Friday, June 7, 2013

== අනේ තවව ටිකකින් හිනා වෙලා කතා කරන්න -ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න ==

.
සීයා බොහෝ වේලාවට උන්නෙ තනිවමය.
කිසිදිනක සිගරට් උරා නැත.. කිසි දිනක මත් වතුර බී නැත කිසි දිනක විටක් කා නැත.. මා ආදරයට සීයා ලෙස නොව "අත්තා " යැයි ඔහුව හැඳින්නුවෙමි.. ඒ මගේ අම්මාගේ අප්පචීටත් වඩා වයසක පාටක් තිබුණු නිසාය..
අත්තා මා කුඩා කාලයේදී මා බැලීමට ආ ආකාරය මට හොදට මතකය..
එහෙත් ඔහු හා හුරතල් වූ ආකාරය නම් මතක නැත.
ආපසු යන විට ගේ ඉස්සරහ වූ බස් නැවතුම් පලේ ඔහුගේ ඇගිල්ලක එල්ලී සිටියා මතකය..
අත්තා එදත් අද වාගේම හැඩරුව විය.. කෙස් සුදුයි.. දෙකනේ මවිල්ය.. මා දන්නා ආකාරයට මාගේ මල්ලි "‍වෙෆයෙර්" (wayfarer glasses) පැළුවද ඒ මොස්තරය මා මුලින්ම දුටුනේ අත්තාගෙනි.. අවසන් මොහොත තෙක් ඔහු ඒ ජාතියම පාවිච්චි කලේය.
අත්තා කොතැනකදීවත් උඩු කය නිරුවත්ව දැක නැත්තෙමි ගෙදරට පවා මේස් බැනියමක් හැඳ උන්නේය.. ඒ මා මේනම ඔහුද කෙට්ටු නිසා වන්නට ඇති..
නැත්තම් ඒ පුරුද්දට වෙන්න ඇති..
අත්තා කිසි දිනක වැඩි කතා නැත.. නිතරම කල්පනාවේම පසුවුනි.. හාන්සිපුටුවට වී මොනවා කල්පනා කරනවාදැයි කිසි දිනක කා එක්කවත් කියා නැත..
තනිව සිතා තනිව ගිල ගනී..
අත්තාට ළමයි හතර දෙනෙකි.. ලොකු අප්පච්චි - මගෙ අප්පච්චි - ලොකු නැද්දි සහ පොඩි නැන්දීය.
හතර දෙනාම තමන්ට පුලුවන් විදිහට රැකබලා ගත්හ.
අවසාන වතාවේදී " පුතේ අත්තාට අමාරුයි " ඉස්පිරිතාලෙට අරන් යන්න වෙයි - අත්තම්මා ඉල්ලීමක් කලාය..
කඳු පල්ලමක ජීවත් වූ අත්තාව ඔසවාගෙන යාමට මට බැරි විණ.. එහෙත් එතැන් සිට අත්තාව රොහලේ නතර කර සියලු වැඩ කටයුතු අවසන් කරන තුරු මට සිටීමට හැකි විය...
ඊට දින දෙකකට පසුව අත්තා හුස්ම ගැනීම නතර ‍කලේය...
මට ඒ එතරම් නොදැනුනේ මා කොළඹ හැදී වැඩුනු නිසාද ජීවිතය තේරුම් ගත් නිසාදැවි නොදන්නෙමි..
එහෙත් මා මෙය කියමි.. මට කරුණු කාරනා මතක කාලයේ සිටම අත්තා ලෙඩිනි.. එය කරුම ලෙඩක්මය.. ඒ අත්තා කල්පනා කිරීම නිසා හටගත් චර්ම රෝගයකි..
අත්තා කිසිවක් ලොකු අප්පච්චීටවත් - මගෙ අප්පච්චීටවත් පවසා නැත..
මට මා ගැන පුදුම සිතේ වෙලාවක සතුටු වෙමි මම කල්පනා කරන දේ මෙසේ ලියා තැබීම මනසට කොයි තරම් නිදහස්ද යැයි සිතේ...
අත්තාගේ අවසන් කාලෙය්ද මතක ශක්තිය නොසිඳී පැවතුනි.. ඒ ඔහු අසලට යන ඕනෑම කෙනෙකුන් හඳුනාගත් නිසාවෙනි..
මා අත්තාව ඇසුරු කර ඇත්තේ බොහොම ටික කාලයකි ඒ මම කොළඹ ජීවත් වුන නිසාවෙනි.. එහෙත් අත්තා මට පණ මෙන් ආදරය කලේය..
ඒ ඔහුගේ පරම්පරාවේ.." උරුමක්කායා " වැඩමල් මුණුබුරා මම වු බැවිනි.. අත්තාගේ අවසන් දවස් කිහිපයේදි මට හැකි අයුරින් ඔහු හා සිටියෙමි..
මාගේ දිනපතා භාවනාවේදී පවා නිරසුරු ඔහුට සුවයම පැතීමි...
එහෙත් මා කොතරම් සාධාරණදැයි මා දන්නේ නැත...
අත්තාගේ සත් දවසේ බණ ලබන සදුදාද දානය අගහරුවාදට යෙදී ඇත.. ඊටද සහභාගී විය යුත්තේය..
අත්තා මිය ගියත් ඔහු ගැන නොලියා බැරි නිසා මෙය ලීවෙමි..
අත්තාගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහු ගැන ගුණ කථනයක් කිරීමට මා හ‍ට පැවරීමට යෝජනා වූයෙ මා පරම්පරාවේ අයිත කරු බැවිනි...
එහේත මා ඊට සුදුසු නැත " මා අත්තාව නොහදුනන්නෙක්මි " ..
අදද දුක්වෙමි.. මම එතැනින් පැන දිවුවෙමි...
අත්තා ඉස්සර හාන්සි පුටුවේ වාඩි වී කල්පනා කල දේ වත් මට කිවුවානම් ????????
දැන් සියල්ල හමාරය.. කළයුත්ත කළ යුතුය...
--බොහෝ නෑයන් මළගෙදරදී පැවසූ පරිදි අත්තා පරම්පරාවට කියා දේපළ කිසිවක් ඉතරි කර පුතුන්ට හෝ මුණුබුරන්ට දී නැත--
ඒකට කමක් නැත..
අත්තා මට " හේරත් මුදියන්සේ " නම දී ඇත.... ඊටත් වඩා මට මගේ අප්පච්චීව දී ඇත.. ඒ හොඳටම ඇත... මට ඇත්තේ ඒ රැක ගැනීමයි සිතමි.. !!
--හේරත් මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩා ලෙස අවුරුදු 82 ක් පෙනී මගේ ම අත්තාණෙනි " නුඹ මට කලින් නිවන් අවබෝධ කර ගනිත්වා......---
--මුණුබුරා--
---කුරුළු නිස්කලංක ---

2 comments:

  1. සීයේ ඔබට නිවන් සුව ලැබේවා....!!!

    ReplyDelete
  2. සීයේ, ඔබට නිවන් සුවයම ලැබේවා..!!

    ReplyDelete