Thursday, July 5, 2018

===== දසිස් 07 =====


( සයවන කොටස හා සබැඳි )

==============================
+ හ්ම් වන්නක්ම වේවා ..! බුදු දහමට සෙත් ක්ෂාන්තියක් වේ නම් මගේ ගැන කමක් නැත..
– ඒ දිවුරා කියමි.. කොපමණ කාලයක් මේ හෙල ද්වීපයේ බුදු සසුන මුල් බැස රැකෙන්නේද
ඒ තාක් කාලයම නුඹ වහන්සේගේ ශ්‍රී නාමයද ඒ හා බැඳීපවතින්නෝමය… අනාගත වැකියක් කියමි…
+ කිමෙක්ද ??
– යුද්දයෙන් පසු බුදු දහම උදෙසා නිමවෙන ලේ හෙල ද්වීපයේ මහා වැඳූම් පිදුම් ලබන්නාවූ අසිරිමත්ම නිමැවුමක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම අරඹන්නෝ ඔබය.
+ ජය වේවා…. ! ඉදින් අශෝක සමයේ නුඹ තතු කෙසේද පවසනු ..
– මෙ වන විට ඔවුන් අප හදුන්වන්නේ නම නොදත් අභිරහස් නව දෙනා ලෙසිනුයි…. !
+ ඒ ඇයි………
======================= එතැන් සිට
– ඒ හැටිය. යුද්ධයෙන් පසු එක් වූ නිසාවෙනි. බාගදා අප යුද්ධයට හවුල් වූවානම් අපගේ නාමයන්ද ඉසිහාස ගත වනු ඇති.
+ එසේනම් මේ යුද්ධයෙන් පසු ?
– නුඹගේ නාමය පවතින තාක් කල් අප නාමයද පවතිනු ඇත. ඒ ඒකාන්තයි
+ නම නොදත් නව දෙනා … හ්ම් ….
– එසේයි.. මහා යුද්ධයකින් පසුව රටක් තුල පැන නගින ගැටළු බොහෝයි.
+ ඒ කිමෙක්ද
– පවසමි. නුඹද ඒ දැන සිටීම වටනේය රජුනි.
+ එසේය
– යුද්ධය පවතින කාලයේදීනම් වැසියා ඒ ඉවසා සිටිනු ඇති , තමන් සතු ශ්‍රමය , ධනය , බලය කැප කරමින් වෙහෙස වෙමින් උදවු උපකාර කරන්නෝය.
නමුත් යුද්ධය නිමා වු පසු දින සිට ඔවුන් තමන්ට වු අලාභ ගැන බලති, යුද්ධයෙන් පසු තමාන්ට ලැබුනේ කුමක්දැයි සොයති,
එයින් පසු හේවායන්ව සිටියවුන් ගම් වැදී කර්මාන්ත ආරම්බ කරන්නට සිදුවේ.
+ හ්ම්
– ටික කාලයක් යත්ම තම තමන්ට ඒ එ වෘත්තීන් මගින් ජීවතිය අසීරු වූ තැන්හී අතරමැදදි මංකොල්ලා කෑම්, පැහැර ගැනීම් , කලකෝලාහල ඇති වීම සිදුවේ.
+ අහෝ.. යුද්ධය…
– දේශාන්තර යුද්ධයකට වඩා මේ වැසියා තුල නැගෙන යුද්ධය භයානකය. එවිට අහිමි වන ජීවිතද , පිරිහෙන සෞඛ්‍ය,
ආරක්ෂාව, අධ්‍යාපනය, ධන ධාන්‍ය, ආගම ආදී විවිද පැති කඩ ඔස්සේ දිවෙයි. පාලනය අසීරුය. වැසියා යුද්ධයෙන් පසු , තම රජුගෙන් ඉන් එහාට වූ යැපීමද බලාපොරොත්තු වේ.
චණ්ඩාශෝක රජු මුහුණ දුන්නේ එයටය.
+ අවාසනාවක් මය… මේ යුද්ධය
– අවාසනාව එය නොවේ රජුනි.. යුද්ධයෙන් රජෙකු හට තම සිත තුලම ඇති වන්නා වූ කල කිරීමයි
+ ඒ ඇයිද, දිනීමක් නම් සුතුටු විය හැකිය.
– අශෝක රජු යුධයෙන් නැසුවේ තම සොයුරන් අනූ නව දෙනාවය. ඉතිරි කලේ තම සොහොයුරු පමණකි
+ චණ්ඩාශෝක …………. බල කාමය……
– එසේ විය හැකිය. කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය රජුනි.. බල කාමය, රෑප කාමය, මද කාමය, ධන කාමය, රති කාමය ආදී කී නොකී සියළු දැ කාමයන්මය…
එහි වරදවා නොහැසිරිය යුතුය.
+ හ්ම් දනිමි… සිතමි..
– යුද්ධයක් දිනූවත් තම සොහොයුරන් ගේ මල කඳන් මතින් නැගෙන මතකයන් නිතර නිතර කියැවෙන ඔවුන්ගේ නාමයන්,
රාත්‍රියට සිහිනයෙන් පෙනෙනා නිරන්තර පෙනී නොපෙනී යන ඔවුනගේ පලි ගන්නා ආත්මභාවයන් වෙළාගෙනද අනතේ අතින්
රට තුල ඇති අස්ථිර භාවයද දිනාගත් කිරුල කවුරුන් හෝ ඩැහැ ගනීවීයැයි බියයෙන්ද චණ්ඩාශෝක රජු කර කියා ගන නොහැකිව වල්මත්ව සිටියෝය.
+ බලය උදෙසා වූ යුද්ධයක් නම් අවැසි නැතියි මට සිතී බොහෝ කල්ය. එහෙත් මේ රට රැකිය යුතුය දහම රැකිය යුතුය..
– අශෝක රජුගේ අවස් මහා යුද්ධ වූයේ කාලිංගය යටත් කර ගැනීමයි. එහිදී ගිණිය නොහැකි තරමේ තරමක් දෙනා මිය ගියහ ,
ආබාධිත වූහ, රෝගාතුර වූහ, අවතැන් වූහ…. දිනෙන් දින රජුගේ කල කිරීම වැඩි වත්ම
ගෝතම බුදු දහමද පිරිහෙන්නට පටන් ගැනුනි. එවැනි වූ අවධියකය අප දස දෙනා එහි පෙනී සිටියේ…
+ එය සිදු වූ සැටියෙන්ම පවසන්න .. රසවත් යැයි දනිමි.
– එය කල නිග්‍රෝධ නම් වීමි….සාමණේර අවිධියේ පසුවීමි..ඇතුලු නුවරත් පිඩුසිගා වැඩීමි..
මාලිගය ආසන්නයේ දී දානය පිරිනැමුයේ එහි මුළුතැන් ගෙයිනි. ඒ සිරිතකි. කෂාය වස්ත්‍ර ධාරීන් / පූජකයන් සඳහා මාලිග මුළුතැන් ගෙයින් පිඩු ලැබේ.
+ හ්ම්
– සත්වෙනි දින අශෝක රජු ඉහල මාලයක සිට නිග්‍රෝධ සාමණේරයන් දැක දානය පිරි නැමීම උදෙසා මාලිග ඇතුලට කැඳවන ලදී.. එහි ගියමෙි.
රජු සාමණේරයන් වහන්සේ වැඳ පිළිගෙන රාජ සභාව තුල ඇති තමන්ට සුදුසු අස්නක හඳගනු මැනවැයි ආරාධනා කලේය.
ඒ එලැඹියේ ගණින ලද සුභ ලකුණුද , රාශී චක්‍රයද ගැලපෙන මුහුර්තයයි.. ගෝතම අනුගාමිකයන්වහන්සේ කෙනෙකුට තරම් ලෙස එහි වූහේ සිංහාසනය පමණි… එහි හිඳගතිමි…. !!
+ එවිට අශෝක රජු..
– රජුනි…! සුභ ලකුනු , රාශී, තත් කාලය අනුව බලා පිඹිමකින් ඇතෙකු වුවද දණ නැම්මවිය හැකිය..
ඒ ඊට සුදුසම වේලාවයි.. අශෝක රජුගේ ජීවිතකාලයේ ලියැවී තිබු ස්වර්ණමය මොහොතයි….
නීග්‍රෝධ වූ මා එය ප්‍රයෝජනයට ගතිමි. රජු ඒ අසලින්ම බිමින් හිඳගති..
+ පසුව..
– දානය පිළිගන්වා, දානාවසානයේදී ධර්ම කරුනු විචාරන්නට විය..
+ දිගු ධර්ම දේශනාවක්ද ?
– නැත, ධම්ම පද ගාථාවකි..
“අප්ප මාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා නමීයන්තී – යේප මත්තා යථා මතා”
+ අර්ථය
– මහරජ… පමා නොවූ අය අමෘත පදය ලබන්නේය. පමා වූ තැනැත්තා ඉක්මනින් මරු කරා යයි.
නොමියන අය නම් අප්‍රමාදව පින්කම් කරන අයයි. පමාවූ අය ජීවත් වුවත් මැරුණාක් මෙනි…!
+ සාධු සාධු සාධු
– බල කාමයෙන් මද කාමයෙන් මත් වී හෙම්බත් වී සිටි අශෝක රජු තුල වූ ඡණ්ඩය යටපත් කොට ධර්මය ඉස්මතු කරගැනීමට හැකිවිය.
+ තේරපුත්ථාභයනි නුඹ පවසන්නේ ඒ එක ගාථාවකින් අශෝක රජුන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වෙත පැහැදුනු බව ද ??
– එසේය ගැමුනු රජුනි.. ” හොඳ අශ්වයෙකුට කසයේ හෙවනැල්ලත් ඇති.. හේ නිසි මග යන්නෝ ම ය.. !!
+ ඉන් පසුව… !
————————– සෙස්ස පස්සට
—කුරුළු—
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )

No comments:

Post a Comment