ හැබෑවටම
- ඒ මිත්‍යා දෘෂ්ටීන් අතර ගෞතම බුදුන් දේශනා කර පසු කලෙක වල් වැදුනු බුදු දහමද තිබෙනු ඇත. නමුත් එය පිරිසිදු සත්‍යම නොවනු ඇත.
මෛත්‍රී බෝසතුන් ඒ සියලු ධර්මයන් අධ්‍ය්‍යනය කොට තම බෝධි මූලයෙහි අවසන මෙනෙහි කරමින් සත්‍ය මේ යැයි අවබෝධ කොට ගෙන “ මෛත්‍රී බුදු දහම “ දේශනා කරනවා ඇත. එයට කැමති නමක් එකලට ජීවත් වන්නන් යොදාගන්නවාද ඇත.
මෛත්‍රී බුදුන්ද ඒ ලෙසින්ම ගෞතම බුදන්ගේ හෝ වේවා මේ වර්තමානයේ පවතින ධර්මයන් ගෙන් සත්‍ය දෑ එලෙසින්ම තිබෙන්නට ඉඩ තබනු ඇත.
+ පැහැදුනෙමි චේරපුත්තාභයනි පැහැදුනෙමි ....
- ඒ කෙසේවතේත ඔබ වහන්සේ අවධාරණය කල යුතු කාරණා කිහිපයක් නැවත මතු කරන්නම් ..!
* විජය රජුන් මෙරටට එද්දි කුවේණිය කියන්නෙ අපේ රටේ රැජින නිකං නෙවෙයි යක් පරම්පරාවක මන්ත්‍ර දන්න තමන්ගේ වේශය වෙනත් එකකට මාරු කරන්න පුලුවන් බල සම්පන්න යක්ෂ රැජිනක්.
* එතුමිය හිටියෙ කපු රෙදි වියමින් ඒ කිය්නනෙ ලකෙහි සියල්ල වස්ත්‍රයෙන් සැරසුන මිනිස්සු.
*එපමණක් නෙවයි විජය හරවා යවන්න උපුලන්වන් විශ්නු දෙවියන් විජය ඉදිියට ගියා ඒ මේ ලකට වන විනාශය වලක්වන්න.
*කුවේණිය විජය එක්ක පැමණිය අනෙකුත් හත්සියයක් දෙනාවම හිරකරගනු ලැබුවා. ඔවුන් නිදහස් කලේ යම් එකග තාවයකට පසුව මිස පරාජයකට පත්ව නොවයෙි.
*විජය රජුගේ මිත්තණිය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. ගැමුනු රජුනි සිංහයෙකු සමගින් විවාපත් වීම ගැන ඔබගේ අදහස විමසන්න. විජය රජුගේ මිත්තනිය කැලැය තුල යමින් සිටියදීයි මේ සිංහයාට හසු වන්නේ.. ඒ සිංහයකු ම විය හැකිද නැතිනම් සිංහයෙකු මෙන් මිනිසෙකු විය හැකිද ? ඒසේ නම් රජුනි සිංහ මිනිසුන් සිටියෝ කොහිද ?
* ඊට පරෙ බුදුන් වැඩි සමයේ පැහැදිලිවම යක්ෂ නාග - රාක්ෂ- දේව ලෙසින් මහියංගියනය - නාග දීපය - කලයානය - සමනොල ලෙසින් ගෝත්‍ර සිටිය බව සිතට ගන්න
* ඔවුන් ඉතා දියුනු කොටස් බවත් නාග රජුන් දෙදෙනා මැනික් ඔබ්බවා වැඩදැමූ ආසන පවා භාවිතා කල බව සිහියට ගන්න
* බුදුන් වැඩිය පසු ඒ සිහි වීමට ස්තූප ඉදි කල බවත් ඒ සදහා ආවශ්‍ය තාක්ෂණයත් තිබුන බවත් සිතට ගන්න
* එපමනක්ද නොව අපි උපතින් හෙළයො – හෙලයොන්ගෙත් යක්ෂ නම්..
ඒ හැර දේව රාක්ෂ නාග ගෝත්‍ර වලත් වෙන්නත් පුලුවන්.
මුලින්ම යක්ෂ ගෝත්‍රිකයන් සිටිය මහියංගනයට. එහිදි තමයි සමන් කියන දේවතාවා සෝවාන් වුනේ …
ඊටත් පස්සේ නාගයො හිටිය ස්ථාන ද්විත්වයක් නාගදීපය සහ කැලණිය සිවුවෙනියාට දේව ගෝත්‍රය ජීවත් වුනාකියන ශ්‍රිපාදය ට …. !!
ගෞතම කියන්නෙ උන්වහන්සේගේ නාමය..!!
බෞද්ධ බෝ සත් කියන්නෙම බුද්ධිමත් – අවබෝධයට පත් කියන එක, බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් ……
-------------
හොදින් විමසා බලන්න ප්‍රඥාවන්ත වන්න රජුනි..!
බුදුබව ලබන්නේ වෙසක් පුර පසලොස්වකයි,
පොසොන් ඇසල දෙමාසයකට ආසන්න කාලයක් සත් සතියය යැයි අප අසා ඇත්තෙමු. නිකිණි මස වස් කාලය ආරම්භයයි. තෙමසක් එනම් නිකිනි බිනර වප් මාස තවුතිසාවේම වැඩ සිට සංකස්ස පුරයට නැවත වැඩම කරන ලදී.
ඉල් පොහොයේදී ප්‍රථම රහත් හැට නම ධර්ම ප්‍රචාරය ආරම්භ කරන ලදී ඒ උදුවප් පොහොය දක්වාම දිගින් දිගටම පවතිත්දී තවත් දහම් දේශනාව කල යුතු ස්ථාන තිබිය හැකි වුවත්
" බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් " වන ගෞතම බුදු දහම කලගුණ සැලකීම අනුව යමින් තම ගුරුවන් සොයා බලා ඊලගට තම උපස්ථායකටන් ඇතුලු පිරිස නිවන් මග ගමන් කරවා තවුතිසා දිව්‍ය ලෝ තලයට වැඩම කොට බුදු දහම එහි පතුරුවා ඉන් අනතුරුව දඹදිව පුරා හැට නමක් පිටත් කර හැර...
මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඊලග මූලික කාර්යය ලෙසින් තොරාගත්තේ මේ හෙළ ද්වීපයයි. බුදුන් වහන්සේ මේ හෙල ද්වීපයට වැඩම කරන්නෙ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ..
නවය එතනත් විශේෂයි රජුනි..එතනත් විශේෂයි
ඉදින් මේ හෙළයට , ලකට කාශ්‍යප බුදුන්වහන්සේගේන් පමණක් නොව ගෞතම බුදුන්ගෙන් පවා අගය කිරීමක් ලැබුනා රජුනි..
ධර්මය තෝරා බේරාගෙන අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසිය හැකි විශාල පිරිසක් මේ ලක තුල එදත් සිටියා අදත් සිටිනවා..!!!
+ ඉතාමත් විශ්මය ජනකයි ථේරපුත්තාභයනි !!!! මේ හෙල දෙරණත් ගෞතම බුද්ධ ශාසනයත් රැකීමට මා හට සිතේ පෙරට වටා ශක්තියක් භක්තියක් ගොඩ නැගී තිබේ..! නුඹට පිං ..!
====================== කුරුළු ===

දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/29/dasis-18/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment